Saturday, June 10, 2017

අරුම පුදුම

          ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී ප‍්‍රථම වරට ලෝකයේ පුදුම හත නම් කරන ලදී. ඒ ඇරකෝසියාවේ සීඩන්හි වාසය කළ ඇන්ටිපේටර් නම් ග‍්‍රීක පඬිවරයා විසිනි. ඔහු විසින් නම් කරන ලද ලෝක පුදුම හත නම්,

මිසරයේ ගීසා පිරමිඩය
ඉරාකයේ බැබිලන්හි එල්ලෙන උයන
ඔලිම්පියාහි සියුස් දේව ප‍්‍රතිමාව
එපියුස්හි ආර්ටෙම්ස් දේවස්ථානය
හෙලිකානස්හි මෝසල්ස් ස්මාරකය
රෝඞ්ස්හි කොලෝසම් ප‍්‍රතිමාව
ඇලෙකිසැන්ඩි‍්‍රයාවේ ලොව ප‍්‍රථම ප‍්‍රදීපාගාරය

           මෙම ස්ථාන අතරින් වර්තමානයේ ඇත්තේ එකක් පමණි. ඒ මිසරයේ ගීසා පිරමිඩ යයි. අනෙක් සියලූ ස්ථාන ස්වභාවික විපත් වලින් මෙන්ම සිතාමතා සිදු කරන විනාශයන් නිසා ද අභාවයට පත් වී ඇත. 

         මේ නිසා වර්තමානයේ නව පුදුම හතක් නම් කර ඇත. අන්තර්ජාලය සහ දුරකථන මඟින් කරන ලද ජනමත විමසුමක් ඔස්සේ මෙය සිදු කර ඇත. මෙය ”භැඅ 7 උදබාැරි ත්‍දමබා්එසදබ” නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රර කොට ගෙන පිහිටා ඇති සංවිධානයක් මඟින් එළි දක්වා ඇත. ලොව පුරා පවතින 200 ක් තරම් වු සිහිවටන මෙයට යොදා ගෙන ඇත. ඒ අනුව 2001 සිට 2007 දක්වා විමසුම සිදු කොට ඇත. මෙයින් අවසාන වටයට ස්ථාන 20 ක් තේරිපත් වී ඇත. ඒ අනුව ජයග‍්‍රාහි සිහිවටන 7 ක් 2007.07.07 වන දින පෘතුගාලයේ ලිස්බන් නුවර දී එළි දක්වන්නට විය. ඒවා නම්,

ටජ්මහල් - ඉන්දීයා
මාවු පිචු නගරය - පේරු
චීන මහා ප‍්‍රාකාරය - චීනය
පෙට‍්‍රා නගරය - ජෝර්දානය
කොලෝසියම - ඉතාලිය
චිචෙන් ඉට්සා පුජනීය නගරය - මෙක්සිකෝව
ක‍්‍රිස්තූන් වහන්සේගේ ප‍්‍රතිමාව - බ‍්‍රසීලය
යනාදි යයි.

ටජ්මහල් 
          ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ අග‍්‍රා නගරයේ පිහිටා ඇත. මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ පස්වන පාලකයා වු ෂා ජහන් අධිරාජ්‍යයා ඉඳිකරවා ඇත. ඒ තමා අතිශයින් ආදරය කලා වු මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසුවයි. මෙය ඇය උදෙසා සිහිවටනයක් වශයෙන් ඉඳි කරවා ඇත. ක‍්‍රිස්තු වර්ෂ 1632 දී වැඩ ආරම්භ කර ඇති අතර වසර 22 ක පමණ කාලයක් වැඩ අවසන් කිරිමට ගත වී ඇත. ගොඩනැඟිල්ල සම්පුර්ණයෙන්ම කිරිගරුඩ ගලෙන් නිමවා ඇත.




මාවු පිචු නගරය 
          ක‍්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ගොඩනැගු ඉපැරණි බල කොටුවකි. ඉන්කාවරු විසින් මෙම බල කොටුව ගොඩනංවා ඇත. දකුණු ඇමරිකාවේ ඇන්ඞීස් කඳු මුදුනෙහි මෙය පිහිටා ඇත. මෙය ආගමික නගරයක් ද, සතුරු ආක‍්‍රමණවල දී පලා ගොස් සැඟවිමට සුදුසු ලෙස කඳු මුදුනේ සෑදු නගරයක් ද යන්න නිශ්චිත නිගමනයකට එළඹි නැත. ඉන්කාවරු මැචු පිචු බලකොටුව හැරදමා යන්නට ඇත්තේ ස්පාක්‍ද්ක්‍ද ජාතික හමුදා විසින් බෝ කරන ලද වසුරිය රෝගයෙන් බේරම සඳහා බව ද සැලකේ.

චීන මහා ප‍්‍රාකාරය 
          මිනිස් දෑතින් ඉඳි වු විස්මිත නිර්මාණයක් ලෙස මෙය සැලකිය හැක. ක‍්‍රිස්තු පුර්ව 700 දී පමණ වැඩ ආරම්භ වී ඇත. නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගොලියාවේ බටහිර සීමාව දක්වා විහිදි ඇත. මෙම ප‍්‍රාකාරයේ දිග කී.මී. 6400 ක් පමණ වන අතර චීන අධිරාජ්‍යයේ උතුරු සීමාවට නිරන්තරයෙන් එල්ල වු මොංගෝලියන් ආක‍්‍රමණවලින් ආරක්ෂා විම සඳහා මෙය ඉඳි කොට ඇත. මෙහි බැම්මේ කලූ ගල් අඩිතාලමක් මීටර් 12 ක් උසට ගඩොලින් නිර්මාණය කොට ඇත. ප‍්‍රාකාරය මුදුනේ මීටර් 4.5 පළල පාරක් වන අතර ප‍්‍රාකාරය දිගේ මීටර 180 න් 180 ට මුර කුලූණු සාදා ඇත. අතීතයේ මිලියනයකට අධික පිරිසක් මුර සේවයේ යොදවා තිබු බව සඳහන් වේ. මිනිසා විසින් නිර්මාණය කළ නිර්මාණ අතරින් චන්ද්‍රයාගේ සිට පෘතුවිය දෙස බැලූ කල දිස්වන එකම නිර්මාණය වන්නේ ද මෙයයි. 

පෙට‍්‍රා නගරය 
          ක‍්‍රිස්තු පුර්ව 312 දී පමණ ඉඳකිරිම් ආරම්භ කර ඇත. මෙය ඉතා දියුණු මට්ටමක පැවති නගරයකි. එයට හේතුව බටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස් හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙඳ මාර්ගයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීමයි. ක‍්‍රිස්තු පුර්ව 9 වන සියවසේ සිට ක‍්‍රිස්තු පුර්ව 40 දක්වා රජ කළ හයවන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අගනුවර පෙට‍්‍රා නගර යයි. කාන්තාර දේශගුණයකට ද මුහුණ දීමට හැකි වන පරිදි මෙය නිර්මාණය කර තිබීම විශේෂ වේ. එසේ ඉඳිකොට ඇත්තේ අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති නිසාය. මීටර් 42 ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන් ද හමුවී ඇත. එය රෝස පැහැති පාෂාණයෙන් නිම කරවා ඇත. ගෘහ නිර්මාණ ශීල්පයේ සුවිශේෂී ලක්ෂණයක් වන පිහිටි ගලෙහිම නිර්මාණය කරන ලද ගොඩනැඟිලි මෙහි දැකිය හැක.

කොලෝසියම 
          ක‍්‍රිස්තු වර්ෂ දී පමණ ආරම්භ වේ. සුවිසල් පේ‍්‍රක්ෂකාගරයක් වන මෙය ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස මෙය යොදා ගෙන ඇත. සතුට උදෙසා අමානුෂික ක‍්‍රිඩා මෙහි පැවැත් වු බව විශ්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් පිරිස්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා සටනේ යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට සඳහා යොදා ගෙන ඇත.


චිචෙන් ඉට්සා පුජනීය නගරය 
        මයන්වරු විසින් නිර්මාණය කර ඇත. ක‍්‍රිස්තු වර්ෂ 600 දී පමණ ඉඳි කිරීම් සිදු කර ඇත. කොළොම්බියානු ශිෂ්ටාචායට අයත් වේ. මෙහි පිහිටා ඇති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයත් ගන්නා අතර මීටර් 24 ක් පමණ උසැතිය. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4 කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් පඩි 365 ක් ඇත. මෙම පඩි වර්ෂයේ දින ගණනට සමාන වීම විශේෂ කරුණකි. ක‍්‍රිස්තු වර්ෂ 750 - 1200 දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානය වුයේ ද මෙයයි.


ක‍්‍රිස්තූන් වහන්සේගේ ප‍්‍රතිමා 
      
          බර ටොන් 635 වන මෙම ප‍්‍රතිමාවේ උස මීටර් 38 කි. මෙය බ‍්‍රසීලයේ රියොද ජෙනයිරෝ නුවර ඉඳිකර ඇත. මෙහි ක‍්‍රිස්තු වර්ෂ 1931 දී පමණ ආරම්භ කර ඇත. 

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...