පොසොන් පෝය
සුවාසු දහසක් නිර්මල වු බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලත් මේ ලක්දිව ධර්මද්වීපයකි. මෙකී ශී‍්‍ර ලංකාවට අද දිනය යනු බුදුරදුන් සැදැහැවතුන්ගේ සිත්තුළ භක්තියෙන් සිහිපත් වන උතුම් දිනයකි. මෙකී පොසොන් පෝය දිනය කී විට නිරායාසයෙන්ම බෞද්ධ ලක්වාසීන්ට සිහිවන්නේ මිහිඳු මහරහතන් වහන්සේය. පොසොන් පෝය කී විට මහින්දාගමනය, මිහින්තලාව, තිස්ස නිරිඳුන් නිරායාසයෙන්ම සිහිවන තරමට අද දිනය ලක්දිව බෞද්ධ ජීවිත හා බද්ධව පවතී. මක්නිසා ද යත් මෙලොව මෙන්ම පරලොව ද යහපත් කර ගත හැකි බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මස්කන්දය ලංකාද්වීපයට හිමිවුයේ අදවන් පොසොන් පෝය දිනයකය.
වෙසක් පුන් පොහොය දිනයේ උණූසුමත් සමඟම උදාවන පොසොන් පෝය දිනය ලක්වාසීන්ට අතිශය වැදගත් වේ. මක් නිසාද යත් බුදුරජාණන් වහන්සේගේ පවිත‍්‍ර ධර්මය ලක්වාසීන්ට අවබෝධකරවනු වස් අනුබුදුමිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා අම්බස්තලය වෙත වැඩම කරන ලද්දේ අදවන් දිනකය. ගස්, ගල්, ඉර, හඳ ආදි වස්තූන්ට වන්දනාමාන කරමින් සිටි ශී‍්‍ර ලාංකිකයින්ට නිවැරදි දහමක්, දැක්මක් හිමි වුයේ මහින්දාගමනයෙන් අනතුරුවයි.
ලක්දිවට වැඩි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට පළමුව මුණ ගැසෙන්නේ දෙවන පෑතිස් රජතුමාය. අනතරුව එතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වීමෙන් අනතුරුව ලංකාද්වීපය ධර්මද්වීපයක් විය. මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලංකාවට ගෙන ඒම සම්බන්දව විවිධ වු කතා පුවත් පවතී.
එකල භාරතයේ රජකම් කළ අශෝක අධිරාජ්‍යයා විවිධ රාජ්‍ය සමග සටන් කරමින් අධීරාජ්‍ය බලයක් පිහිටුවන්නට විය. අතිශය කෲර යුධ වැදිමකින් අනතුරුව කාලිංග දේශය ද තම රාජ්‍යට අඳා ගනිමින් අශෝක අධිරාජ්‍යයා විශාල අධිරාජ්‍යක් පිහිටුයේය. එහෙත් මෙම කාලිංග මාඝ යුද්ධයේ දී විශාල ජීවිත සංඛ්‍යාවකට හානි විය. මෙම දිග් විජය නම් වු පාලන ක‍්‍රමය සමඟ විශාල වශයෙන් මිනිස් ඝාතන සිදුවන බැවින් ඒ පිළිබඳව රජු තුළ වුයේ මහත් සන්තාපයකි. මේ ගැන තැවෙමින් මාළිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලා සිටි අශෝක රජුට ඒ මේ අත දිවයන මිනිසුන් අතරේ සිත නිවාලන අසිරිමත් දසුනක් දැක ගන්නට ලැබිනි. ඒ සන්සුන් ගමනින් වඩින සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේය. මෙම සාමණේරයන් වහන්සේ දුටු පමණින් රජුගේ සිතට පැහැදිමක් ඇති වී ඉනික්බිතිව නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව සිය රජ මැදුරට වැඩම වු සේක. මෙහි ප‍්‍රතිඵලයත් ලෙස චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක බවට පත් විම ආරම්භ වන්නට විය. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාට ධම්ම පදයේ අප්පමාද වග්ගයේ ගාථාවලින් දහම් දෙසු සේක.
ඉනික්බිතව බුදු දහම වැළඳගත් අශෝක අධිරාජ්‍යා අසුහාරදාහසක් වෙහෙර විහාර කරවා බුදු දහමට විශාල මෙහෙයක් සිදු කරන ලදී. එමෙන්ම තම දරුවන් වු මිහිඳු කුමාරයාත්, සංඝමිත්තා කුමරියත් සසුනට පුජා කළේය. මෙය ධර්ම විජයේ ආරම්භය විය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් තෙවන ධර්ම සංගායනාව පවත්වන ලදී. ධර්මදුත ශ‍්‍රාවක පිරිස් යටතේ ලොවපුරා ධර්මය ප‍්‍රචාරය කරන්නට විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාද්වීපයට ද බුදු දහම හිමි විය. ලංකාවට බුදු දහම ව්‍යාප්ත කරවිමට ගත් අශෝක රජුගේ උත්සහාය තරමක් විශේෂ වේ. ඒ දිගු කාලයක් පටන් අශෝක රජු හා දෙවනපෑතිස් රජු අතර ලියුම් මඟින් මිතුරුකමක් පැවතීමයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවට එවන ලද ධර්මදුත කණ්ඩායම ද විශේෂ වේ. මේ පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසකට රාජ්‍ය සුහදතාව දැඩිව පැවතිනි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වු අතර, සුමන සාමණේරයන් වහන්සේ අශෝක අධිරා්‍යයාගේ සංඝමිත්තා නම් දියණියගේ පුත‍්‍රයා වුහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් භණ්ඩුක උපාසකතුමා සඳහන් වේ. මෙවැනි රාජකීය දුත පිරිසක් ශ‍්‍රී ලංකාවට සැපත් වුයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස්වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.
එකල ලංකාද්වීපයේ රජකම් කළ දෙවනපෑතිස් රජතුමා පොසොන් පෝය දිනයේ් දඩකෙළිය සඳහා මිස්සක වනයට පිටත්ව සිටියේය. රජු මුවෙක් පසු පස යමින් සිටින අවස්ථාවේ ”අනුබුදු” නමින් ගෞරවාදරයට පත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමණ සාමණේර යන මහරහත් වහන්සේලාත් භණ්ඩුක නම් උපාසකයාත් මිස්සක පව්වේ දී දෙවනපෑතිස් රජුට හමු විය.
”සමණා මයං මහාරාජා - ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය - ජම්බුදීප ඉධාගතා”
”මහරජ, අප ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වු ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසු මිහිඳු හිමි රජුගේ නුවණ ඇති බව පරීක්ෂා කිරීමට ගැටලූ කිහිපයක් ඉදිරිපත් කරන ලදී. දේවානම්පියතිස්ස රජුගේ නුවණැති බව වටහා ගත් මිහිඳු හිමි තම අනාගත කාර්යයේ සාර්ථකත්වය අවබෝධ කර ගත්තේය. ඉක්බිතිව දෙවනපෑතිස් රජතුමා ඇතුලූ පිරිසට මිහිඳු හිමි දේශණා කළ සුත‍්‍රය වන්නේ චුල්ලහත්තිපදෝපම සුත‍්‍ර යයි. තුනුරුවන්ගේ උසස්කම ද, භික්ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද, ශ්‍රේෂ්ඨ ගුණගරුක ජීවිතය ද, සිවුසස් දහම් ද මෙහි විස්තර වේ.
මේ සුත‍්‍රයට අනුව ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා හා පිලෝතික පරිබ‍්‍රාජකයා අතර ඇතිවන සංවාදයේ දී පිලෝතික පරිබ‍්‍රාජකයා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයාට බුදුහිමි හඳුන්වා දෙයි. මෙහිදි පරිබ‍්‍රාජකයාගේ දීර්ඝ විස්තර කිරීම අවසන් වු පසු ජානුස්සෝනි බමුණා රියෙන් බැස උතුරු සලූව එක්කොට පොරවා බුදුහිමි වැඩ සිටි දිසාවට වැඳ තුන්වරක් නමස්කාර පාඨය කියා නමස්කාර කළහ. පසු දිනක බුදුහිමි මුණගැසුන ජානුස්සෝනි බමුණාට හස්ථිපදෝපම ධර්ම දේශණාව අංග සම්පුර්ණව දෙසුහ.
මෙලෙස අපට හිමි වු බුදු දහම හේතු කොට ගෙන ශ‍්‍රී ලංකාද්වීපයම ධර්ම රාජ්‍යයක් බවට පත් විය. දේවානම්පියතිස්ස රජු වෙහෙර විහාර ඉඳි කරවමින් බුදු දහම රැුක ගැනීමට විශාල මෙහෙයක් ඉටු කරන ලදී. අටමස්ථාන, සොළොස්මස්ථාන ආදී ෙඵෙතිහාසික වෙහෙර විහාරස්ථාන, සමුදුර පරයන වැව් අමුණු, වේලි, කෙත්වතු, උයන්වතු කියා පාන්නේ මිහිඳු මාහිමියන්ගේ සිත තුළ පහළ වු අසීමිත අනුකම්පාවයි. භෞතික වශයෙන් රටක් දියුණු කිරීමට පළමුව රජු ඇතුලූ පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්වා ගැනීම මුලික පියවර වන්නේ යැයි සිතූ මිහිඳු මාහිමි ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවුහ. ”මිනිසා හදා රට ගොඩනඟමු” යන සංකල්පයේ ආරම්භය අප රට තුළ සමාජ ගත වන්නේ මේ සිද්ධියෙන් පසු බව වැටහේ. හෙළදිව පළමුව තෙරුවන් සරණ ගිය, පන්සිල් රකින පිරිස බවට මොවුහු ඉතිහාසයට එක් වී ඇත.
කෙසේ නමුත් මෙලෙස අපට හිමි වු බුදු දහම අද දක්වාම ශ‍්‍රී ලංකාද්වීපය තුළ නොනැසී පවතී. එසේ වුව ද එදා බුදු දහම අපට හිමි වු කළ පොසොන් පෝය සමරන ආකාරය අද වන විට විශාල ලෙස වෙනස්කම් වලට භාජනය වී ඇත. එදා අප අභීත රජවරු මෙම උතුම් දිනය පින් දහම් කරමින් බෞද්ධ කටයුතුවලට උරදෙමින් ගෞරවනීය ලෙස සමරන ලදී. අද වන විට මෙම තත්වය උඩු යටිකුරු වී ඇත. පොසොන් පෝය දිනයට පවා පන්සල් නොයන බෞද්ධයන් කී දෙනෙකු නම් සිටිනවා ද? තොරණ් හා වෙසක් කූඩුවලින් වර්ණවත් වන මෙදින අතිඋත්කර්ෂවත් අයුරින් ලාංකිකයන් සමරති. නමුත් මෙදිනට අප කරනුයේ බුදු දහමේ පැවැත්මට මෙහෙවරක් කරනවා වෙනුවට එය තවත් එක් උත්සවයක් බවට පත් කර ගැනීම පමණි. මෙදින තොරණ් හා වෙසක් කූඩුවලින් අලංකාර විය යුතුය. ඒ වුව ද මේ සියල්ලම අප බෞද්ධයන් යැයි සිතෙහි තබා ගෙන බෞද්ධ ක‍්‍රමයට සිදු කරනවා නම් මාගේ අදහස වන්නේ, අද යටපත් වෙමින් යන බුදු දහමට නව ජීවයක් ලැබෙනවා නොඅනුමානය.
දුලිනි පෙරේරා
Good
ReplyDelete