සම්ප‍්‍රදායෙන් ඔබ්බට
මෙලොව සෑම මිනිසෙක් පාහේම යම්කිසි සම්ප‍්‍රදායකට උරුමකම් කියයි. පෙරදිග රටවලට හාත්පසින්ම වෙනස් සම්ප‍්‍රදායකට බටහිර රටවල් උරුමකම් කියයි. එකිනෙකට පරස්පර විරෝධී වුව ද සෑම මිනිසෙකුටම සම්ප‍්‍රදායක් හිමිය. මෙකී සම්ප‍්‍රදායෙන් ඔබ්බට යන්න සියලූ දෙනා තුල ඇත්තේ කුහුලකි, සමාජයට දක්වන බියකි.
නමුත් සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය, සමාජය වෙනස් කළ පුද්ගලයන් සියල්ලම නව ලොවක්, නව නිර්මාණයක් බිහි කරයි. නමුත් මෙහි යහපත් සහ අයහපත් ලෙස පැතිකඩ දෙකක් ඇත.
එදා ලූම්බිණි සල්උයනේ දී සුද්ධෝදන රජු දාව මහමයා දේවියගේ කුසින් උපත ලද සිද්ධාර්ථ කුමරු පියරජුට කීකරුව සිටියා නම් සක්විති රජ වනවා නිසැකය. නමුත් එදා පියරජුට කීකරුව සත්‍ය සොයා නොගියා නම් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ, අප අදහන බුදු දහම බිහි නොවනු ඇත. පිය උරුමයෙන් රජකම ලබා ගන්නා සම්ප‍්‍රදායේ ගැබ්ව සිටියා නම් අද මෙලොව අප අදහන බුදු දහම බිහි නොවනවා නිසැකය. එහි දී සිදුහත් කුමරු සම්ප‍්‍රදාය බිඳිමින් නව ලොවක් බිහි කරන්නට විය.
තවද කාවන්තිස්ස රජුගේ පුත් දුටුගැමුණු කුමරු පියාට කීකරුව සිටියා නම් අදටද ශ‍්‍රී ලංකාව සොලී පාලනයට නතුව තිබෙන්නට ඉඩ තිබිණි.
සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගියවලූන් සියල්ලම නව ලොවක් බිහි කරන්නේ ද නැත. නමුත් ඒ සිතුවිල්ල යහපත් නම් එක් පුද්ගලයෙක් හෝ වෙනස් කිරීමට සමත් වේ. සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය පුද්ගලයන් නව සම්ප‍්‍රදායන් බිහි කරයි ද? නැතිනම් අකීකරු පුතුන් නව ලොවක් බිහි කරයි.... සත්‍යක් ද.... අසත්‍යක් ද....?
No comments:
Post a Comment