Sunday, August 6, 2017

මළ මුහුද

              මුහුදු මට්ටමෙන් ඉතාමත් පහළ ස්ථානයක පිහිටි, අධික ලුණු සාන්ද්‍රණයකින් යුත් කිසිම ජීවියෙක් නැති මළ මුහුද ගැනයි අපි මේ ලිපියේ කතා කරන්නේ. ජිවයක් නොමැති මුහුද හෙවත් මළ මුහුද පිහිටා ඇත්තේ නැගෙනහිර ජෝර්දානයට මායිම්ව හා බටහිරින් ඊශ‍්‍රායාලයට මායිම්වයි. මීට වසර සිය ගණනකට පෙර මිනිසුන් මෙම මුහුද දුගඳ මුහුද, යක්ෂයාගේ මුහුද සහ තාර විල යන නම්වලින් හඳුන්වනු ලැබුවා. 
          
         මෙය පෘථිවිය සතු අද්වීතිය ස්ථාන වලින් එකක් වශයෙන් සැලකෙන අතරම, මෙම මුහුද අධික ලවණ තාවයකින් යුක්තය. එය සාමාන්‍ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයෙන් වැඩිය. එනම් අන් සාගරවලට වඩා දළ වශයෙන් 8.6ක ගුණයකින් මෙහි ලවණතාව වැඩි බව සඳහන් වේ. මේ මුහුද වර්ග කිලෝමීටර 41650 ක් දක්වා පැතිරිලා තියෙනවා. මෙහි දිගම ස්ථානය කි.මී 67 ක් විදියටත් පළලම කි.මී 18 ක් ලෙසත් සටහන් වෙනවා. මෙහි උපරිම ගැඹුරු ස්ථානය මීටර 118 වනවා. ඒ වගේම මෙහි වෙරළ තීරය කිලෝමීටර කිලෝමීටර 135 ක් දිගින් යුක්ත වනවා. මෙම මුහුදේ සෝඩියම් ක්ලෝරයිඞ් හා වෙනත් ලවණ සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගුය. 

         

           මෙහි කිසිඳු ජීවියෙකුටවත්, පැළැටියකටවත් ජීවත් විමට නොහැකිය. ඒ අධික ලවණතාව නිසාය. ජීවින් ජිවත් නොවීම නිසාම මෙයට මළ මුහුද යන නම ද ලැබි ඇත. මළ මුහුදට සම්බන්ද ප‍්‍රධාන අතු ගංඟාව වශයෙන් ජෝර්දාන නදිය පිහිටා ඇත. මසුන් දස දහස් ගණනක් මළ මුහුදට යොමු වූවත් ඒ එකදු සත්වයෙකුට මෙහි අධික ලවණතාවය නිසා ජීවත් වෙන්න බැහැ.මෙම මුහුදේ පවතින අධික ලවණ ගුණය නිසා මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය. පිහිනිමට නොහැකි පුද්ගලයෙකුට වුව ද මළ මුහුදේ දී ගිලිමකින් තොරව පාවිමට හැකි බව කියවේ. 
               
            එමෙන්ම මෙහි මඩවලට ඖෂධීය ගුණයක් ඇති බවට පිළිගැනිමක් පවතී. ඒ නිසාම අතීත රජවරු සහ රැජිණියන් ද තම නීරෝගි බව රැක ගැනිමට මෙම මළ මුහුදු ජලය සහ මඩ භාවිතා කළ බව සඳහන් වේ. පරිසරයේ ඇති දූවිලි, මල් රේණු වගේ දේවලින් ආසාත්මිකතා ඇතිවන පුද්ගලයන්ට මෙන්ම ශ්වසන රෝග හා සමේ රෝග තිබෙන පුද්ගලයන්ට මේක හොද වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙනවා. 


Saturday, August 5, 2017

ජායාරූපගත කිරිමේදී අනාවරණයේ වැදගත්කම.

           ජායාරූපගත කිරීමේ දී වැදගත් වන තවත් කරුණක් වශයෙන් අනාවරණය පෙන්වා දිය හැකිය. එය Exposing වේ. කැමරාවේ පටල පටය හෝ සංවේදකය වෙත පිළිබිඹුව පතිත වන්නට සැලැස්විමේ ක‍්‍රියාවලිය වේ. එහි පතිතවන ආලෝකයෙන් රූපයේ දීප්තිය තීරණය වන නිසා අනාවරණයේ දී ආලෝක පාලනය අවබෝධයෙන් කළ යුතුය. එයට පටල කැමරාවල කාච විවරය සහ කැමරා ද්වාරය භාවිතා වන අතර අංකිත කැමරාවල මීට අමතරව සංවේදකයේ සංවේදීතාව ද ඉවහල් වේ.

  • කාච විවරය /අංකය

           මෙයින් කැමරාව තුළට ආලෝකය ගැනීම පාලනය කරයි. මෙහි විවරය කුඩා වන විට ආලෝකය අඩු වී ක්ෂේත‍්‍ර ගැඹුර වැඩි වේ. විවරය කුඩා කිරීමට f අංක අගය විශාල කිරීමට ද, විවරය විශාල කිරීමට අගය අඩු කිරීමට ද සිදු වේ.
            


  • කැමරා ද්වාරය / Shutter

            මෙය ද ආලෝකය පාලනය කරන්නකි. මෙහි වේගය තත්පරවලින් වේ. මෙය අංකවලින් මෙන්ම අක්ෂරවලින් ද දක්වා ඇත.
        

                 P A T B    30 15 8 4 2 1   0   2 4 8 15 30 60 128 250 500 1000 2000

                               තත්පරය                          තත්පරයෙන් පංගු


 P - අභිමත කාලය (ද්වාරය ඇරිපවතින වේලාව)
 A - අභිමත කාලය විවෘත කිරීම හා වැසීම දෙවතාවක් සිදු වේ.
 T - ස්වයංක‍්‍රීය ද්වාර වේගය.
 B - වැඩසටහන්ගත


මේ ආකාරයට Shutter එක ඇරී පවතින වේලාව අනුව ආලෝකය කැමරාව තුළට පැමිණිම සිදු කරයි. මෙය අනාවරණය වේ. මෙය රූපයේ පැහිදිලි බව හෝ අඳුරු බව තීරණයට වැදගත් වේ. අඳුරු ජායාරූපයක් ගැනීමට නම් මෙය අවශ්‍ය නොවේ. 

           ඒ නිසාම ජායාරූපයක් ගැනිමේ දී මේ පිළිබඳව දැනුවත්ව සිටිම ඉතා වැදගත් වේ.
ජායාරූපගත කිරීමක දී මානනයේ වැදගත්කම

          ජායාරූපගත කිරීමකදී මානනය හෙවත් Aiming යනු රූපය ගන්නා ආකාරය තිරණය කිරීමයි. මේ අනුව පුද්ගලයා ජායාරූපයක් ගැනිමට ප‍්‍රථමව එය ගන්නා ආකාරය සිතා බැලිය යුතුය. මෙය ආකාර දෙකකට සිදු කළ යුතුය. එනම්,

  • කැමරාවේ පිහිටුම
  • කැමරාවේ සිරස්, තිරස් ආනතභාවය


යනාදි යයි.

          කැමරාවේ පිහිටුම යනු දෘෂ්ටි කෝණ යයි. අප ජායාරූපයක් ගැනීමේ දී විවිධ කෝණ භාවිතා වේ. මෙම දෘෂ්ටි කෝණය ජායාරූපයේ සාර්ථක, අසාර්ථක භාවයට බොහෝ සෙයින් බලපෑම් කරන ලද්දකි. මේ අනුව ජායාරූපගත කිරීමක දී ප‍්‍රධාන වශයෙන් කෝණ වර්ග 3ක් පවතී.

  • උස්කෝණි රූප / High Angel 

          උස්කෝණි රූප යනු හොඳින් වටපිටාව ස්ථානගත වන රූප වේ. පිහිටිමක්, සැලැස්මක් පෙන්වීමට මෙම කෝණය බොහෝ විට භාවිත වේ. මෙහි පෙනී සිටින්නා පහළ ද, ජායාරූපය ගන්නා පුද්ගලයා ඉහළ ද සිටී.
උදා- සිතියම්

  • ඇස් මට්ටමේ රූප

          නිතර දකින හුරුපුරුදු රූප ඇස් මට්ටමේ රූප වේ. මිත‍්‍රත්වය. සමානාත්මතාව බඳු රූප මේ ඔස්සේ පෙන්නුම් කරයි. රූපවල අතිශෝක්තියක් නොමැත. මෙහි දී පෙනී සිටින්නා සහ ජායාරූපගත කරන්නා යන දෙදෙනාම එකම මට්ටමේ සිටී.

  • පහත් මට්ටමේ රූප / Low Angel

             මෙහිදී පෙනී සිටින්නා ඉහළ ද. ජායාරූපගත කරන්නා පහළ ද සිටී. අරමුණේ ප‍්‍රතාපවත් බව, හැඩි දැඩි බව පෙන්වීමට මෙම රූප ගනී.
උදා- පිළිම, පිළිරු

යනාදි යයි.


            කැමරාවේ සිරස්, තිරස් ආනතභාවය යනු ජායාරූපය ගැනීමේ දී කැමරාව තබා ගන්නා ආකාර යයි. මෙය රූපයට ගැලපෙන ආකාරයට තබා ගැනීම කළ යුතුය. නැතහොත් අරමුණ විකෘති විය හැකිය.


Wednesday, July 26, 2017

       ජීවිතය 
මිනිස්සු විරහව ගැන
කවි ලියනවා .....
ඒ තරමට ආදරය
ගැන කවි ලියවෙන්නේ නැහැ
නමුත් ලියවෙන කවි ඇතුළත
වේදනාව පමණි .....
මොකද .....
මිනිස්සුන්ට ලැබීම් ගැන
කියනවාට වඩා .....
නොලැබීම් ගැන කියන්න පුලූවන් .....
ඒත් ..... නොලැබීම් ගැන හිතමින්
දුක් වෙනවාට වඩා ලැබීම් 
ගැන සතුටු වෙලා
ජීවත් වීම වැදගත් .....

සබඳ
අතිනත පටලා කෙලි දොළින් ගෙවු
කාලය නිමා විය නොදැනීම ....
නමුත් ඔබත් .... මමත් අදටත් එලෙසමය
ඔබ මට මවකි .... සොයුරියකි ....
යෙහෙළියකි .... ගුරුවරයෙකි ....
විටෙක තරහා වෙමින් .... යහලූ වෙමින්
ගෙවුණු කාලය අදින් නිමා නොවනු 
ඇත ....
නමුත් ඔබ අලූත් සහකුරුවෙකු සමඟ
නව ලොවකට පියනගනු ඇත ....
නමුදු තබා ගන්න මතකයේ
සැමදිනකම ඔබයි මගේ සොහොයුරිය ....
යෙහෙළිය ....

වෙනස
          
          අද මට තියේවි .....
          එත් හෙට නැති වේවි .....
          හෙට උඹට තියේවි .....
          උඹටත් නැති වේවි .....
            සල්ලි .....
          
          අද මට තියේවි .....
          හෙටටත් තියේවි .....
          අද උඹට නැති උනොත් .....
          හෙට උඹත් නැති වේවි .....
             මනුස්සකම .....

Friday, July 21, 2017

ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender)

          ඕනෑම සමාජයක පුද්ගලයින් අතර කුල, ආගමික, ජාතිය, වර්ණ භේදය හා ලිංගිකත්වය ආදිය පදනම් කරගෙන එක් කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායම් විෂම ආකාරයට බෙදා අසමාන ලෙස සැලකීමක් දක්නට ලැබේ. මෙම විෂමතාවන් (Inequality) පදනම්ව සමාජය තුළ සමාජ ස්තරයන් (Social Stratification) ගොඩ නැගේ. මෙවැනි විෂමතා අතර ලිංගික වෙනස අනුව ස්ත‍්‍රීන් හා පුරුෂයින් වෙන් කොට දැක්වේ. මෙම බෙදීම තිබිරි ගෙය තුළදීම සිදු කරනු ලබයි. මෙය ජීව විද්‍යාත්මක බෙදීමක් වන අතර සත්වයාගේ පැවැත්මට ද උපකාරී වේ. ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ශාරීරික වෙනසක් පවතී. ඒ අනුව ජීව විද්‍යාත්මක ( Biologicalලක්ෂණ තුළින් මොවුන් වෙන්ව හඳුනා ගනී. මේ තත්වය ප‍්‍රජනන කාර්යයයේදී මුලිත වේ. මෙලෙස ලිංගිකත්වය (Sex) යන්න ජීව විද්‍යාත්මක සහ ශාරීරික ලක්ෂණවලින් සමන්විතය.
          
             ලිංගිකත්වය ජීව විද්‍යාත්මක වන නමුත් ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender) සාමාජීය හා සංස්කෘතික සාධක අනුව තීරණය වේ. මෙහිදී ජීව විද්‍යාත්මක සාධකවලට වඩා ඒ ඒ සමාජයන් විසින් පුද්ගලයන්ට පවරා ඇති ස්ත‍්‍රී - පුරුෂ චරිත ස්වභාවයන් වැදගත් වේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ කාර්යයභාරයන් (Gender Role) සමාජයෙන් සමාජයට වෙනස් වේ. මෙය පුමිතිරි භාවය ලෙස ද හඳුන්වයි. එනම් එම කාර්යයන් සමාජය හා සංස්කෘතිය විසින් පවරනු ලැබේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක වෙනස මත නොව සමාජය හා සංස්කෘතිය යන සාධක මත ඇති වුවකි. මීට අමතරව සාම්ප‍්‍රදායික විශ්වාස ද බලපෑම් කළ හැකිය.

          ලංකාව තුළ ගැහැණු දරුවෙකුගේ උපතට එතරම් කැමැත්තක් නොමැති අතර, පිරිමි දරුවෙකුගේ උපත සතුටට කරුණකි. මේ වෙනස දරුවන් වර්ධනයේ දී පවා අවධානයට ලක් වේ. ලිංගිකත්වය පදනම්ව සමාජානුයෝජන ක‍්‍රියාවලිය ද තීරණය වේ. මෙහිදී ගැහැණු දරුවන් ස්ත‍්‍රී ගති ලක්ෂණ අභ්‍යන්තරීකරණය කර ගන්නා අතර පිරිමි දරුවා පිරිමි ගති ලක්ෂණ හුරු කොට ගනී. මෙහි වගකීම පිළිවෙලින් මවට සහ පියාට පැවරේ. සංස්කෘතිය තුළින් ස්ත‍්‍රී - පුරුෂ චර්යා රටාවන් ගැන අදහසක් ලබා දේ. මෙය සමාජයෙන් සමාජයට ස්ත‍්‍රී - පුරුෂයන්ගේ ස්වභාවය අනුව වෙනස් වේ. ඒ නිසා බොහෝ සමාජ වල ස්ත‍්‍රී - පුරුෂ විෂමතාවයන් සමාජය තුළින් ඉස්මතු කොට ඇත. මෙය පදනම්ව මිනිසුන් අතර විඥානිකව හෝ අවිඥානිකව එම වෙනස්කම් අභ්‍යන්තරීකරණය කර ගනී. කුල, පංති, ජනවර්ග, වර්ණ භේදය, ආගමික වශයෙන් වෙන්ව හඳුනා ගන්නවා මෙන්ම ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ද වෙනස්කම් පදනම් කරගෙන ඉහළ පහළ තත්වයන් යටතේ ස්තරගත කිරීමක් දක්නට ලැබේ.

          මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක සාදක පදනම් කර ගෙන පවතින්නක් නොවන බවට පැහැදිලිය. මේ පිළිබඳව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය හා ඒ හා සම්බන්ධ මානසික හා සංස්කෘතික ලක්ෂණ ගැන පර්යේෂණ පැවැත් වු මානව විද්‍යාඥවරියක වන මාග‍්‍රට් මීඞ් (Margaret Mead) පෙන්වා දී ඇත. ඇය මේ පිළිබඳව නිව්ගිනියාවේ ගෝත‍්‍රික කණ්ඩායම් තුනක් ආශ‍්‍රීත ස්ත‍්‍රී - පුරුෂ කාර්යයන් ගැන අවධානය යොමු කරමින් පහදා දී ඇත. ඒ 

                 x අරපේෂ් (Arapesh)
                 x මුන්ඩුගුමාර් (Mundugomor)
                 x චම්බුල් (Thehambuli)

යන ගෝත‍්‍රයි. මෙයින් ඇය පෙන්වා දී ඇත්තේ කිසියම් සමාජයක පුරුෂයින් තුළ දැකිය හැකි පුරුෂයින්ගේ ලක්ෂණ යැයි පෙන්වා දෙන ලක්ෂණ තවත් සමාජයක ස්ත‍්‍රීන් තුළ දක්නට ලැබෙන බවයි.

          අරපේෂ් ගෝත‍්‍රයේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් තුළ දැකිය හැක්කේ සාමකාමී, ඉවසා සිටිමේ ගති ගුණයි. ඔවුන් අතර වෛරී ගුණ නොමැත. සහජීවනයෙන් යුක්තව ජීවත් වේ. ස්ත‍්‍රී - පුරුෂ භේදයෙන් තොරව කරුණාවන්ත මාතෘ ලක්ෂණ මොවුන් තුළ විය. මෙය ස්ත‍්‍රී ස්වභාවය වුව ද දෙපාර්ශවය තුළම වු බැවින් සමාන ලක්ෂණ සහිතය.

          මුන්ඩුගුමාර් පිරිස අරපේෂ් ගෝත‍්‍රයට වඩා වෙනස්ය. රණකාමී මොවුන් දෙපාර්ශවය තුළම තරඟකාරීත්වයක් සහ ආක‍්‍රමණශීලිත්වයක් පැවතිණි. සහයෝගයක් නොවු අතර දෙපිරිසම සැඩ පරුෂ ලක්ෂණ වලින් යුක්තය. කාන්තාවන් ද පිරිමින් මෙන් ගස් නැගීම, සතුන් පසු පස හඹා යාම, දඩයම සිදු කරන්නට විය. ඒ නිසාම කාන්තාවන්ට ද පිරිමින් මෙන් හැඩි දැඩි ශරීරයක් විය. මෙය පිරිමි ගති ලක්ෂණයක් වුව ද කාන්තාවන් තුළ ද පැවතිණි.

          චම්බුලි ගෝත‍්‍රය මාතෘ මුලික එකකි. මෙහි කාන්තාව වැදගත් වු අතර ගෝත‍්‍රයේ නායිකාව ද කාන්තාවක් විය. ඇය යටතේ පවුල පැවතුණි. පවුලට ප‍්‍රධාන ආදායම් උපයන්නිය ද ඇයයි. මසුන් මැරීම, දඩයම ඇයගේ කාර්යයන් විය. පරම්පරා උරුමය ද මාතෘ කේන්ද්‍රීයව සිදු විය. මේ අනුව අප සමාජයේ පිරිමින් කරනු ලබන කාර්යය යැයි සැලකෙන දේ මේ ගෝත‍්‍රය තුළ කාන්තාවන් සිදු කරන්නට විය. පුරුෂයින්ගේ කාර්යය වුයේ ගෘහ පාලනය හා සම්බන්ධ ඒවාය. ඒ අනුව මේ තුළ කාන්තා හා පිරිමි ගති අන්‍යෝනය වශයෙන් මාරුවීමක් දක්නට ලැබේ.

        මින් පැහැදිලි වන්නේ ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය සමාජයෙන් සමාජයට වෙනස් වන බවයි. පොදු වුවක් නම් ලොව සියලූ ස්ත‍්‍රීන්ට එක සමාන විය යුතුය. නමුත් කාන්තා හා පිරිමි කාර්යයන් වෙනස් වන්නේ එම සමාජයේ සංස්කෘතිය හා සාමාජීය ලක්ෂණ මතය. දකුණු ආසියාතික රටවල කාන්තාවන් සමාජයේ දෙවන පංතියේ වරප‍්‍රසාද භූක්ති විදී. බටහිර යුරෝපීය රටවල පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් සම මට්ටමේ වරප‍්‍රසාද ලබන අතර මාතෘ මුලික සමාජ ලෙස සලකන සමාජ වල කාන්තාවන්ගේ සමාජ මට්ටම් ඉහළ තත්වයක රැදී ඇත. 

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...