Thursday, June 1, 2017

LGBTIQ ප‍්‍රජාව


හැඳින්වීම
මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවත එන ලිංගිකත්වය පුද්ගල අවශ්‍යතාවයත් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම ලිංගිකත්වය යනු සමාජයේ වැඩි අවධානයට ලක්වන මාතෘකාවකි. මෙම මාතෘකාව පිළිබඳව ලාංකීය සමාජය තුළ කතා කිරීම වැරද්දක් ලෙස සලකණු ලබයි. නමුත් මෙම මාතෘකාව කතා බහට ලක් කළ යුතුය. ලාංකීය සමාජය තුළ මේ පිළිබඳව ඇති නොදැනුවත් භාවය ඇතැම් විට ඒ පුද්ගලයින්ව ගැටලූ වලට පත් කරනු ලබයි. නමුත් හුදෙක් මිනිසා මෙය තුළින් සිදු කරනුයේ වින්දනයක් ලැබිම පමණකි. එමෙන්ම ඇතමුන් මෙම විෂය තුළ අසහනයට පත් වී ඇත. නමුත් මානව පැවැත්ම රැුදී පවතින්නේ මෙම තත්වය මතය. එමෙන්ම ලංකාව වැනි සංස්කෘතිය පෙරදැරිකර ගත් රටවල මෙය පිළි නොගනී. නමුත් එම පිරිස් ද සමාජයේ ජීවත් වේ. එමෙන්ම මෙම පිරිසට ද සමාජය තුළ පුද්ගල අයිතිවාසීකම් හිමි විය යුතුය. එම නිසාම මෑත කාලයේ දී සමලිංගිකත්වය සම්මත කරන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ද ඉදිරිපත් කරන්නට විට. එසේ වුව ද ඒ පිළිබඳව මෙතෙක් සම්මත කතා බහට ලක් වී නොමැත.

මේ තත්වය පිළිබඳව බටහිර රටවල ඇත්තේ වෙනත්ම මතයකි. ඇතැම් රටවල මේ සම්බන්ධතාවලට නීති්‍යානුකූල අයිතියක් ද ලැබි ඇත. එම රටවල මෙම විවහා චාරිත‍්‍රයන් ද අනෙක් විවහා චාරිත‍්‍ර මෙන්ම උත්සවත්ශ‍්‍රීයෙන් පවත්වනු ලබයි.  එමෙන්ම මැයි මස 17 වන දින ජාත්‍යාන්තර සමසෙනෙහස් භීතිකාව හා සංක‍්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය වශයෙන් ද නම් කර ඇත. 

ලංකාව තුළ ද මේ තත්වය දැකගත හැකි වුව ද මෙම සමාජය තුළ එය ව්‍යාකූල තත්වයකි. නමුත් විද්වතුන්ගේ මතය වන්නේ මෙම සියලූ පිරිස්වලට ද සමාජයේ සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බවයි.

එසේ වුව ද ලංකාව තුළ මේ පිරිසගේ මානස හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයන් ද දැක ගත හැකිය. ඒ අතර කොළඹ පිහිටි ඊක්වල් ග‍්‍රවුන්ඞ්  ආයතනය ප‍්‍රධාන වේ. සමලිංගික, ද්විලිංගික, සංක‍්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාවගේ ගැටලූ හමුවේ පෙනී සිටි. මෙම ආයනය මෙලෙස අනන්‍යතාවය වෙනස් වීම නිසා ශ‍්‍රී ලංකාවේ දුක් විඳින, පීඩාවට පත්වන, විවිධ අඩත්තේට්ටම්වලට ලක්වන ප‍්‍රජාව වෙනුවෙන් කටයුතු කරයි.    

ලිංගිකත්වය යනු
ලිංගිකත්වය යනු මිනිස් සංහිතිය ඇරඹුමේ සිට නිබඳ අවධානයටත් කුතුහලයටත් ලක්වන විෂය පථයකි. මානව ශිෂ්ටාචාරය ඇරඹුමේ සිට ඊට කිසියම් අලෙවි වටිනාකමක් ද ලැබි ඇති බව පෙනේ. ලොව ප‍්‍රථම වෘත්තීය වශයෙන් බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇති ගණිකා වෘත්තිය එළි දකින්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. මිනිස් සංහතියේ විකාශයත් සමග ඉතා සෘජු ලෙස සමාජ බද්ධ මාතෘකාවක් වශයෙන් පරිනාමය වු ලිංගිකත්වය ඉතිහාසයේ යම් යම් අවස්ථාවනිහි පූජනීයත්වයට පත් වු බව ද නිසැකය. මාතෘ මුලික ඉන්දු නිම්න ශීෂ්ටාචාරයේ මාතෘ දෙවඟන පිදීමේ ප‍්‍රධානතම සංකේතය ඇගේ යෝනියයි. පසුකාලීනව භාරතයේ පැවතී වෛදික පීතෘ මුලික සමාජයේ දී මෙම පුජනීයත්වය පුරුෂ ලිංගය වෙතට ආරෝපණය වී ඇත. ඒ ශීව ලිංග පුජාවයි. අද එය පරම පූජනීය වස්තුවක් බවට පත් වී ඇත. එමෙන්ම දරුවන් නැති කාන්තාවන් දරුවන් ලබා ගැනීම උදෙසා ශීව ලිංගයට පූජා පවත්වනු ලබයි. එම කාන්තාවන් ශීව ලිංගය කිරෙන් නාවා එම කිරි පානය කිරීමෙන් දරුවන් ලැබෙන බවට විශ්වාස කරයි.

ලිංගිකත්වය මත සමාජය තුළ ස්ත‍්‍රී - පුරුෂ භාවය වෙන් කර ඇත. මෙම ස්ත‍්‍රී - පුරුෂ භාවය නැවත ඔවුන් ඔවුන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාව මත ලිංගිකමය වශයෙන් බෙදා දක්වා ඇත. එම කොටස් පහත සඳහන් පරිදි බෙදා දැක්විය හැකිය. එනම්,

සමලිංගිකත්වය
          ස්ත‍්‍රී සමලිංගික (Lesbian)
      පුරුෂ සමලිංගික (Gay)
ද්වි ලිංගික (Bisexual)
සංක‍්‍රාන්ති ලිංගික (Transgender) 
අන්තර් ලිංගික (Intersex)
ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව (Questioning)

වශයෙනි. මෙම එක් එක් කොටස්වලට වෙන් වු ලක්ෂණ ද හඳුනාගත හැකිය. එමෙන්ම මෙම සියලූ ලක්ෂණ සහිත ප‍්‍රජාවන් අප සමාජය තුළ ද දැක ගැනීමට ලැබේ. නමුත් එය බටහිර සමාජයේ මෙන් ප‍්‍රසිද්ධව දැකගත නොහැකි වුව ද අප‍්‍රසිද්ධව පවතී. 

මෙම ලිංගික සම්බන්ධතා ලාංකීය සමාජය තුළ ව්‍යාකූල තත්වයක් වුව ද බටහිර සමාජයේ එසේ නොවේ. නමුත් විද්වතුන්ගේ මතය වන්නේ මෙම සියලූ සමාජ කොට්ටාශවලට ද සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බවයි.

සමලිංගිකත්වය
      සමලිංගිකත්වය යනු සමාන ලිංගිකයන් අතර ඇතිවන සම්බන්ධතාව යයි. මෙයින් පුරුෂයන් පුරුෂයන් අතර ඇතිවන ලිංගික සබඳතා මෙන්ම ස්ත‍්‍රීන් ස්ත‍්‍රීන් අතර ඇතිවන සබඳතා පිළිබඳවද සාකච්ජා කරයි. ඉංග‍්‍රීසි බසින් මෙය හඳුන්වන්නේ Homosexual යනුවෙනි. මෙය මානව ශිෂ්ටාචාය පුරා පැවති චර්යාවකි. අතීතයේ මේ පිළිබඳව සාකච්ජා කිරීම පවා වැරදි දෙයක් බව සැලකුව ද සෑම සමාජයකම සමලිංගිකත්වය රහසේ පැවත ඇත. නමුත් වර්තමානය වන විට ප‍්‍රසිද්ධියේ සාකච්ජා කළ හැකි විෂයක් බවට පත් වී ඇත.

     ළමා කාලයේ දී දෙමාපියන්ගේ ආදරය අහිමි වන දරුවන් සමලිංගික සබඳතා වෙත වැඩි නැඹුරුතාවක් දක්වන බව මනෝවිද්‍යාඥයින්ගේ අදහසයි. පියාගේ ආදරය අහිමි වු දරුවන් එම ආදරය ලබා ගැනීමට වෙනත් පිරිමින් හා එකතු වීම තුළින් මෙන්ම මවගේ ආදරය අහිමි වු දරුවන් එම ආදරය ලබා ගැනීමට වෙනත් කාන්තාවන් හා එකතු විමෙන් මෙම තත්වය ඇති වේ.

      ලංකාවේ සමලිංගික විවාහ තහනම්ය. නමුත් සමලිංගික විවාහ නීතිගත කර ඇති රටවල් ද ඇත. නමුත් සමලිංගික හැසිරීම් යනු අපේ සමාජයේ අසම්මතයකි. මේ ඇසුර සමාජයේ පිළිකුලට හේතු වී ඇත. ඉරානයේ, සෞදි අරාබියේ, යේමනයේ සමලිංගිකත්වය මරණ දඩුවමට යටත්ය. උගන්ඩාව, නයිජිරියාව, රුසියාව, ශ‍්‍රී ලංකාව ඇතුලූ රටවල් 77 ක් පමණ සමලිංගිකත්වයට එරෙහි නීති පනවා ඇත. මානසික කාරණාවක් වන මෙය කුඩා අවධියේ වන බලපෑම්, පවුල් ප‍්‍රශ්න නිසා ඉස්මතු වන්නකි. කුඩා අවධියේ දරුවන්ට ලැබිය යුතු ආදරය, රැුකවරණය නිවැරදිව නොලැබීම නිසා තරුණ වියට එළඹෙත්ම මෙවන් අසම්මත සම්බන්ධතාවලට යොමු වීම වැලැක්විය නොහැකි කාරණාවක් බවට පත් වී ඇත. සමලිංගිකත්වය උදෙසා ජාන, හෝමෝන සහ පරිසර සාදක බලපානු ලබයි. මෙය මනුෂය ලෝකය තුළ පමණක් නොවේ සත්ව ලෝකය තුළ ද දැකගත හැක.

      මනෝවිද්‍යාව තුළ මුල් යුගයේ දී සමලිංගිකත්වය අසාමාන්‍ය මානසික තත්වයක් ලෙසත් මානසික රෝගයක් ලෙසත් සැලකීය. 1905 සිග්මන් ෆ්‍රොයිඞ් විසින් රචිත Three Essayson the Theory of Sexuality ග‍්‍රන්ථය තුළින් සහ 1920 දී රචිත The Sychogenesis of acase of Homosexuality in a Woman  ග‍්‍රන්ථය තුළින් සමලිංගිකත්වය පිළිබඳ කරුණු විග‍්‍රහා කරයි. ඔහු මෙය මානසික ව්‍යාකූලතාවයක් බව දක්වයි. නමුත් මෙය මානසික ව්‍යාධියක් බව ඔහු නොකි යයි. එමෙන්ම මෙය මනෝ ලිංගික වර්ධනයේ දී මතු වන අවහිරතාවක් නිසා පැන නගින බව ෆ්‍රොයිඞ් විශ්වාස කරන ලදී. 

       ලිංගිකත්වය පිළිබඳ පර්යේෂකයෙකු වු ඇල්ෆ‍්‍රඞ් කිංසි 1943 - 1953 අතර කාලයේ දී Sexual Behavior in the Human male, Sexual Behavior in the Human Female නම් වු ග‍්‍රන්ථ දෙක රචනා කරන්නට විය. කිංසිට අනුව සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු සමලිංගික වේ. ඔහු මෙලෙස වර්ග කර දැක්විමට විරුද්ධ අතර ලිංගික දිශානතිය ස්ථායී නොවන බව පවසයි. යම් යම් සාධක මත මෙය වෙනස් විය හැකි බව ද ඔහු ප‍්‍රකාශ කර ඇත.

      1952 දී ඇමෙරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ කාර්ය සංග‍්‍රහයේ මානසික ව්‍යාධියක් ලෙස නම් කර ඇත. නමුත් ඒ පිළිබඳව පසුව සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුව 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන බව ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය සඳහන් කර ඇත. 1987 දී සමලිංගිකත්වය වර්ගීකරණයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් විය. එසේම 1992 දී ලෝක සෞඛ්‍ය සංවිධානය සමලිංගිකත්වය අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණයෙන් ද  කර ගන්නා ලදී.  

      ශ‍්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය දඩුවම් ලැබිය හැකි වරදකි. 1886 දී සම්පාදනය කළ දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 සහ 365් වගන්තීන්ට අනුව මෙය වරදකි. ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තියට අනුව යම් පුද්ගලයෙකු ස්වකැමැත්තෙන් සමලිංගික චර්යාවක හෝ එසෙත් නොමැති නම් සතෙකු සමග හෝ අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදෙන්නේ නම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත් විය යුතුය. බාල වයස්කරුවෙකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 නොඅඩු සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත් විය යුතුය. එසේම අපරාධයට යටත් වු අයට අධිකරණයේ අභිමතය පරිදි නියම කළ වන්දියක් ලෙවිමට සිදු වේ.

365් වගන්තියට අනුව යම් පිරිසක් ප‍්‍රසිද්ධ ස්ථානයක සමලිංගික චර්යාවල ස්වකැමැත්තෙන් යෙදේ නම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවිමට සිදු වේ. බාල වයස්කරුවෙකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවිමට සිදු වේ.මේ අනුව ලංකාව තුළ සමලිංගික චර්යාවක තම අභිමතය පරිදි අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව යෙදීම දඩුවම් ලැබිය හැකි වරදකි.

සමලිංගික චර්යා නිසා බොහෝ ලිංගික සම්පේ‍්‍රෂණ රෝග ව්‍යාප්ත වේ. ඒ අතර ඒඞ්ස් රෝගය සහ පෙටයිටිස් බී වැනි රෝග ප‍්‍රමුඛය. මෙම හේතුව නිසාම ඇතැම් යුරෝපා රටවල රුධිර පාරවිලනය සඳහා මොවුන්ගේ රුධිරය ලබා ගැනීම තහනම් කර ඇත. ඒඞ්ස් රෝගය මුල් අවධියේ දී වැඩි වශයෙන් සමලිංගික පුරුෂයින් අතර බහුලව පැවතුනි. මේ රෝගය වැඩි වශයෙන් දකුණු ආසියාව, අප‍්‍රිකාව, ලතින් ඇමෙරිකාව වැනි රටවලින් වාර්තා වේ. මෙයට හේතුව ලිංගාශ‍්‍රීත රෝග ව්‍යාප්තිය පිළිබඳව සාමාන්‍ය ජනයා අතර ඇති නොදැනුවත් බවයි. ඇතමුන් සමලිංගික චර්යා නිසා සමාජ රෝග බෝවන බව පවා නොපිළිගනී. බොහෝ සංස්කෘතීන් තුළ විරුද්ධ ලිංගික සබඳතාවල අවධානම සමාජගතවන තරමට සමලිංගික චර්යා නිසා වන සෞඛ්‍යමය අවධානය නොසලකා හරී.  

මේ පිළිබඳව ලියවුණු ගීතයන් ද ලාංකීය සමාජය තුළ දැක ගත හැකිය. එයට උදාහරණයක් වශයෙන් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ”ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි” යන ගීතය පෙන්වා දිය හැකිය. එහි මේ පිළිබඳව හොඳින් ප‍්‍රකාශයට පත්වන කොටසක් වශයෙන් පහත සඳහන් කොටස උපුටා දැක්විය හැකිය.

”සඳට සඳහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්.....
හිරුට පෙම් බැඳි එකම තරුවක්
සිටිය නොහැකි ද යම්.....”

සමලිංගිකත්වය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, ලෙස 
x ස්ත‍්‍රී සමලිංගික 
x පුරුෂ සමලිංගික 
ලෙසයි.

ස්ත‍්‍රී සමලිංගික
ස්ත‍්‍රී සමසෙහෙහස් පුද්ගලයෙකු යනු ගතින්, සිතින් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද තවත් ස්ත‍්‍රීයක් කෙරෙහි ආකර්ෂණයක් ඇති කර ගන්නා අයෙකි. ස්ත‍්‍රී සමරිසි නොහොත් ස්ත‍්‍රී සමසෙහෙහස් පුද්ගලයෙකු යනු ලිංගිකව සහ භාවාත්මකව ස්ත‍්‍රීන්ට ආකර්ශනය වන්නාවු ස්ත‍්‍රීන් ය. ස්ත‍්‍රීන් කෙරෙහි ඔවුන් දක්වන හැඟීම් ඔවුන්ට සාමාන්‍ය සහ ස්වාභාවික ඒවා වේ. ස්ත‍්‍රී සමරිසි අය පවසන්නේ ඔවුන් භාවාත්මකව සහ අධ්‍යාත්මිකව වෙනත් ගැහැනුන් කෙරෙහි ලංවන හැඟිමක් ඇතිවන බවත් පිිරිමින් සමග නොව ගැහැනුන් සමග ඉතා සමීප සබඳතාවක් ඇතිකර ගැනීමට කැමති බවත්ය.

ප‍්‍රවීණයින් පවසන්නේ පුද්ගලයින් දස දෙනෙකුගෙන් කෙනෙකු පුරුෂ සමරිසි හෝ ස්ත‍්‍රී සමරිසි අයෙකු විය හැකි බවයි. ඓතිහාසික වශයෙන් ප‍්‍රසිද්ධ බොහෝ කාන්තාවන් ස්ත‍්‍රී සමරිසි පුද්ගලයින් බව ද ඔවුන් පවසයි. ස්ත‍්‍රී සමරිසි අය අතර ගුරුවරියන්, වෛද්‍යවරියන්, නීතිඥයින්, කර්මාන්තශාලා සේවිකාවන්, පොලිස් නිලධාරිනියන්, දේශපාලඥයින්, අමාත්‍යවරියන්, සිනමා නිලියන්, කලාකාරියන්, මව්වරුන්, කන්‍යා සොහොයුරියන්, නිරූපිකාවන් සහ ලේඛිකාවන් සිටිය හැකිය.

ස්ත‍්‍රී සමරිසි අය අතර සිංහල, දමිල, බර්ගර්, මුස්ලිම්, ක‍්‍රිස්තියානු, බෞද්ධ, හින්දු අය සිටිය හැක, ස්ත‍්‍රී සමරිසි අය පොහොසත්, දුගී හෝ මධ්‍යම පන්තික, තරුණ හෝ මහලූ, විෂමරිසි විවාහයන් කරගත් අය ද සිටිය හැකිය. එම නිසා ස්ත‍්‍රී සමරිසි පුද්ගලයෝ සමාජය තුල විවිධාකාරය.

අද අප රටේ ස්ත‍්‍රී සමරිසි තත්වය වර්ධනය වෙමින් පවතී. ස්ත‍්‍රී සමරිසි වීමට හේතුවකි මවගේ ආදරය අහිිමි විම. මෙම තත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 - 25 ත් අතර කාන්තාවන්ය. මේ තත්වය පාසල් නේවාසිකාගාර තුළ මෙන්ම විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලත් දැක ගත හැකිය. මේ තත්වයට තවත් හේතුවක් ලෙස පුරුෂයින් සමග විවාහ වීමට ඇති බිය ද පෙන්වා දිය හැකිය. මේ නිසා තමන් තුළ ඇතිවන ලිංගික හැඟිම් සන්තර්පණය කර ගැනීම සඳහා සමලිංගික චර්යාවන්ට යොමු වේ. යොවුන් බාලිකාවන් අතර සමීප මිත‍්‍ර සබඳතා මේ දක්වා වර්ධනය වීම දැකිය හැක. පාසල් වියේ සිට එකට කටයුතු කිරීම, හැසිරීම, ගමන් බිමන් යාම, සමීප ජීවිතය, බස් රථයේ හෝ වෑන් රථයේ එක ළඟ සිටිමින් සමීපව ගමන් කිරීම, එකිනෙකාගේ ශරීර අඟ පසඟ දැකිම මෙන්ම ඇතැම් අවස්ථාවල අත් පා ස්පර්ශ කිරීම් ආදිය තුළින් ඇතිවන ලිංගික පෙළඹවීම මේ බැදිම් වලට හේතු වී ඇත. එමෙන්ම අප රටේ ලිංගික අධ්‍යාපනය නොමැති විම ද හේතුවක් ලෙස පෙන්වා දිය හැක.

පුරුෂ සමලිංගික 
පුරුෂ සමසෙනෙහස් පුද්ගලයෙකු යනු ගතින්, සිතින් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද තවත් පුරුෂයෙකු කෙරෙහි ආකර්ෂණයක් ඇති කර ගන්නා අයෙකි. පුරුෂ සමරිසි නොහොත් පුරුෂ සමසෙනෙහස් පුද්ගලයෙකු යනු ලිංගිකව සහ භාවාත්මකව පුරුෂයාට ආකර්ශනය වන්නාවු පුරුෂයන් ය. පුරුෂයන් කෙරෙහි ඔවුන් දක්වන හැඟීම් ඔවුන්ට සාමාන්‍ය සහ ස්වාභාවික ඒවා වේ. පුරුෂ සමරිසි අය පවසන්නේ ඔවුන් භාවාත්මකව සහ අධ්‍යාත්මිකව වෙනත් පිරිමින් කෙරෙහි ලංවන හැඟිමක් ඇතිවන බවත් ගැහැනුන් සමග නොව පිරිමින් සමග ඉතා සමීප සබඳතාවක් ඇතිකර ගැනීමට කැමති බවත්ය.
පුරුෂ සමරිසි වීමට හේතුවකි පියාගේ ආදරය අහිිමි විම. කුඩා අවධියේ සිට පියාගේ ආදරය අහිමි වු විට එම ආදරය වෙන්ත් පුරුෂයන් තුළින් ලබා ගැනීමට යාමෙන් මේ තත්වය ඇති වේ.

ද්වි ලිංගික 
ද්වි සෙනෙහස් පුද්ගලයෙකු නැතිනම් ද්විරිසි පුද්ගලයෙකු යනු ගතින් සිතින් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පිරිමින් හා කාන්තාවන් යන දෙපාර්ශවයටම ආකර්ෂණය වන්නෙකි. ද්විරිසි පුද්ගලයන්ට ස්ත‍්‍රී - පුරුෂ දෙපාර්ශවයේම පුද්ගලයන්ට ආදරය කළ හැකිය. මෙහි දී කායිකව, ලිංගිකව හා චිත්තවේගීව පිරිමින්ට හා කාන්තාවන්ට ආකර්ෂණය වීම සහ පිරිමන් හා කාන්තාවන් සමග සම්බන්ධතා ඇති කර ගැනීම සිදු විය හැකිය. ද්විරිසි පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ දී එම පුද්ගලයාට තමන් පිරිමින්ට හා කාන්තාවන්ට එක සමානව ආකර්ෂණය වන බව හෝ එක් ලිංගයකට වඩා අනෙකට ආකර්ෂණය වන බව හෝ දැනී යා හැකිය.

සමරිසිභාවයේ දී හා සමලිංගික ආකර්ෂණය විම් වල ද මෙන් මෙහි දී ද මෙම ආකර්ෂණය වීම් වල ප‍්‍රභලතාවය කාලයත් සමග වෙනස් විය හැකිය. ද්විරිසි අයෙකි යන්නෙන් කෙනෙකුගේ ජිවන ශෛලීය හෝ චර්යාව පැහැදිලි නොවේ. ද්විරිසි පුද්ගලයන් එක් පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධතා පවත්වනවා හෝ ලිංගික සම්බන්ධතා පැවැත්විමෙන් වැළකී සිටිනවා හෝ විෂමරිසි අය හා සමරිසි අය මෙන් ලිංගික හවුල්කරුවන් ගණනාවක් සමග ලිංගික සම්බන්ධතා පවත්වනවා හෝ විය හැකිය. බොහෝ පුද්ගලයන් ද්විරිසිය. එමෙන්ම ජනවර්ගය, ස්ත‍්‍රී - පුරුෂභාවය, වයස, පන්තිය, ආගම කුමක් වුවත් ඒ සෑම කාණ්ඩයක් තුළම ද්විරිසිභාවය දැකගත හැකිය. මෙම පුද්ගලයන් තනි වී නැති අතර  ඕනෑම ස්ථානයක දී එවැනි පුද්ගලයන් හමුවිමට ඉඩ ඇත. නමුත් ශ‍්‍රී ලංකාවේ දී නම් ඔවුන් හඳුනා ගැනීම පහසු නොවිය හැකිය.

ද්විරිසි පුද්ගලයන්ට ද සමාජ රෝග බෝ විමේ අවධානමක් පවතී. එම නිසා ඔවුන් ද ලිංගික සබඳතා පවත්වන්නේ නම් එය ආරක්ෂිතව පැවැත්විය යුතුය. 

සංක‍්‍රාන්ති ලිංගික 
සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු යනු උපතේ දී තමාට හිමි වු ලිංගිකභාවයට අනුරූප නොවන ලිංගික අනන්‍යතාවක් තහවුරු කරන හෝ ප‍්‍රකාශයට පත් කරන පුද්ගලයෙකි. සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අතරට නිශ්චිත පුරුෂ හෝ ස්ත‍්‍රී අනන්‍යතාවක් පළ නොකරන, මධ්‍යස්ථ ලිංගික සහ මුක්ත ලිංගික පුද්ගලයෝ ද ඇතුළත් වේ. 

සංක‍්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු යනු විරුද්ධ ලිංගය සමඟ මානසිකව අනන්‍ය වන්නා වුත් ඇතැම් විට විශේෂයෙන්ම අවශ්‍යම කායික පෙනුම ලබා ගැනීම සඳහා සැත්කම් සහ හෝමෝන ප‍්‍රතිකාර කර ගැනීම මඟින් විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු ලෙස ජීවත් වීමට උත්සාහ කරන්නා වුත්් පුද්ගලයෙකි. විරුද්ධ ලිංගික ඇඳුම් අදින්නන් යනු වෙනත් ලිංගයකට අයත් ඇඳුම් ඇඳිමට කැමැත්තක් දක්වන නමුත් තමන් වෙනත් ලිංගකට අයත් යැයි හඳුන්වා නොගන්නා පුද්ගලයන් ය.

මානසික වෛද්‍ය විද්‍යාවට අනුව මිනිසුන් වශයෙන් අප සියලූ දෙනාටම කායික සහ මානසික ශරීරයක් ඇත. කායික ශරීරය යනු ප‍්‍රධාන වශයෙන් ගැහැනු හා පිරිමි වශයෙන් පිටතට පෙනෙන ස්වරූප යයි. මානසික ශරීරය යනු කෙනෙකුගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ඇතුලූ පෞරුෂත්වය අඩංගුවන දේවල්ය. ඒ තුළ ස්ත‍්‍රී, පුරුෂ වශයෙන් ලිංග භේදය තිබේ. සාමාන්‍යයෙන් ජනගහණයෙන් 95% පමණ කායික සහ මානසික ශරීරය සමානය. එනම් පුරුෂ කායික ශරීරයක් තුළ පුරුෂ මානසික ශරීරයක් අඩංගු වෙනවා මෙන්ම ගැහැනු කායික ශරීරයක් තුළ ගැහැනු මානසික ශරීරයක් අඩංගු වෙනවා. නමුත් 5% ක් පමණ ඉහත කී කායික සහ මානසික ශරීර සමාන වන්නේ නැත. එනම් සමහරෙකුට පිරිමි කායික ශරීරයක් සහ ගැහැනු මානසික ශරීරයක් පිහිටිමයි. ඔවුන් වයසින් වැඩෙනවාත් සමඟ ද්විත්ව ලිංගික විපර්යාස සිදුවන කාලයේ දී ඔවුන් තුළ මානසික ගැටුමක් හට ගනී. ඒ තමා පිරිමියෙක් ද, ගැහැනියෙක් ද යන්නයි. පිටතින් පිරිමියෙක් වුව ද ඇතුලතින් ඔවුන්ට දැනෙන්නේ තමන් ගැහැනියක් බවයි. ඒ තත්වය නිසා මානසික වශයෙන් ඔවුන් දැඩි පිඩනයකට ලක්වේ. මෙය දුර දිග යැමෙන් ඇතැම් විට ඔවුන් සියදිවි හානිකර ගැනීම්වලට ද ලක්වේ. ඒ සමාජය ඔවුන්ව පිළිනොගන්නා නිසාය. නැතිනම් ඔවුන්ට මානසික ශරීරයට අවශය ආකාරයට කායික ශරීරය වෙනස් කර ගැනීමට සිදුවේ. එසේ වෙනස් කර ගැනීම ලිංගික සංක‍්‍රාන්තිය ලෙස හඳුන්වනු ලැබේ.

ලිංගික සංක‍්‍රාන්තියට සුදානම් වන අයෙකුට සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත විශේෂ උපදෙස් වසර දෙකහමාරක් පමණ කාලයක් ලබා දේ. ඒ සැත්කම තුළින් ලිංගික විපර්යාසයන් සිදු කිරීමට පළමුව ඒ සඳහා ඔහුගේ මනස සුදානම් කිරීමටයි.

එච්. අයි. වී. ආසාදනය විමේ වැඩි අවදානමක් ඇති පිරිසක් ලෙස මොවුන් පෙන්වා දිය හැකිය. වැඩි වශයෙන් මෙයට ගොදුරු වන්නේ ලිංගික සංක‍්‍රාන්ති පුරුෂයින් ය. ඊට හේතුව කලින් පිරිමි කායික ශරීරයක් සහිතව සිට පසුව ලිංගික සංක‍්‍රාන්තිය තුළින් කාන්තාවක් බවට පත් වු අයගේ වැඩි ආකර්ෂණයක් තිබෙන්නේ පිරිමි පක්ෂයට විමයි. ඒ වාගේම ඔවුන් ලිංගික සබඳතා පවත්වන ආකාරයත් රෝගය ආසාදනය විමට හේතුවේ. මොවුන්ට සමාජයේ පිළිගැනීම අඩු නිසා දීර්ඝ කාලීනව එක් අයෙකු සමඟ සබඳතා පැවැත් වීමට නොහැක. ඒ නිසා පුද්ගලයින් වැඩි සංඛ්‍යාවක් සමඟ සබඳතා පවත්වයි. එමෙන්ම මොවුන්ට පිළිගත් රැුකියාවල නිරත විමට සමාජය තුළ ඉඩක් නොලැබෙන නිසා රැුකියාවක් ලෙස ලිංගික කටයුතුවල යෙදෙන්න පෙළඹවීමක් ඇති වේ. ඒ තුළ ඔවුන් එච්. අයි. වී. ඇතුලූ වෙනත් සමාජ රෝගවලට පහසුවෙන් ලක්විමේ අවදානමක් පවතී.  

සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදි සංක‍්‍රාන්ති පුද්ගලයන් වෙනස් කොට සැලකිමක් ද දක්නට ලැබේ. ඔවුන්ව මානසික රෝගින් ලෙස නම් කිරීම, අමතර ප‍්‍රශ්න ඇසීම, වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම පිරිස්වලට සාත්තු කිරීමට පසුබට විම ආදිය දැකගත හැක. එමෙන්ම ඇතැම් රෝහල් වල සායන වලදී අනවශ්‍ය ප‍්‍රශ්න අසා ඔවුන්ව ලැජ්ජාවට පත් කිරීම් ද පවතී. මේ පිළිබඳව ප‍්‍රකාශ කරන සංක‍්‍රාන්ති පුද්ගලයන් ප‍්‍රකාශ කරනුයේ ”එයාලගේ වචන ඉදිකටු වලටත් වඩා තියුණුය” යනුවෙනි.

ලංකාව තුළ මේ පිරිස දෙස පිළිකුලෙන් බැලූවද විදේශීය රටවල මෙම පිරිස් උසස් රැුකියාවල පවා නිරත වේ. වෙනිසියුලාවේ දේශපාලන ක‍්‍රියාකාරීනියක් වන තමාර එඩි‍්‍රයන්, ජපානයේ දේශපාලන ක‍්‍රියාකාරීනියක වන ආයාකමිකාවා, ඉන්දියාවේ පොලිස් නිලධාරිනියක් වන ප‍්‍රීතිකා යශීනි යන පුද්ගලයින් පෙන්වා දිය හැකිය.

අන්තර් ලිංගික 
අන්තර් ලිංගිකත්වය යනු ස්ත‍්‍රී හා පුරුෂ යන ලිංගික අවයව දෙකම සහිතව උපදින පුද්ගලයන් ය. මෙහිදී වැඩි වශයෙන් පවතින්නේ කාන්තාවක් ලෙස සිට පසුව පුරුෂ කායික ලක්ෂණ මතු වීමකි. එවිට සැත්කමක් මගින් එම අවයව පිටතට ගැනිමක් සිදු වේ. 

ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව 
මෙම කොටසට අයත් වන්නේ ලිංගික ගැටලූ සහිත පිරිසයි. එනම් තමාගේ ලිංගිකතවය කුමක් ද යන්න ස්ථිර වශයෙන් නොපැහැදිලි වීම නිසා ප‍්‍රශ්නකාරී තත්වයක සිටින අයයි. මේ පිළිබඳව සාකච්ජාවට බඳුන් විමේ දී වැඩි වශයෙන් පුරුෂ පාර්ශවය ගැන කතා බහට ලක් වේ. සාමාන්‍ය ව්‍යවහාරය තුළ          ”පොන්නයා” යනුවෙන් භාවිත කරන්නේ මේ ප‍්‍රජාව හැඳින්වීමටය. මොවුන් තුළ පවතින ගැටලූව වන්නේ ලිංගික පිබිදීම නොමැති විමයි. එම නිසාම මේ පිරිස් වැඩි වශයෙන් සමාජය තුළ ස්ත‍්‍රීන් ලෙස ජිවත් වේ. 

ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව තම වෘත්තින් තෝරා ගැනීමේ දී රූපලාවණය ක්ෂේත‍්‍රයට සහ ආහාර පිසීමේ ක්ෂේත‍්‍රයට වැඩි නැඹුරුවක් දක්වයි. එයින් වැඩි වශයෙන් නිරත වන්නේ රූපලාවණය ක්ෂේත‍්‍රය තුළ ය. ලංකාවේ ද මේ පුද්ගලයන් මෙකී ක්ෂේත‍්‍රය තුළ නිරන්තරයෙන් දැකගත හැකිය.

ඉන්දියාව තුළ මේ පිරිස් වැඩි පුර දැකගත හැකිය. එමෙන්ම ඉන්දීයාවේ දී මේ පුදුගලයන් සුභ කටයුතු සඳහා ද යොදා ගනී. තවද ඔවුන් යම් දෙයක් ප‍්‍රකාශ කලහොත් එය නියත වශයෙන්ම සිදුවන බවට ද පිළිගැනීමක් පවතී. ඉන්දියාව තුළ මේ පිරිසට වෙන් වු උත්සව පවා දැකගත හැකිය. ඒවා ඉතා උත්කර්ශවත් අන්දමින් සංවිධානය කරනු ලබයි. එමෙන්ම ඉන්දියානු චිත‍්‍රපට, ටෙලි නාට්‍යවලට ද මේ පිරිස් රංගනයෙන් දායකවේ.

නිගමනය
සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය, සංක‍්‍රාන්ති ලිංගිකත්වය, අන්තර් ලිංගිකත්වය සහ ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව  යනු මේ සමාජය තුළම ජිවත් වන තවත් පිරිසකි. මොවුන්ට බටහිර රටවල නීතිමය පිළිගැනීමක් ද ඇත. නමුත් සංස්කෘතිය පෙර දැරි වු ලාංකීය සමාජය තුළ එම පිළිගැනීම ඔවුන්ට නොලැබේ. ඒ ඔවුන් මේ සමාජය තුළ පිළිකුලට ලක් කරන නිසාය. නමුත් මේ පිරිස් ස්ව කැමැත්තෙන් එසේ වුවා නොව උප්පත්තියේ දී ඇති වු ජානමය වෙනස්කම් නිසා මේ තත්වයට පත් වුවන් වේ. එම නිසාම මේ පිරිසට ද සමාජය තුළ අනෙක් පිරිසට මෙන්ම සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය. ඔවුන්ට එම නිසි ස්ථානය ලබා නොදිමෙන් සිදුවන්නේ අප විසින් මානව අයිතිවාසීකම් උල්ලංඝනය කිරීමකි. 1948 ප‍්‍රකාශයට පත් වු මානව අයිතීන් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ ද සඳහන් වනුයේ සියලූම මනුෂ්‍යයින්ට සමාන ගරුත්වයක් සහ අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි. ඒ නිසා හෝ අප ඔවුන්ට අප සමාජය තුළ ද මේ අයිතිය තහවුරු කර දිය යුතුය. එමෙන්ම ඔවුන්ව ආරක්ෂා කරන නීති ද සම්පාදනය විය යුතුය. එයින් ඔවුන්ට සමාජයෙන් ගරු කිරීමක් ලැබෙන බවට විශ්වාසයක් ඔවුන් තුලම ඇති වනු ඇත. ඔවුන්ට තම අධ්‍යාපන මට්ටම සහ කැමැත්ත පරිදි  ඕනෑම වෘත්තියක නියැලීමට ඉඩ ලබා දිය යුතුය. ඒ තුළින් ඔවුන්ගේ සිත් තුළ ඔවුන් පිළිබඳව ඇති කුතුහලය ද නැති කර දැමිය හැකිය. එපමණක් නොව එයින් ඔවුන්ට ජිවත් වීමේ ආශාව ද ඇති කල හැක. එසේ නොවුන හොත් ඇතැම් විට සමාජයෙන් සිදුවන නින්දා, අපහස විඳීමට නොහැකිව ඔවුන් විසින්ම ඔවුන්ගේ ජිවිත නැති කර ගැනීමට පෙළඹිය හැකිය. එවැනි පුවත් අප සමාජය තුළ අප අසා ද ඇති නිසාම ඔවුන්ව එයින් බේරා ගැනීමට අනෙක් පිරිස ඔවුන්ට ගරුත්වය ලබා දිය යුතුය.  

මේ තුළින් ඔවුනුත් සමාජයේම කොටසක් බවට පත් වී අන් අය සමග එකිනෙකට වැඩ කිරීමට ද හැකියාව ලැබේ. 


ගීත විචාරය 

අව්වට වැස්සට

අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ 
දෑතේ විරියෙනි රටවල් නැගුනේ 
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් 
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ 

දා ගැබ් මහ වැව් කලා නිකේතන 
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ 
ඒ නුඹලාටයි දු දරුවන්ටයි 
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ 

අව්වට වැස්සට...... 

රජ සැප විඳිනට රජ දරුවන් හට 
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ 
ඒ නුඹලාගේ දුක දැක ගන්නට 
මොන රජ දරුවද පැලකට වැඩියේ 

අව්වට වැස්සට...... 

ගායනය        - ටී. එම්. ජයරත්න 
පද රචනය    - රඹුක්කන සිද්ධාර්ථ හිමි 
සංගීතය        - පේ‍්‍රමසිරි කේමදාස 


ගීත විචාරය 

කෙටි කතා, නවකතා, නාට්‍ය, සිතුවම්, සිනමාව ආදී මේ සෑම සාහිත්‍යාංගයක්ම කලාව යන කෙටි වචනය තුළ අන්තර්ගත කළ හැකිය. එකි කුමන මාධ්‍යක හෝ වේවා රසිකයාට යම් වින්දනයක් ලබා දීම මුලික අරමුණක් වේ. නමුත් යම් කලා නිර්මාණයක් හුදු වින්දනය පමණක් මුලික කර ගතහොත් එය අංග සම්පුර්ණ නිර්මාණයක් වන්නේ නැත. එයින් ඔබ්බට ගිය යම් අරුතක් නැත්නම් සමාජයට දිය යුතු හරවත් පණිවිඩයක් එය තුළ ගැබ් විය යුතුය. තම පෞද්ගලික අත්දැකීමක් හෝ සමාජයේ ඒ ඒ කාලයන් තුළ සිදුවන යම් සිදුවිමක් පාදක කොටගෙන යම් නිර්මාණයක් ගොඩ නැගිය හැකිය. එමෙන්ම එය වාර්තාමය ස්වරුපයෙන් බැහැර වු යමක් සිතන්නට හැකි නිර්මාණයක් විය යුතුමය. 

”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ...... ” යන  ගීතය  රසිකයන්  අතර වඩාත් ජනපිය තත්වයට පත් වු ගීතයකි. මෙය නිර්මාණය වී ඇත්තේ් ”පහන් තරුව ” කැසට් පටය සඳහා ලෝක  කම්කරු දිනය වෙනුවෙන්ය. මෙම ගීතය අපගේ සවනට වැටෙත්ම මතකයට නැෙඟන්නේ රටේ ජීවත් වන සාමාන්‍ය ජනතාවයි. එමෙන්ම මෙම ගීතය අපගේ හදවතට දැනෙන අයුරින් ගායනය කරනු ලබන්නේ විශිෂ්ට ගායකයෙකු වන ටී. එම්. ජයරත්න මහතා විසිනි. එමෙන්ම මෙහි පද රචනා කර ඇත්තේ රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ පන්හිදෙනි. යතිවරයෙක් වුව ද එතුමාණෝ කම්කරුවන්ගේ අගය මැනවින් වටහා ගෙන ඇත. තව ද මෙහි පද වලට මියුරු සංගීතය ගොඩනගා ඇත්තේ මෙරට සිටින දක්ෂතම සංගීතඥයෙකු වන පේ‍්‍රමසිරි කේමදාස හෙවත් මාස්ටර් ගේ නිර්මාණාත්මක භාවයෙනි.  

මෙම ගීතය තුළින් සමාජ සන්දර්භය තුළ කැටි ගැසුණු යතාර්ථයක් ඉස්මතු කර පෙන්වන්නට රචකයා ගනු ලබන උත්සහය අපට පැහැදිලි වේ.  ඕනෑම සමාජයක කුමන අංශයක්හෝ වේවා විශේෂිත වු සංවර්ධනයක් ඇති වුවා නම් ඊට දායකත්වය සැපවුයේත්, දැනට සපයන්නේත් සාමාන්‍ය ජනතාවයි. රටක වෙසෙන ජනතාවකට බත් පත සපයන්නේ ගොවියා විසිනි. රටකට අවැසි ධාන්‍ය මෙන්ම එළවළු, පළතුරු ආදිය ද අපට සපයා දෙන්නේ ඒ ගොවියා විසින්මය. ඔවුන් වැස්සට මෙන්ම අව්වට ද එක සේ හුරුය. ඔවුන්ගේ දෑත් සිනිඳු හෝ සුමට නොවේ. කරගැට නැගුණු ඔවුන්ගේ දෑත් ගොරොසුය. එය ඔවුන්ට දුකක් ද නොවීය. ඔවුන්ගේ අත පය ගොරොසු වුවත් සංවේදී හදවත් ඔවුන් තුළ විය. ඒ සංවේදී භාවය නිසාම ඔවුන් තුළින් නිතතින්ම තම කාන්සිය නිවා ගැනීමට පැල් කවි, පාරු කවි, ගැල්කරුවන් ගේ කවි නිර්මාණය විය. ඒ සෑම ජන කලාවක්ම බුදු දහමේ ආභාෂය ලබා නිර්මාණය විම අතිශයින් වැදගත්ය. එමෙන්ම කම්කරු ජනතාව උදෙසා ලියැවුණු ගී පද රචනා අතලොස්ස අතර ඉහළින් තැබිය හැකි ගීතයක් ලෙසින් මෙම ගීතය හඳුන්වා දිය හැක.


”අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ 

දෑතේ විරියෙනි රටවල් නැගුනේ 

ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් 

මොන  රජ  මැදුරෙද  සුදු  කොඩි  න ැගුනෙ ් ” 

මෙම පද පෙළෙන් කියවෙන්නේ අව්වට, වැස්සට හුරු මිනිසුන්ගේ දෑත් වල ශක්තියෙන්  රටවල් ගොඩනැගුණු බවයි. රටක කම්කරු ජනතාවට වැස්ස මෙන්ම අව්ව ද එකසේ හුරු පුරුදුය. වැස්සට තෙමෙනා ඔවුන් අව්වට වෙලෙයි. දෙකෙන්ම පිඩා විදිනුයේ කම්කරුවන් විනා පාලකයන් නොවේ. නමුත් ඔවුන් එසේ පීඩා විඳින්නේ පාලිතයින්ට නැතහොත් ධනපතියන්ට මන්දිරයන් තරකීමට නොවන්නේ ද? එම වැඩ කරන ජනතාවගේ සවිමත් දෑත් නොවන්නට රටක් කිසිදා ගොඩනැඟිය නොහැක. මෙය රජදරුවන්ට කිසිදා නොවැටහේ. මන්දිර වල සැපවිඳින ඔවුන් කෙසේ නම් කම්කරු ජනතාවගේ ලේ, දහඩිය සුවඳ හඳුනා ගන්න ද? ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන කම්කරුවාගේ මලගම දින කඳුලක් හෙළන්නට නොව මැදුරෙහි සුදු කොඩියක්වත් එල්ලීමට රජ දරුවන් වැරදීමකින්වත් සිහි නොගනී. එය කම්කරුවන්ට තමා කළ සේවය වෙනුවෙන් ධනපතීන්ගෙන් ලැබෙන ප‍්‍රතිලාභ යයි. ධනපතියන්ට ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන එම කම්කරුවන් හුදු වහල්ලූන් විනා මනුෂ්‍යයින් නොවේ. එය වර්තමාන සමාජය තුළ ද යථාර්තය බවට පත් වී ඇත. මෙයින් අද සමාජයේ සිටින දේශපාලඥයන්ගේ ස්වභාවය ද කියා පානු ලබයි. එනම් වර්තමානයේ සිටින බොහෝ දේශපාලඥයන් ජනතා ඡුන්දයෙන් තේරී පත් වී නායකත්වයන්ට පැමිණිය ද පසුව ඔවුනට එම ස්ථානය කරා යාමට උදව් උපකාර කළ පුද්ගලයන් ගැන සොයා නොබලා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමේ තරඟයක යෙදී සිටින බවයි. 

”දා ගැබ් මහ වැව් කලා නිකේතන 

නුඹලා දෑතිනි මිහි මත මැවුනේ 

ඒ නුඹලාටයි දු දරුවන්ටයි 

මොන  රජ  මැදුරෙද දොරටුව හැරුනෙ ්” 

අහස උසට දිස්වෙන මහා දැගැබ් සීහල කලා කරුවා අතින් නිම විය. සහලින් මේ රට ස්වයංපෝෂිත කිරීමට මහා වැව් තැනුනේත් සාමාන්‍ය ජනයාගේ දෑතේ විරියෙනි. එපමණක් නොව මහා මාර්ග, වෙහෙර විහාර, කලා නිකේතන යනා දී සියල්ලම මේ පොලෝ තලය මත ගොඩනැඟුනේ මේ කම්කරුවන්ගේ විශ්මිත දෑතිනි. ඒ සෑම දෙයකම කම්කරුවන්ගේ දහඩිය සුවඳ මෙන්ම කඳුළද සැඟවී ඇත. ඔවුන් නොසිටින්න මේ ලෝකය මෙතරම් අපුර්ව තැනක් නොවන්නට ඉඩ තිබුණි. අප එදා විටම අද දක්වාම මේ විශ්මිත නිර්මාණයන් ගැන කතා කළ ද ඒ වෙනුවෙන් ලේ දහඩිය වඟුරවන ලද කම්කරුවන් එකෙකු ගැන හෝ කතා නොකරයි. එමෙන්ම අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව අභියස දී ශ‍්‍රීමත් නේරු තුමන් වැනි රාජ්‍ය නායකයන් පවා වශී වු බව කියනු ලැබේ. ඒ තරමට එවැනි කලා කෘති බුදුන් වහන්සේගේ ගුණ කඳ ඉස්මතු කර දක්වන්නට තරම් ප‍්‍රබල විය. අව්කන බුද්ධ ප‍්‍රතිමාව නරඹන  ඕනෑම කෙනෙක් ඉන් දෙනෙත් ඉවතට ගැනීමට මැලි වන්නේ ජීවමාන බුදුන් වහන්සේ ඉන් නිරූපණය වන නිසාය. මෙවැනි දේ නිර්මාණය කරමින් අප මව් බිම ලෝකය පුරා ප‍්‍රචලිත කිරීමට උර දුන් මොවුන්ට මෙන්ම මොවුන්ගේ දරුවන් වෙනුවෙන් රජ මැදුරු වල හෙවත් ධනපතින්ගේ නිවෙස් වල කිසිඳු විටක දොරවල් විවෘත වු වේ ද, බත් පත බෙදුනේ ද නැත. එමෙන්ම වර්තමාන තත්වය ද එසේමය. අනාගතයේ ද එම තත්වය වෙනස් විය හැකි ද? 

”රජ සැප විඳිනට රජ දරුවන් හට 

නුඹලා දෑතිනි මන්දිර මැවුනේ 

ඒ නුඹලාගේ දුක දැක ගන්නට 

මොන  රජ  දරුව ද පැලක ට වැඩියේ ” 

රජවරුන්ට මෙන්ම ඔවුන්ගේ දරුවන්ටත් ජීවත් වීම සඳහා මන්දිර නිර්මාණය වුයේ සාමාන්‍ය ජනතාවගේ දෑතිනි. රජ පැටවුන්ට අව්වෙන් වැස්සෙන් වෙන පීඩාවන්ගෙන් වළක්වා ගැනීමට කම්කරුවෝ අව්වෙන්, වැස්සෙන් පීඩා විඳිමින් මාළිගා තැනුහ. ඔවුන් තැනු එම මාළිගා තුළ රජ පැටවුන් නැටුම් ගැයුම් බලමින්, මධුවිත තොලගාමින් සතුටින් සිටිද්දී කම්කරුවෝ කුසට හරියම් ආහාරයක්වත් නොමැතිව පැල්පතට වී දුක් සුසුම් හෙළමින් සිටී. නමුත් මොවුන්ගේ දුක සැප බෙදා ගන්නට එකදු රජ දරුවෙක්වත් පැල්පත් වලට ගොඩවන්නේ නැත. එය වු කලී රජ පැටවුන්ගේ කෘත ගුණ සැලකීමයි. එනම් ධනපති පංතිය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව කෙතරම් මහන්සි වී වැඩ කළ ද, ඔවුන්ගේ සෑම  ඕන එපා කමක්ම ඉටු කළ ද, එම ජනතාවට කරදරයක් වු කිසිම අවස්ථාවක ඔවුන් ඒ ජනතාවගේ නිවෙස් වලට ගොස් දුක සැප සොයා නොබලති. එමෙන්ම සාමාන්‍ය ජනයාගේ නිවෙස් වලට රජ දරුවන් හෙවත් ඉහළ පංතියේ දරුවන් කිසිම විටක නොයයි. 

ඒ ආකාරයට මෙම මුළු ගීතය පුරාම රජවරුන් සහ සාමාන්‍ය ජනයා අතර ඇති පරතරය පිළිබඳව හුවා දක්වන්නට රචකයා උත්සහා දරා ඇත. පැරණි රජවරු මහා දාගැබ්, මහා වැව් ගොඩ නැගුවේ රටේ සංවර්ධනය උදෙසාය. රුවන්වැලි සෑය නිර්මාණයේ දී සියලූ දෙනාටම වැටුප් ගෙවු  බව සඳහන් වේ. එපමණක් නොව යම් යම් සේවාවන් වෙනුවෙන් ගම්වර පවා ප‍්‍රධානය කළ අවස්ථාවන් කොතෙකුත් ඇත. පාලකයා සහ සාමාන්‍ය ජනතාව අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව රචකයා ගේ දැක්ම වෙනත් ආකාරයකින් ද බැලිය හැක. රසිකයා යනු එක හා සමාන බුද්ධි මට්ටම් ඇත්තන් නොවේ. ඒ අනුව ගීතයෙන් කියවෙන රජුන් සහ රජ දරුවන් පිළිබඳව එන යෙඳුම් සාමාන්‍ය අයෙකු තේරුම් ගැනීමේ දී තම තමන්ගේ බුද්ධි මට්ටම් අනුව විවිධාකාරයෙන් අර්ථ නිරුපණය කර ගනු ලැබේ. 

කවදත් සමාජයේ පවතින දුප්පත් - පොහොසත් භේදය, උසස් කුල - පහත් කුල භේදය වැනි සමාජ විෂම තාවයන් අතීතයේ මෙන්ම අදත් පවතී. ගීත රචකයා රජවරුන් වෙනුවට දුප්පත්, පොහොසත් යන යෙදුම යොදා ගනිමින් එය ඉස්මතු කොට තම නිර්මාණය සිදු කරනු ලැබුවේ නම් වඩාත් සාර්ථක වන්නට හැකියාව ඇති බව මාගේ අදහස වේ. නමුත් ගීත රචකයා සමාජය තුළ පවත්නා යතාර්ථයක් වන සමාජ පංති වෙනස විරෝධාකල්පයක් ලෙස මෙමගින් ඉදිරිපත් කර ඇත. 

මෙම ගීතය තුළින් කියවෙන සමස්ථයේ සරල අර්ථය හෙවත් සාරාංශ වන්නේ රටවල් ගොඩනැගෙන්නේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑත්වලිනි. එහෙත්, ඒ මිනිසුන්ගේ දුකෙහි දී දුක් වන්නට ඔවුන්ගේ කරපිටින් සිහසුනට ගිය පාලකයින්ට සංවේදී බවක් නොමැත යන්නයි. මෙම ගී පද වල අරුත වීදාගම මාහිමියන්ගේ බුදු ගුණාලංකාරයෙහි එන පහත එන කවෙන් මතුවන අන්‍යාලාපය සමඟ ද සැසදිය හැක. 

”ඇත් ගොව්වන්                 මරා 

තුටු වන ගජන්            අයුරා 

දුක් ගන්නන්             මරා  

එයින් තුටු සිත් නොවෙති  ඉඳුරා” 

මෙහි අර්ථය නම් ඇත් ගොව්වන් මරා දමා සතුටු වන ඇතුන් මෙන් තමන් වෙනුවෙන් වෙහෙසුණු අය විනාශ කර දමා එයින් ලිච්ජවි රජවරු සතුටු නොවෙති. ඒ අනුව ”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ...... ” ගීතයේ අන්‍යාලාපය වන්නේ මෙසේ අව්වට,  වැස්සට හිස දී රටවල් ගොඩනගන්නට දුක් ගන්නවුන් මරා දැමු රජවරුන් ද එකල වු බවයි. රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ බුදුගුණාලංකාර ලිච්ජවි රාජ වර්ණනයේ එන උත්ප‍්‍රාසයන් විරෝධාකල්ප ප‍්‍රකාශන ලෙස එකම ලක්ෂයක දී සමපාත වන බව ද මින් පෙනී යයි. 

සම්ප‍්‍රදායෙන් ඔබ්බට

මෙලොව සෑම මිනිසෙක් පාහේම යම්කිසි සම්ප‍්‍රදායකට උරුමකම් කියයි. පෙරදිග රටවලට හාත්පසින්ම වෙනස් සම්ප‍්‍රදායකට බටහිර රටවල් උරුමකම් කියයි. එකිනෙකට පරස්පර විරෝධී වුව ද සෑම මිනිසෙකුටම සම්ප‍්‍රදායක් හිමිය. මෙකී සම්ප‍්‍රදායෙන් ඔබ්බට යන්න සියලූ දෙනා තුල ඇත්තේ කුහුලකි, සමාජයට දක්වන බියකි.

නමුත් සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය, සමාජය වෙනස් කළ පුද්ගලයන් සියල්ලම නව ලොවක්, නව නිර්මාණයක් බිහි කරයි. නමුත් මෙහි යහපත් සහ අයහපත් ලෙස පැතිකඩ දෙකක් ඇත.

එදා ලූම්බිණි සල්උයනේ දී සුද්ධෝදන රජු දාව මහමයා දේවියගේ කුසින් උපත ලද සිද්ධාර්ථ කුමරු පියරජුට කීකරුව සිටියා නම් සක්විති රජ වනවා නිසැකය. නමුත් එදා පියරජුට කීකරුව සත්‍ය සොයා නොගියා නම් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ, අප අදහන බුදු දහම බිහි නොවනු ඇත. පිය උරුමයෙන් රජකම ලබා ගන්නා සම්ප‍්‍රදායේ ගැබ්ව සිටියා නම් අද මෙලොව අප අදහන බුදු දහම බිහි නොවනවා නිසැකය. එහි දී සිදුහත් කුමරු සම්ප‍්‍රදාය බිඳිමින් නව ලොවක් බිහි කරන්නට විය.
තවද කාවන්තිස්ස රජුගේ පුත් දුටුගැමුණු කුමරු පියාට කීකරුව සිටියා නම් අදටද ශ‍්‍රී ලංකාව සොලී පාලනයට නතුව තිබෙන්නට ඉඩ තිබිණි.
සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගියවලූන් සියල්ලම නව ලොවක් බිහි කරන්නේ ද නැත. නමුත් ඒ සිතුවිල්ල යහපත් නම් එක් පුද්ගලයෙක් හෝ වෙනස් කිරීමට සමත් වේ. සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය පුද්ගලයන් නව සම්ප‍්‍රදායන් බිහි කරයි ද? නැතිනම් අකීකරු පුතුන් නව ලොවක් බිහි කරයි.... සත්‍යක් ද.... අසත්‍යක් ද....?

සබඳ

වසන්තය නිමාවිය ......
ගිම්හානය උදාවිය ......
අතිනත පටලා පාසල් ගිය ......
සමය නිමාවිය ......
විටෙක ඔබ මට සොයුරියක් ......
තවත් විටෙක ළබැඳි මිතුරියක් ......
නමුදු ......
එළඹිලා කාලය ......
ඒ සොඳුරු වු ......
පාසල් දිවියට සමු දෙන්නට ......
ඉතිං සබඳ ......
සමුදෙමු පාසල් දිවිය ......
කෙසේ වුව ද ......
එපා කිසිදින සමුදෙන්නට ......
අපේ
මිතුදමට ......

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...