මානව උරුමයක ආගමික සංහිඳියාව පාහියන්ගල ලෙන් විහාරය
සංස්කෘතික වශයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වශයෙන් ජනාදරයට පාත‍්‍ර වු ස්ථානයක් කළුතර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. ඒ බුලත්සිංහල සිට කිලෝ මීටර් 5ක දුරකිනි. මෙම ඓතිහාසික ස්ථානය පිහිටා තිබෙන්නේ යටගම්පිටිය නමැති ග‍්‍රාමයේය. මෙම ස්ථානයට ළඟ වීමට ප‍්‍රධාන මාර්ග 2 ක් පිහිටා තිබේ. එක් මාර්ගයක් නම් කළුතර සිට මතුගම මාර්ගයේ බුලත්සිංහලට පැමිණ ළඟා විමට හැකි මාර්ග යයි. අනෙක් මාර්ගය නම් වඩා පහසු හොරණ කලවැල්ලාව මාර්ග යයි. ප‍්‍රදේශයේ වැදගත් ස්ථානයක් වශයෙන් පාහියන්ගල පුරාණ විහාරයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මෙම විහාරස්ථානයට දවස පුරා ඇඳි එන පිරිස අති විශාලයි. ඔවුන් පැමිණෙන්නේ ආගමික වතාවත් වලට මෙන්ම මෙහි ඇති ස්වභාව සෞන්දර්යය විඳ ගැනීමටය.
පාහියන්ගල නමින් හඳුන්වන පර්වතයේ දැවැන්ත ලෙන් කුටිය තුළ ඇති මහා හිදැස මුළු ලොවක මානව පැවැත්ම හා ඒ ගමන් මාර්ගය වෙත පිවිසෙන ආලෝක කවුලූවකි. මුහුදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ උසකින් මෙය පිහිටා තිබේ. පාහියන්ගල කඳු පර්වතය පිහිටා ඇත්තේ සබරගමු කඳු පන්තියේ රබලි කන්දට මායිම්වයි. ස්වභාව සෞන්දර්යයෙන් අනුන අක්කර 80 ක පමණ වන ගහනයක් මීට අයත් වේ. වන ගහනය පාමුල සිට නයි පෙනයක හැඩය ගත් ලෙන තුළට යැමට ශෛලමය පියගැට හාරසිය අසු ගණනක් පමණ තරණය කළ යුතු වේ. මෙය ලංකාවේ ඓතිහාසික දැවැන්ත ලෙන් සියල්ල අභිබවා සිටි. මෙය දඹුලූ ලෙනට වඩා තුන් ගුණයක් විශාල බව පැවසේ. පාහියන්ගල ලෙන පිළිබඳව ජනප‍්‍රවාද ද පවති. මෙය දිස්ත‍්‍රික්ක දෙකක් මැද පිහිටි ස්ථානයකි. රත්නපුර දිස්ත‍්‍රික්කය, කළුතර දිස්ත‍්‍රික්කය යාවන පුරුකක්වන අරුතින් පාහියන්ගල වු බවට ද මතයක් පවති. එමෙන්ම දේශ ගවේශක පාහියන් භිෂුව ශ‍්‍රී පාදයට යන අතරතුර නවාතැන් ගත් නිසා පාහියන්ගල වු බවට ද මතයක් පවතී. නමුත් මේ දෙකෙන් ප‍්‍රබලම මතය වන්නේ පාහියන් භික්ෂුව හා බැදී කතා පුවතයි.
1968 සිට මානව ඉතිහාසයට මෙය සම්බන්ධ වේ. එයට එච්. ජයවර්ධන නමැත්තෙක් පුරෝගාමි විය. ජයවර්ධන මහතාගේ දැනුවත් කිරීම මෙරට ඉතිහාසය පිළිබඳ සොයා ගැනීමට රුකුලක් වුයේය. මෙම ලෙන පිළිබඳව ප‍්‍රථමවරට පුරා විද්‍යා පර්යේෂණ 1968 ආරම්භ විය. එයින් පසු මෙය වැදගත් ස්ථානයක් වශයෙන් නම් කරන්නට විය. 1986 සිට මෙහි කැණිම් සිදු කරන්නට පටන් ගැණුනු අතර ඒ එකල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. විජේපාල හා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ශීරාන් දැරණියගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේය. මෙහිදී දකුණු ආසියාවේ මෙතෙක් සොයා ගන්නා ලද පැරණිතම නවීන මානව ඇට කටු සොයා ගන්නට හැකි විය. ඔවුන් ගින්දර පාවිච්චි කළ බවට ද සාධක හමුවේ. ගල් ආයුධ, ඇඹරුම් ගල් ද හමුව ඇත. කුඩා උප ලෙනෙහි කළ කැණීම්වලින් සම්පුර්ණ මානව සැකිල්ලක් හමුව ඇති බවත් එය කාන්තා සැකිල්ලක් බව ශීරාන් දැරණියගල මහතා පවසයි. එය වසර 37,000 කට වඩා එය පැරණි බවත් අනුමානය කෙරේ. එසේ්ම 2012 දී එය වැඩි දුර පර්යේෂණ සඳහා එංගලන්තයට යවනු ලැබිය. මෙය වළක් තුළ තැන්පත් කිරීමක් නොව පොළොව මතුපිට තැන්පත් කිරීමකි. මේ නිසා මෙතෙක් ලංකාවේ විසු ආදි මානවයා ලෙස සැලකු බලංගොඩ මානව මී මුත්තාගේ කිරුළ පාහියන්ගල ආදී මී මුත්තාගේ හිස මත පැලඳිනි.
ආදී මානවයා පාහියන්ගලට සම්බන්ධ විමත්, එම ප‍්‍රාග් ඓතිහාසික උරුමය ඓතිහාසික බෞද්ධ උරුමයකට සම්බන්ධවීමත් නිසා මෙයට විශේෂත්වයක් හිමිවේ. මෙම ගිරි ශීඛරය විහාරස්ථානයක් කිරීමට පුරෝගාමි වුයේ පොරෝගම හිමි නමින් ප‍්‍රකට හිමි නමක්. මාතරදී ජන්ම ලාභය ලද උන්වහන්සේ මෙහි වැඩම කලේ මහනුවර සිට බව ප‍්‍රකට කරුණකි. ඉතා දුෂ්කර දුර්ග මාර්ගයකින් ලෙන සොයාගෙන උන්වහන්සේගේ පැමිණිම සිදු වන්නට විය.
මෙහි ඇත්තේ කුඩා විහාරස්ථානයකි. මෙහි ප‍්‍රතිමා කැට ගලින් හා මැටිවලින් නිර්මාණය කර ඇත. සිතුවම් හා මුර්ති වලට ස්වභාවික වර්ණ යොදා ගෙන ඇත. ප‍්‍රතිමා අතර විශ්ණු දෙවියන්ගේ වාහනය වන ගුරුලාගේ රූපයේ උඩ කොටසට ගුරුලාගේ රූපයත් යට කොටස මිනිස් රූපයක හැඩයද ගනී. එමෙන්ම සමන් දෙවියන්ගේ වාහනයේ යට කොටසත් මිනිස් රුවට සමානය. මෙහි සුවිසල් උළුවහු දෙක අදත් දැකගන්නට හැකියාව ඇත. එම යෝධ උළුවහු අද තත්වයේ උළුවහු හයකට සමානබව ද පැවසේ. මෙහි ගොඩනැඟිලි මෙන්ම ප‍්‍රතිමා හා සිතුවම් නුවර යුගයේ කලා සම්ප‍්‍රදාය අනුව ගොඩනැඟුණකි. ලෙන තුළ ඇති හතලිස් රියන් සැතපෙන පිළිම වහන්සේ මෑත කාලයේදී වැඩ අවසන් කළ නිර්මාණයක් වේ.
පාහියන්ගල ”පුරා විද්‍යා තහනම් භූමියක්” ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ රජ්‍යට අයත් භූමියක් ලෙසයි. ලෙන් කුහරයේ උස අඩි 150 ක් අතර පළල අඩි 70 ක් ලෙස විහිදී තිබේ. මේ අනුව ප‍්‍රාග් ඓතිහාසික මානව උරුමයකට ආගමික මුහුණුවරක් ද ආරෝපණය වී පුජනීයත්වයට පත් වී ඇත. එම නිසා මෙම ලෙන තුළට ගමන් කිරීමේ දී දැනෙන්නේ වසර 37,000 කට පෙර ඉපැදුණු මී මුත්තණුවන්ට ශීෂ්ට සම්පන්න මානවයෙක් වශයෙන් සමාජ ගත කිරීමට උත්සහා දැරූ බවක් වැනි උතුම් හැඟිමකි.