හුදෙකලාවේ සීතල තැනිතලාව
නුවරඑළිය කියු සැනින් අපේ මතකයට නැගෙන්නේ දැඩි සීතලක්, කඳුවලින් ගහනය වු මනස්කාන්ත පරිසරයකි. කෙසේ නමුත් නුවරඑළියේ යන ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම ගමන් කළ යුතුම ස්ථානයක් වශයෙන් ලෝකාන්තය දැක්විය හැකිය. මක් නිසාද යත් කඳු අතර පිහිටි උස් සම භූමියක් (සානුවක) මැඳින්, සීතල සුළඟක්, එම පරිසරයටම ආවේණික සතුන් හා ශාකවලින් පිරි මනස්කාන්ත තැනිතලාවක් හරහා ලෝකාන්තයට යන පාර වැටි තිබිම නිසාය. එමෙන්ම ලෝකාන්තය සොයා යන ඕනෑම කෙනෙකුට අප රටේ වෙනත් කිසිම පරිසර පද්ධතියකින් හමුනොවුනු අපුර්ව සුන්දරත්වයකින් යුත් සුන්දර තැනිතලාවක් හමුවෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුත් වු සුන්දර නුවරඑළියේ පිහිටි එකම වනෝද්‍යානය හෝර්ටන් තැන්නයි.
ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි වනෝද්‍යානයක් වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1200 - 2300 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි හෝර්ටන්තැන්න හෙක්ටයාර් 3160ක් පුරා විහිදි පවතියි. නුවරඑළියේ සිට මීපිලමාන, අඹේවෙල, පට්ටිපොළ හරහා කීලෝමීටර් 32ක් ගිය පසු හෝර්ටන්තැන්න හමුවේ. මෙය මුල් කාලයේ දී මහඑළිය නමින් හඳුන්වා ඇත. මෙයට හේතු වී ඇත්තේ රාවණා රජු සීතා දේවියව පැහැරගෙන පැමිණ තම දඩුමොණරය ගොඩබැස්සවු ප‍්‍රදේශය තොටුපළ කන්ද ලෙස ද, ඒ ගොඩබැස්ස වීමෙදී නිකුත් වු ආලෝකධාරාව නිසා මහඑළිය නම් වු බවයි. 1920 දශකයේ ඉංග‍්‍රීසී ජාතික කපිතාන් විළියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් මුලින්ම හෝර්ටන්තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝර්ටන්තැන්න යන නාමය ලැබි ඇත්තේ ශ‍්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදී.
මෙයට විශාල දේශීය, විසේශීය සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් පැමිණේ. මෙහි කාලගුණය ක්ෂණිකයෙන් වෙනස් වේ. ඒ නිසා එම කාලගුණ වෙනස්කම් වලට මුහුණ දීමට සුදානම්ව යා යුතුය. එමෙන්ම එහි රාත‍්‍රිය ගත කිරීමට (කඳවුරු ගසා* යනවා නම් මාසෙකට කලින් බත්තරමුල්ලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවෙන් වෙන් කරවා ගැනීමට සිදුවේ.
මහවැලි, කැලණි හා වළවේ යන ප‍්‍රධාන ගංඟා ත‍්‍රිත්වයේ ජලපෝෂක ප‍්‍රදේශයක් වන හෝර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් ද පෝෂණය කෙරේ. වන උයන් අතරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ ද හෝර්ටන් තැන්නටය. මෙහි එන සංචාරකයන්ගේ අවධානය දිනාගත් ස්ථාන අතරින් ලෝකාන්තයෙන් විශේෂය. මීටර් 870ක් වු දැඩි බෑවුමක පිහිටි මෙය අපුර්වත්වය සමඟ බිය දනවන තැනකි. පහත බලන විට මීදුමෙන් තොර කාලගුණයක් පැවතුණහොත් ඔබ වාසනාවන්තය. ඒ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සිට සබරගමු පළාතේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ, බලංගොඩ නන්පෙරියල් වතු යාය දැක ගැනීමට හැකි වන නිසාය.
උසින් මිටර් 270ක් වු කුඩා ලෝකාන්තය ද මෙහි අසිරිය තව තවත් වැඩි කරනු ලබයි. මහා ලෝකාන්තයේ ප‍්‍රමාණයෙන් තුන් ගුණයකට වඩා කුඩා මෙහි ප‍්‍රපාතය ශ‍්‍රී ලංකාවේ ගිනිනොණ දිශාව තෙක් පැතිරි යයි. ලෝකාන්තයත්, කුඩා ලෝකාන්තයත් අතර දුර කීලෝමීටර 5ක් පමණ වේ.
වලාකුලූ වනාන්තර තුළ සිදුවන ක‍්‍රියාදාමය නිරීක්ෂණය කිරීමට ලෝකාන්තය වටා වන පියස සුන්දර අවස්ථාවකි. වලාකුලූ ඉතා උස් වු කඳු මුදුන් ඇති තැනකදී කඳු ආවරණය කර ගනිමින් බොහෝ විට සවස් කාලයේ දී වැසි ඇති කරයි. නමුත් ශාක සහිත පරිසරයක දී මෙම වලාකුලූ ශාක සමග ගැටීමෙන් ජල බිංදු වෑස්සීමක් සිදු කරයි. ඇතැම් ප‍්‍රදේශවලට මෙය වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප‍්‍රමාණයටත් වඩා අධිත විම ද විශේෂත්වයකි. වර්ෂාව නොතිබුණ ද පොළව තෙමි මඩවන තරමට එය තෙත බරින් නැහැවී පවතී.
මෙම පරිසරය විශාල විශයෙන් ජෛව විවිධත්වයෙන් යුතුය. 1992 දී කළ පර්යේෂණ වලට අනුව මෙහි ශාක විශේෂ 101ක් පමණ ඇත. ඉන් 49ක්ම ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික ඒවා වේ. බහුතරය හෝර්ටන් තැන්නටම පමණක් ආවේණික වු ශාක විශේෂයන්ය. සේශීය ශාක අතරින් කුඩාම වර්ගයේ උණ විශේෂයක් වන කුරු උණ ගස් පරිසරයට අලංකාරයක් මෙන්ම එහි සුන්දරත්වය ඔප්නංවන ගෝනුනුහට ප‍්‍රණීත ආහාරයකි. මේ තුළ දැකිය හැකි මහා රත්මල හෙවත් අශෝක ශාකය විශේෂ වේ. එය හෝර්ටන් තැන්නට ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයකි. ශ‍්‍රී ලංකාවටම ආවේණික සිතැසියා නැමැති පක්ෂියෙකු මඟින් මෙම මල් පරාගණය සිදු කරයි. එමෙන්ම මේ පුෂ්පය මධ්‍යම පළාත් පුෂ්පය ලෙස ද පිළිගැනේ.
මෙහි පක්ෂීන් විශේෂ 98ක් ද, ක්ෂීරපායින් විශේෂ 14ක් ද, උභය ජීවින් විශේෂ 16-20ක් පමණ ද, සමනල විශේෂ 40ක් පමණ ද දැකගත හැකිය.
එමෙන්ම සුන්දර සිය ඇලි කිහිපයක් ද මේ තුළ දැක ගත හැකිය. ඒ අතරින් වන ලැහැබ තුළ පිහිටි මීටර් 19ක් පමණ උසැති බේකර්ස් ඇල්ල ඉතා අලංකාරවත් ලෙස ඇඳ හැලේ. ගෝනුනු, මුවන්, ලේනුන්, ඌරන් වැනි සතුන් ද, කුඩා පක්ෂීන් මෙන්ම ජලජ ජීවින්ගෙන් ද මේ පරිසරය පරිපුර්ණය.
මෙහි වනාන්තර කුරු වනාන්තරවල ස්වභාවය දරයි. එසේ වී ඇත්තේ එම ප‍්‍රදේශවල පවතින දැඩි සුළඟට ඔරෝත්තු දිය හැකි වන පරිදිය. මෙහි ශාක සාමාන්‍යයෙන් මීටර 12-15ක් පමණ උසට වැඩෙන අතර ගස් මුදුන කූඩයක හැඩයක් ගනු ලබයි.
මෙසේ ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් වු සොබා දහමේ අපුර්ව දායාදයක් මෙන්ම ලෝක උරුමයක් ද වන හෝර්ටන් තැන්න රැුක ගැනීම පරිසර හිතකාමී අප කාගෙත් වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ.
No comments:
Post a Comment