ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender)

ලිංගිකත්වය ජීව විද්‍යාත්මක වන නමුත් ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය (Gender) සාමාජීය හා සංස්කෘතික සාධක අනුව තීරණය වේ. මෙහිදී ජීව විද්‍යාත්මක සාධකවලට වඩා ඒ ඒ සමාජයන් විසින් පුද්ගලයන්ට පවරා ඇති ස්ත‍්‍රී - පුරුෂ චරිත ස්වභාවයන් වැදගත් වේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ කාර්යයභාරයන් (Gender Role) සමාජයෙන් සමාජයට වෙනස් වේ. මෙය පුමිතිරි භාවය ලෙස ද හඳුන්වයි. එනම් එම කාර්යයන් සමාජය හා සංස්කෘතිය විසින් පවරනු ලැබේ. මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක වෙනස මත නොව සමාජය හා සංස්කෘතිය යන සාධක මත ඇති වුවකි. මීට අමතරව සාම්ප‍්‍රදායික විශ්වාස ද බලපෑම් කළ හැකිය.
ලංකාව තුළ ගැහැණු දරුවෙකුගේ උපතට එතරම් කැමැත්තක් නොමැති අතර, පිරිමි දරුවෙකුගේ උපත සතුටට කරුණකි. මේ වෙනස දරුවන් වර්ධනයේ දී පවා අවධානයට ලක් වේ. ලිංගිකත්වය පදනම්ව සමාජානුයෝජන ක‍්‍රියාවලිය ද තීරණය වේ. මෙහිදී ගැහැණු දරුවන් ස්ත‍්‍රී ගති ලක්ෂණ අභ්‍යන්තරීකරණය කර ගන්නා අතර පිරිමි දරුවා පිරිමි ගති ලක්ෂණ හුරු කොට ගනී. මෙහි වගකීම පිළිවෙලින් මවට සහ පියාට පැවරේ. සංස්කෘතිය තුළින් ස්ත‍්‍රී - පුරුෂ චර්යා රටාවන් ගැන අදහසක් ලබා දේ. මෙය සමාජයෙන් සමාජයට ස්ත‍්‍රී - පුරුෂයන්ගේ ස්වභාවය අනුව වෙනස් වේ. ඒ නිසා බොහෝ සමාජ වල ස්ත‍්‍රී - පුරුෂ විෂමතාවයන් සමාජය තුළින් ඉස්මතු කොට ඇත. මෙය පදනම්ව මිනිසුන් අතර විඥානිකව හෝ අවිඥානිකව එම වෙනස්කම් අභ්‍යන්තරීකරණය කර ගනී. කුල, පංති, ජනවර්ග, වර්ණ භේදය, ආගමික වශයෙන් වෙන්ව හඳුනා ගන්නවා මෙන්ම ස්ත‍්‍රී - පුරුෂ වශයෙන් ද වෙනස්කම් පදනම් කරගෙන ඉහළ පහළ තත්වයන් යටතේ ස්තරගත කිරීමක් දක්නට ලැබේ.
මේ අනුව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක සාදක පදනම් කර ගෙන පවතින්නක් නොවන බවට පැහැදිලිය. මේ පිළිබඳව ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය හා ඒ හා සම්බන්ධ මානසික හා සංස්කෘතික ලක්ෂණ ගැන පර්යේෂණ පැවැත් වු මානව විද්‍යාඥවරියක වන මාග‍්‍රට් මීඞ් (Margaret Mead) පෙන්වා දී ඇත. ඇය මේ පිළිබඳව නිව්ගිනියාවේ ගෝත‍්‍රික කණ්ඩායම් තුනක් ආශ‍්‍රීත ස්ත‍්‍රී - පුරුෂ කාර්යයන් ගැන අවධානය යොමු කරමින් පහදා දී ඇත. ඒ
x අරපේෂ් (Arapesh)
x මුන්ඩුගුමාර් (Mundugomor)
x චම්බුල් (Thehambuli)
යන ගෝත‍්‍රයි. මෙයින් ඇය පෙන්වා දී ඇත්තේ කිසියම් සමාජයක පුරුෂයින් තුළ දැකිය හැකි පුරුෂයින්ගේ ලක්ෂණ යැයි පෙන්වා දෙන ලක්ෂණ තවත් සමාජයක ස්ත‍්‍රීන් තුළ දක්නට ලැබෙන බවයි.

මුන්ඩුගුමාර් පිරිස අරපේෂ් ගෝත‍්‍රයට වඩා වෙනස්ය. රණකාමී මොවුන් දෙපාර්ශවය තුළම තරඟකාරීත්වයක් සහ ආක‍්‍රමණශීලිත්වයක් පැවතිණි. සහයෝගයක් නොවු අතර දෙපිරිසම සැඩ පරුෂ ලක්ෂණ වලින් යුක්තය. කාන්තාවන් ද පිරිමින් මෙන් ගස් නැගීම, සතුන් පසු පස හඹා යාම, දඩයම සිදු කරන්නට විය. ඒ නිසාම කාන්තාවන්ට ද පිරිමින් මෙන් හැඩි දැඩි ශරීරයක් විය. මෙය පිරිමි ගති ලක්ෂණයක් වුව ද කාන්තාවන් තුළ ද පැවතිණි.

මින් පැහැදිලි වන්නේ ස්ත‍්‍රී - පුරුෂ සමාජභාවය සමාජයෙන් සමාජයට වෙනස් වන බවයි. පොදු වුවක් නම් ලොව සියලූ ස්ත‍්‍රීන්ට එක සමාන විය යුතුය. නමුත් කාන්තා හා පිරිමි කාර්යයන් වෙනස් වන්නේ එම සමාජයේ සංස්කෘතිය හා සාමාජීය ලක්ෂණ මතය. දකුණු ආසියාතික රටවල කාන්තාවන් සමාජයේ දෙවන පංතියේ වරප‍්‍රසාද භූක්ති විදී. බටහිර යුරෝපීය රටවල පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් සම මට්ටමේ වරප‍්‍රසාද ලබන අතර මාතෘ මුලික සමාජ ලෙස සලකන සමාජ වල කාන්තාවන්ගේ සමාජ මට්ටම් ඉහළ තත්වයක රැදී ඇත.