Wednesday, July 5, 2017

සුන්දර නිවාඩුවක් ගත කරන්ඩ යමුද?

          නිවාඩු කාලයට ඔයාලා කොහේ හරි යන්ඩ හිතාගෙන ඉන්නවා ද? එහෙම හිතා ගෙන ඉන්න ඔයාලට නිවාඩුවක් ගත කරන්න හොඳ ස්ථාන කිහිපයක් ගැන තමයි මම ඔයාලට කියන්ඩ යන්නේ. හොඳ හැටි හයික්න්ග්, කෑම්පින්ග් කරන්නත් මේ තැන් හොඳයි. ඒ වාගේම මේ තැන්වලට ගියහම ගැමි සුන්දරත්වය, ගැමි ජීවන රටාව අත්විඳින්න, ගමේ රහට කෑම කන්නත් පුලූවන්. 

01. මීමුරේ
          මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර ගමකි. නුවර - මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ මහියංගනය දෙසට කීලෝමීටර් 43 ක් පමණ ගිය විට නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇති හුන්නස්ගිරිය හමුවෙනවා. හුන්නස්ගිරියෙන් වම්පසට හැරී නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කීලෝමීටර් 36ක් පමණ දුරක් ගිය විට මීමුරේ නම් මේ ගම්මානය දකින්න පුලූවන්. මේ ගම්මානයේ මහා පතාක යෝධයෙකු මෙන් ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය තියෙනවා. ගම ආරක්ෂා කරන දේවතාවෙකු ලෙස තමයි ගම්වැසියන් මේ ගල හඳුන්වන්නේ. මීමුරේ ගම්මානයෙන් තරමක් වනය තුළට යනවිට පහළට ?රා වැටෙන දිය ඇලි ගනණාවක් හමුවෙනවා. ජල ක‍්‍රීඩා කරන්න කැමති අයටත් මේ දිය ඇලි නම් කදිමයි. මේ ගමේ සුන්දරම කාලය වෙන්නේ ජනවාරි සිට මැයි දක්වා කාලය. නමුත් අවුරුද්ද පුරාම සංචාරක පිරිස් මෙහි යනවා. ඒ මේ සුන්දරත්වය විඳගන්න තමයි.

02. උඩවාඩිය
          කඳු මුදුන් වලින් වට වුණ, කන්දක් මැද්දට වෙන්න පිහිටපු ලස්සන ගමක් තමයි උඩවාඩිය කියන්නේ. මෙය පිහිටලා තියෙන්නේ බඳුල්ල දිස්ත‍්‍රික්කයේ. මෙහි ජීවත් වන පුද්ගලයින්ගේ ජීවන රටාව නම් සෑමෙන්න දුෂ්කරයි. මේ ගමට යන්න කීලෝමීටර් 5 ක් පමණ පා ගමනින් යන්න ඔිනේ. ඒ තේ වතු, කැලැ මැද්දෙන්. යන අතරතුර දැනෙන විඩාව නිවා ගන්න නම් තැන් කිහිපයක්ම තියෙනවා. ගල් ගුහා, ගල් තලා දැක ගන්න පුලූවන්. ඒවාගේම මඟ දිගට හම්බ වෙන සුන්දර දර්ශන නිසා විඩාවක් නම් දැනෙන එකක් නැහැ. වතුර වලිනුත් නම් කිසිම අඩුවක් නෑ. ගමනේ අවසානය දකින්න නම් උඩවාඩිය ඇල්ලෙන් හොඳ වතුර ටිකක් නාගන්න  ඕනේ.

03. කයිකාවල
          මේ කියන්නේ නකල්ස් කඳු පන්තියේ තියෙන කයිකාවල ගැන. නුවර මහියංගන පාරේ හුන්නස්ගිරියට ඇවිත් මීමුරේ පාරේ කීලෝ්මීටර් 25 ක් විතර ගිය තැන තමයි මේ ගම හම්බවෙන්නේ. කුඩා වුණත් මුලූමනින්ම ස්වයං පෝෂිත ලස්සන ගම්මානයක් තමයි කයිකාවල කියන්නේ. සුන්දර දිය ඇලි, ඔය පාරවල් මේ ගමේ තියෙනවා. ඒ වාගේම ලංකා ඉතිහාසයට සම්බන්ධ වෙඩි ලූණු ගුහාව තියෙන්නෙත් මේ කිට්ටුව.

04. වල්පොලමුල්ල
          මේ ගමට යන්න මාතලේ රිවර්ස්ටන්වලට යන්න  ඕනේ. ඊට පස්සේ පිටවල, රත්නින්ද, ඇටන්වල, මානිගල ඔස්සේ කීලෝමීටර් 10ක් විතර මේ ගමට යන්න තියෙනවා. වට පිටාවේ සුන්දරත්වය නිසා මේ ගමනේ මහන්සිය නම් දැනෙන එකක් නෑ. ලංකාවේ පොඩිම ගම තමයි වල්පොලමුල්ල. සමහරු මේ ගම ආසියාවෙන් පොඩිම ගම කියලත් කියනවා. දුෂ්කර ගම්මානයත් වුවත් බත, බුලතින් සරුසාර ගමක් තමයි මේ ගම. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානි ගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

05. කොහොනාවල
          ලංකාවට අඩුවෙන්ම ඉර එළිව වැටෙන ගම තමයි මේ කොහොනාවල කියන්නේ. පිහිටලා තියෙන්නේ බදුල්ල, පස්සර, මඩොල්සීම ගමේ ඉඳන් කීලෝමීටර් 8 - 9 ක් විතර කැළේ ඇතුළට වෙන්න. මේ ගම මුලූමනින්ම වට වේලා තියෙන්නේ කඳුවලින්. ඒ නිසා හොඳට පායන කාලයට පවා ඉර එළිය වැටෙන්නේ පැය 6ක්, 8ක් වගේ කාලයක්. මේ ගමේ අය ගෙවන ජීවන රටාව නම් හරිම දුෂ්කරයි.

06. ලංකාගම
           සිංහරාජ මායිමේ තියෙන හැංගුණු තවත් ලස්සන ගම්මානයක්. ගාල්ල නෙලූවට ගිහින් කොස්මුල්ල ඔස්සේ කැලේ මැදින් පාරක තමයි මේ ගමට යන්න තියෙන්නේ. කීලෝමීටර් 3 - 4ක් විතර යන්න තියෙනවා. ගිං ගං මිටියාවතේ පිහිටි මේ ගම මුලූමනින්ම ස්වයං පෝෂිතයි. මේ ගම වටේම දිය ඇලි, ගල් තලා දැකගන්න පුලූවන්. ලස්සන දුවිලි ඇල්ලක් ද තියෙනවා. ඒ වාගේම බ‍්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ දිය ඇලි තියෙනවා. හැබැයි වැස්ස කාලෙට මෙහෙ යන අයට කූඩැල්ලන්ගෙන් නම් ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා.

07. ගලමුදුන ගම
            හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තේ තියෙන ගලමුදුන ගම ගැන තමයි මම මේ කියන්න හදන්නේ. උඩුදුම්බරින් තල්ගුණේ, හුලූගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න  ඕනේ. එතන ඉඳලත් කීලෝමීටර් 2 - 3ක් ගියාහම තමයි මේ ගම හමුවන්නේ. නකල්ස් කඳු පන්තියේ එක බෑවුමක් තමයි මේ ප‍්‍රදේශය. මේ ගමේ ජීවන රටාව නම් ටිකක් දුෂ්කර වුණත් ගමේ පිරිස නම් ඉන්නේ හරිම සතුටින්. ඒ වුණාට බත බුලතින් නම් සරු සාරයි. කඳු පන්තිවලින් මෙන්ම දිය ඇලි වලිනුත් මේ ගම සුන්දර කරනවා. මේ ගම්මානය උදේට වාගේම සවස් කාලයටත් හරිම ලස්සනයි. ලකේගල, යහන්ගල, කුවේණිගල වගේ කඳුවලිනුත් මේ ගම තව තවත් ලස්සන කරනවා. ගම මැදින් ගලා යන හීන් ගඟත් ගමට සුන්දරත්වයක් එක් කරනවා.
ඉතින් යාලූවනේ ඉදිරි නිවාඩු කාලවල ඔයාලාත් මේ ගම්මානවල සුන්දරත්වය විඳින්න යනවා නම් ගමේ පරිසරයට නම් හානි කරන්න එපා. ඒ වාගේම අනාගත පරපුරටත් මේ ගැමි සුන්දරත්වය විඳගන්න රැුතගන්න කියලා තමයි කියන්න ඔයාලාගෙන් ඉල්ලන්න තියෙන්නේ. 

Monday, June 26, 2017

යථාර්ථය

දකින මතුපිට සුන්දරය .....
නමුත් .....
දිය දහරකට අවශ්‍ය
ගලායන්න ......
එසේ නම්,
සිරකරගත්
දිය දහර තුළ .....
යථාර්ථයෙන්ම,
සුන්දරත්වයක් තිබේද?


තාරුණ්‍ය



විටෙක දඩබ්බරය,
තවත් විටෙක නිස්කලංකය .....
සයුරත් .....
තාරුණ්‍යයත් .....


Sunday, June 25, 2017



චිත‍්‍රපටයේ බිහිවීමට දෘෂ්ටියේ අඛණ්ඩතාවය

          ඡයාරූප ශීල්පය ඉතා පුලූල් ලෙස ව්‍යාප්තියෙන් පසු එම නිශ්චල ඡුායාරූපය චලනය කර ගැනීමේ හැකියාව ගැන සොයා බැලිමේ අවශ්‍යතාවය මතු විය. නිශ්චල ඡයාරූපවල නිශ්චලතාව බිඳ හෙලා වස්තුවක් චලනය වන ස්වභාවය සටහන් කර ගැනීම පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදු විය. නමුත් මේ පිළිබඳ අවධානය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ කාලය තුළ පටන් පැවතුණි. පසුව 17 වන සියවසේ සෙවනැලි නාටක, මැජික් ලන්තෑරුම සොයා ගැනීමත් සමඟ මෙය තව තවත් වර්ධනයට පත් විය. මේ සියලූ දේ පාදක කොට ගනිමින් චිත‍්‍රපටය බිහි විය. 
          ප‍්‍රාග් ඓතිහාසික යුගයේ විසු මානවයා මුලින්ම මෙම චලනය පිළිබඳ යම්තාක් දුරට අවධානය යොමු කොට ඇත. ක‍්‍රි. පු. 2000 පමණ ඈත අතීතයට මෙය දිව යන්නකි. ගුහාවල පියස්සේ සහ බිත්තිවල ඇඳ තිබු රූප සටහන් මෙයට කදිම නිදර්ශනයකි. මෙය ප‍්‍රංශයේ ලැස්කෝස්, ස්පාක්‍ද්ක්‍දයේ අල්තමීරා ගල් ගුහා වලින් පෙනේ. එහි ආදී මානවයා සත්වයෙකුගේ පලායාම සිතුවම් කළේ උගේ පාදවලට ඉදිරියෙන් තවත් පාද යුගල් කිහිපයක් දැමිමෙනි. එවිට පාද අටකින් සත්වයා සමන්විත විය. සමහර විට උල් අවියක් රැුගත් මිනිසෙකු පසු පසින් සටහන් කර තිබුණි. එමඟින් සත්වයා පලා යන බවත් මිනිසා දඩයමක් කරා ලඟා වන බවත් පෙන්වීම අරමුණ විය. මෙය වස්තුවක් චලනයෙහි යෙදෙන බව සටහන් කර තිබු මුල්ම අවස්ථාව විය.

          මනුෂ්‍යයාගේ චින්තන ශක්තිය වැඩෙත්ම වස්තූන්ගේ ක‍්‍රීයාකාරකම් පිළිබඳ බොහෝ අධ්‍යයන කටයුතු කළේය. එක තැනක සටහන් කර තිබු චිත‍්‍ර රූපය ඉන් ඉවත් කර වෙනමම චලනයකට පත් කර ගත හැකි බව මිනිසාට වැටහුණේ ඉන් බොහෝ කාලයකට පසුවයි. ඒ සඳහා ගින්දර මෙන්ම සුර්්‍යා ලෝකය ද ඔවුන්ට උපකාරී වී තිබේ. චිත‍්‍ර රූප වෙනුවට තම සෙවණැල්ල එහා මෙහා චලනය කිරීමේ දී ඇති වන අපුර්වත්වය ගැන සෙවීමට මිනිස් මනස පොළඹවනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ආලෝකය ලැබෙන පහනක් ඉදිරියේ සිට දෑත් එක්කර ඇඟිලි චලනය කරමින් විවධ සත්වයන්ගේ හැඩරුව ක‍්‍රමානුකූලව සෙවණැලි රූප මඟින් මැවිය හැකි බව මුලින්ම මැජීක් ශීල්පීන් අත්හදා බැලීය. 19 වන සියවස අවසානයේ බිහි වු සිනමාව සඳහා පුර්ව අත්දැකීම සපයනු ලැබුවේ ”සෙවණැලි නාටක” යි. මුලින් චීනය ආශ‍්‍රයෙන් බිහිවිය. මේවා ”චීන සෙවණැලි නාටක” නම් විය. මේවා පේ‍්‍රක්ෂකයන් සමුහයක් ඉදිරියේ පෙන්වීමට භාවිතා කළේය. මෙයින් කතන්දර කීමට උත්සහා දෑරීය. පසුව මෙය ආසියාව, යුරෝපය ආදීයේ ද පැතිරී ගියේය.

          මිළගට සෙවණැලි රූප චලනය කර ගැනීමේ කලාවේ වැදගත්ම සිද්ධිය ”මැජික් ලන්තැරුමයි”. මෙය සෙවණැලි රූප නැරඹිමේ උපකරණ යයි. 17 වන සියවසේ සාමාන්‍ය ආලෝක උපකරණයක් වු ලන්තෑරුමක් නැතහොත් පහනක් භාවිතා කර අතින් අඳින ලද රූපයක් බිත්තියක් මතට පතිත කර ගැනීමේ අදහස ආශ‍්‍රයෙන් බිහි විය. මේ පහනක් ඉදිරියෙන් කාචයත් භාවිතා කර එය ”මැජීක් ලන්තෑරුම” ලෙස නම් කළේය. මෙය සිනමාව බිහිවීමට පෙර පුර්ව අවධියේ මුල්ම ප‍්‍රක්ෂේපකය හඳුනාගත් අවස්ථාවයි. එයින් ඉදිරිපත් වු දර්ශන මායාමය සෙවණැලි නැරඹීම ලෙස ප‍්‍රසිද්ධ විය. මෙය චිත‍්‍රපට කතාවේ පුර්ව යුගයේ වැදගත් ස්ථාන යයි. මෙය පළමුවරට ”මිනිස් ඇස සහ මනස, එළිය සහ අඳුර” ඇසුරින් නුතන ක‍්‍රමයට සාමානව රූප නැරඹීම ඇරඹුණි. මෙහි නිර්මාතෘ ජර්මන් ජාතික පුජකවරයෙකු වු ඇතනේසියස් ක්රේචර් නම් පියතුමාය. මේ පිළිබඳව The Great Art of Light and Shadowයන කෘතියේ ද සඳහන් වේ. මෙහි මිනිස් ඇසේ ස්වභාවය, දෘෂ්ටියේ පැවැත්ම, රූප සහ රූප අතර අන්තර් සම්බන්ධය යන කරුණු ගැන වේ.

          18 වන සියවස අගදී මැජීක් ලන්තෑරුම මඟින් තනි රූප පෙන්වනවාට වඩා රූප කිහිපයක් තිරය මත පතිත කර ගැනීමෙන් එය ඇස ග‍්‍රහණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනිණි. ඒ හේතුවෙන් රූප කිහිපයක එකතුව මඟින් එක දිගට අඛණ්ඩ චලනයක් ලැබෙන බව ද එසේ අපට පෙනේන්නේ මිනිස් ඇස යම් රැුවටීමකට බඳුන් වන හෙයිනි යැයි ද වටහා ගන්නට විය. මේ පර්යේෂණයේ කැපි පෙනෙන පුද්ගලයා වුයේ බි‍්‍රතාන්‍ය ජාතික ගණිතඥයෙකු වු පීටර් මාක් රොජේ (1779 - 1864) ය. චලනයට භාජනය වන රූප වැලක් ආශ‍්‍රයෙන් ඇස රැුවටීම පිළිබඳ අතිශයින් වැදගත් වු සිද්ධාන්තය දෘෂ්ටියේ අඛණ්ඩතාවය නැතහොත් දෘෂ්ටියේ පැවැත්ම නම් විය. මෙහි තේරුම අප යම් දර්ශනයක් දැකිමේ දී අපේ ඇස මුල් රූපය ක්ෂණයකින් ග‍්‍රහණය කර ගනී. එය දර්ශන පථයෙන් ඉවත් වුව ද ඊළඟ රූපය දැකීමට පෙර මුල් රූපය අපගේ මතකයේ තැන්පත්ව තිබේ. මුල්ම රූපයත්, දෙවැනි රූපයත් අතර ඇති වන ක්ෂණික කාල පරාසය අතිශය කුඩා නිසා අපේ ඇස මඟින් නොසලකා හැර මුල් රූපයේ සිට දෙවන රූපය ක්ෂණයෙන් ග‍්‍රහණය කර ගනී. මේ අන්දමට රූප එකතු වීමෙන් යම් දර්ශනයක් එක දිගට අඛණ්ඩව අපට දිස් වේ.

උදා: ගිනි පෙළෙල්ලක් ගෙන එය දිගටම නොනැවතී කැරකුවහොත් එය අපට දිස්වන්නේ ගිලි වළල්ලක් ලෙසිනි. නමුත් ඇත්තේ කුඩා ගිනි පුළිගුය.

මේ ආකාරය අපේ ඇස මායාවකට හසු වන බව අපට නොතේරේ. මෙය චිත‍්‍රපටයේ ආරම්භය විය. චිත‍්‍රපටයක තත්පරයකට රූප රාමු 24 ක් දිස් වේ. මෙම රූප චලනය අප ඇසින් කරයි.

          එඞ්වඞ් මයබි‍්‍රජ් විසින් දුවන අශ්වයෙකුගේ කකුල් 4 උඩ සිටින අවස්ථාව පෙන්වීමට තුරඟ පිටියේ කැමරා 12 ක් සවි කර අශ්වයා දුවන විට ඒවා ක‍්‍රියාත්මක වීමට සලසවයි. පසුව කැමරා 24 ක් සවි කර මෙය සිදු කොට මැජීක් ලන්තෑරුමට දමා කරකවා බලා චලනය දකියි. මැජීක් ලන්තෑරුම් මුල ධර්ම ආශ‍්‍රයෙන් ප‍්‍රංශයේ දී ”ප‍්‍රැන්සිනස්කෝප්” නම් උපකරණය සාදයි. මෙය ස්ලයිඞ් ප්‍රොජෙක්ටරයට සමානයි. 

           ජුල්ස් මරේ නම් සත්ව විද්‍යාඥයා පක්ෂීන් පියාසර කරන ආකාරය ගැනීමට ”කැමරා රයිපලය” සාදයි. මෙහි කාචය තුවක්කු බටයේ ද, රයිපලයේ මැගසිනය වෙනුවට වීදුරු ඵලකයක් ද විය. එහි තත්පරයට රූප රාමු 12 ක් සටහන් විය. මෙහි කොකා ගස්සන විට ක‍්‍රියාත්මක වී චලනය සටහන් කර ගනී. මෙය චලනය තනි කැමරාවකින් සටහන් කළ පළමු අවස්ථාව විය.

         තෝමස් අල්වා එඩිසන් මයබි‍්‍රජ්ගේ හා මරේගේ ක‍්‍රම පිළිබඳ උනන්දු වී 1877 දී ඉටි සිලින්ඩරයක් අනුසාරයෙන් ශබ්දය තැටි ගත කිරීමේ උපකරණය වන ”පෝනෝග‍්‍රාප්” නිපදවයි. ශබ්දය, රූපය එක් කිරීමෙන් තමාගේ යන්ත‍්‍රය ජනතාවට සමීප වන බව ඔහු අදහස් කළේය. මෙහි දී ප‍්‍රධාන අභියෝගය තත්පරයට වැඩි රූප රාමු ප‍්‍රමාණයක් සටහන් කර ගැනීමත්, නොකැඩෙන, නොපිලෙස්සෙන, නම්‍යශීලි පටල අඳුනක් යොදා ගැනීමත්ය. 1888 දී විලියම් කෙනඩි ලෝරිස් ඩික්සන් විසින් කිනෙටෝග‍්‍රාප් සාදා 1889 දී ප‍්‍රථම වරට ක‍්‍රියා කර බලයි. ජෝජ් ඊස්ට්මන්ගේ මීටර් 15 ක් දිග සෙලොලොයිඞ් පටලයක් වන පටල අඳුන ප‍්‍රයෝජනයට ගන්නට විය. එය වර්තමාන මිලි මීටර් 35 පටලයට බොහෝ සමානය.
          ලූමියර් සහෝදරයෝ එඩිසන්ගේ යන්ත‍්‍ර තුන් ආකාරයකින් වර්ධනය කළේය. ඒ  ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගෙන යා හැකි, කැමරාවේ ධාවන වේගය තත්පරයට රූප රාමු 18 ක් දක්වා අඩු කර, සවිරාමු මුලධර්මය පදනම් කර ගෙනය. ඒ සෑම රූපයක්ම කාචය ඉදිරියේ මොහොතක්ම නතරව ඉදිරියට යාමයි. මෙම කැමරාව ”සිනමටොග‍්‍රාප්” විය. 1895.02.13 වන දින මේ කැමරාව සහ ප‍්‍රක්ෂේපන යන්ත‍්‍රයට වෙළඳ බලපත‍්‍ර ලබා ගෙන මේ වසරේදීම තම ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස ”වර්කස් ලීවාන් ද ලූමියෙර් ෆැක්ටරි” සාදන ලදී. මොවුන් ස්වභාවික සංසිදධින් රූපගත කරන්නට විය.

          මෙලෙස ක‍්‍රමිකව වර්ධනය වු චලන සටහන පදනම්ව හා දෘෂ්ටියේ අඛණ්ඩතාවය ද පදනම් කොට ගෙන වර්තමානයේ චිත‍්‍රපටය බොහෝ සෙයින් වර්ධනය වී ජනාදරයට පත් වී ඇත. 

Wednesday, June 21, 2017


ලොව දුර්ලභම පුෂ්ප 10.

1. The Corpse Flower (Amorphophallus Titanum)
ලොව විශාලතම මෙන්ම දුර්ලභම පුෂ්පය වන්නේ මෙයයි. එමෙන්ම වැඩියෙන්ම වඳවීමේ තර්ජනයට ලක් වී ඇති පුෂ්පය වන්නේ ද මෙම පුෂ්ප යයි. මෙය ඉන්දුනීසියාවේ පහත් බිමි වැසි වනාන්තර වල වැඬේ.





2. Youtan Poluo (no scientific name)
මෙම පුෂ්පය ඩිං ඩිං චීන ගොවියා විසින් ඔහුගේ වානේ පයිප්ප වල වැවෙන බව මුලින්ම සොයා ගන්නා ලදී. පසුව රෙදි සෝදන යන්ත‍්‍ර වල ද වැවෙන බව සොයා ගන්නා ලදී. මී. මී. 1 පමණ වන මෙම මල මිහිරි සුවදකින් යුක්ත වේ. එමෙන්ම ඉන්දියානු මිත්‍යා කතා හා සම්බන්ධ ෙවි. ශාකවිද්‍යාඥයන්ට අනුව මෙම පුෂ්පය වසර 3000කට වරක් හට ගනී.

3. Yellow and Purple Lady Slippers (Cypripedium calceolus)
යුරෝපයේ දී සොයා ගත් ඉතා දුර්ලභ  ඕකිඞ් වර්ගයකි. මෙය ප‍්‍රචාරණය අපහසු නිසා ඉතා දුර්ලභ වේ.



4. Ghost Orchid (Epipogium aphyllum/Dendrophylax lindenii)
දුලභ පමණක් නොව සිත් ඇදගන්නා සුලූ පුෂ්පයකි. කියුබාවේ සයිප‍්‍රස් ශාක වල වැඩෙන අතර ජුනි සහ අගෝස්තු මාස අතර මල් හට ගනී. ඒවා අවතාර ලෙස පෙනෙන නිසා මෙම නම ලැබී ඇත. මෙයට වසර 20 කට පෙර වදවූ බව විශ්වාස කල ද මෑතක දී එය නැවත සොයාගත් අතර ප‍්‍රචාරණය අපහසු නිසා එය විරල වේ.



5. Kadupul Flower (Epiphyllum Oxypetalum)
පහසුවෙන් වගා කල හැකි වුවද ඉතා කලාතුරකින් මල් හට ගැනීම මෙහි දී වැදගත් වේ. ශ‍්‍රී ලාංකික බෞධයන්ට මෙය ආධ්‍යාත්මික වටිනාකමකින් යුක්ත පුෂ්පයකි. රාත‍්‍රියේ දී පිපෙන අතර අලූයම වන විට අභිරහස් ලෙස වියලී යයි.

6. Koki’o (Kokai cookei)
මෙය තවත් දුර්ලභ පුෂ්පයකි. මෙහි ශාකය මීටර් 10 - 11 අතර වැඬේ.

7. Chocolate Cosmos (Cosmos atrosanguineus)
මෙක්සිකෝවේ දී සොයාගත් මෙම පුෂ්පය දැනට වසර 100 කට පෙර වදවී ගිය බව ඇතැමුන් ප‍්‍රකාශ කරයි. මෙම පුෂ්පය ගැඹුරු දුඹුරු පැහැයක් ගන්නා අතර විශ්කම්භය සෙ. මී. 3 - 4 පමණ වේ. මෙම මල් වර්ගය ගිම්හානයේ දී වැනිලින් සුවදක් නිකුත් කරයි. ඉතාම දුර්ලභ හා මිහිිරි සුව`ද නිසා මෙය විශේෂ වේ.

8. Parrot’s Beak (Lotus berthelotii)
කැනරි ¥පත් නිජ බිම කරගත් මෙම පුෂ්පය වනාන්තර වලින් වදවී ගොස් ඇති බව විශ්වාස කරයි. නමුත් ඇතැමුන් තවමත් මෙම පුෂ්පය වදවී ගොස් නොමැති බව ප‍්‍රකාශ කරයි.


9. The Jade Vine (Strongylodon macrobotrys)
එහි දර්ශනීය නිල් පාට, කොල හැඩැති මල් නිසා මෙය විශේෂ ෙවි. වෙනත්  ඕනෑම මලක දක්නට නොලැබෙන පාට පුෂ්ප මංජරියක් වෙනුවට නිල් පැහැති පුෂ්ප මංජරියක් දක්නට ලැබේ. අද වන විට මෙම පුෂ්පය දක්නට නොහැක. පිලිපීන ස්වභාවික වාසභූමි විනාශ වීම හේතුවෙන් මෙම පුෂ්පය ද වදවී ගොස් ඇත.

10 . Campion (Silene tomentosa)
1992 දී ජිබෝල්ටාහි දී මෙම පුෂ්පය සොයා ගත හැකි විය. 1994 දී ජිබෝල්ටා කඳු නඟින්නන් විසින් සොයාගත් නිදර්ශකයක් මිලේනියම් බීජ බැංකුව තුළ වගා කර අද වන විට ඇල්මෙඩා ජිබෝල්ටා උද්භිත උද්‍යාන වල සහ ලන්ඩනයේ රාජකීය උද්‍යාන වල ද දක්නට ලැබේ.

තිත්ත උනත් ගුණයි

          කරවිල අප රටේ ජනප‍්‍රිය එළවලූවකි. මෙය ෂතුව ඉතා ඉහළ ඖෂධීය ගුණයක් පවතී. මේ නිසාම කරවිල ආහාරයට ගැනීම පිළිබඳව මෑතක සිට විශේෂ උනන්දුවක් පවතී. කොළ පැහැයෙන් මෙන්ම සුදු පැහැයෙන් යුත් කරවිල ද දැක ගත හැකිය.

          කරවිල වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මොමෝඩිකා බාරන්ටියා යන්නයි. මෙය අයත් කුලය නම් කුකර්බිටේසියා කුල යයි.

          කරවිල වල ප‍්‍රභේද කිහිපයක් දැකගත හැකිය. එනම්,
                                   x එම්. සී. 43
                                   x තින්නවේලි
                                   x මාතලේ ග‍්‍රීන්
යනාදි යයි.

          කරවිල අපගේ ආහාරයට එක් කර ගැනීම තුළින් අපට ලැබෙන වාසි ද රාශීයකි. ඒම ක් නිසා ද යත් ඖෂධීය ගුණයෙන් පිරුණු ආහාරයක් නිසාය. මේ තුළින් ලැබෙන වාසි කිහිපයක් පහත සඳහන් ආකාරයට දක්වාලිය හැකිය.

                      x දියවැඩියාවට සහ තරබාරුවට පිළියම් කරයි.
මෙමඟින් දියවැඩියාව පාලනය කරනු ලැබේ. ඊට අමතරව ශරීරයේ පවතින අනවශ්‍ය සීනි ප‍්‍රමාණයන් ඉවත් කරයි. එමෙන්ම අප ලබා ගන්නා කාබෝහයිඞ්රේට, සීනි නසා දැමිමට ද කරවිල වලට හැකියාව පවතී. මේ නිසා සිරුර තුළ පිෂ්ඨය තැන්පත් විමෙන් ඇති විය හැකි තරබාරු තත්වයන් කරවිල ආහාරයට ගැනීම තුළින් නැති කර ගත හැකිය.

                      x වකුගඩුවේ ගල් ඉවත් කරයි.
වකුගඩු ගල් නැසීමට සමත් අගනා ඔසුවක් ලෙස කරවිල පෙන්වා දිය හැකිය. ආහාරයක් ලෙස ශරීරයට එක් වීම නිසා ඹෟෂධයක් ලෙස සිරුරට එක් වේ. ආහාර සමඟ වේගවත්ව එම ඹෟෂධය අප සිරුරට ලැබීම නිසා ඹසු ලබා ගැනිමෙන් තොරව මේ රෝග තත්වයට පිළියම් ලබා ගත හැක.

                      x සිරුර තුළ කොලේස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි.
වැරදි ආහාර රටා නිසා ශරීරයට ලැබෙන කොලේස්ට්‍රෝල් මට්ටම පාලනය කරනු ලබයි. හදවත් ආබාධ, හදවත් රෝග, රුධිර නාල වල ලේ කැටි ගැසීම් වැනි රෝගී තත්වයන් ගෙන් වැළැක්වීමට කරවිල සමත් වේ.

                      x පිළිකා ෙසෙල මැඩ පවත්වයි.
අග්න්‍යාංශ ආශ‍්‍රීත, පුරහස්ථි ග‍්‍රන්ථි, මහාබඩවැල, අක්මාව සහ පියයුරු ආශී‍්‍රත පිළිකා ෙසෙල ඇති වීම වැළැක්වෙන බවට වෛද්‍යවරුන් පවසයි.

                      x ලේ පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි. එමෙන්ම පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණයට ඉඩ සලස්වා එමඟින් සම පැහැපත් කිරිම සිදු වේ. සමට වැළදෙන ඉස්හොරි, කුරුලෑ, ලප කැළැල්, පොතු කබර, පණු රෝග ආදියෙන් වැලැක්වීම ද සිදු වේ. අමතරව සම මත ඇති වන විවිධ තුවාල සහ අසාත්මිකතා වලටත් සුවය සලස්වනු ලැබේ.

                      x විටමින් මට්ටම නිසා ඹබව නීරෝගී කරවයි.
සිරුර තුළ රුධිරය අලූතින් නිපදවීමට සහ අස්ථි ශක්තිමත් කිරීමට කරවිල වැදගත් ආහාරයකි. ආමාශයේ ඇති වන දැවිල්ල, තුවාල සුවකිරීමේ හැකියාව ද පවතී. එමෙන්ම කරවිල වැඩි ප‍්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සිරුරේ විටමින් මට්ටම ඉහලින් තබාගෙන නීරෝගීව සිටිමට ද අවස්ථාව ලැබේ.

                      x ප‍්‍රතිශක්තිය වඩවයි.
සෙම්ප‍්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝග ආදි රෝගී තත්වයන් සමඟ සටන් කර ඉන් මිදීමට අවශ්‍ය ශක්තිය ශරීරයට ලබා දිමේ හැකියාව කරවිල සතුව පවතී. තවද ආහාර ජීර්ණය ක‍්‍රමවත් වීම නිසා ආහාර අජීරණ වලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

          මෙය එළවලූවක් ලෙස පිසීමෙන් මෙන්ම පානයක් ලෙස ශරීරයට ලබා ගැනීමට ද හැකියාව පවතී. එමෙන්ම සාලාදයක් වශයෙන් ද ආහාරයට ගත හැක. මේ නිසාම මෙම ඖෂධීය ගූණයෙන් සපිරි ආහාරය අපගේ ආහාර රටාවට එක් කර ගනිමින් අපගේ ජීවිතය ද නීරෝගී කර ගනිමු.

Monday, June 19, 2017


මානව උරුමයක ආගමික සංහිඳියාව පාහියන්ගල ලෙන් විහාරය

           සංස්කෘතික වශයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වශයෙන් ජනාදරයට පාත‍්‍ර වු ස්ථානයක් කළුතර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. ඒ බුලත්සිංහල සිට කිලෝ මීටර් 5ක දුරකිනි. මෙම ඓතිහාසික ස්ථානය පිහිටා තිබෙන්නේ යටගම්පිටිය නමැති ග‍්‍රාමයේය. මෙම ස්ථානයට ළඟ වීමට ප‍්‍රධාන මාර්ග 2 ක් පිහිටා තිබේ. එක් මාර්ගයක් නම් කළුතර සිට මතුගම මාර්ගයේ බුලත්සිංහලට පැමිණ ළඟා විමට හැකි මාර්ග යයි. අනෙක් මාර්ගය නම් වඩා පහසු හොරණ කලවැල්ලාව මාර්ග යයි. ප‍්‍රදේශයේ වැදගත් ස්ථානයක් වශයෙන් පාහියන්ගල පුරාණ විහාරයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මෙම විහාරස්ථානයට දවස පුරා ඇඳි එන පිරිස අති විශාලයි. ඔවුන් පැමිණෙන්නේ ආගමික වතාවත් වලට මෙන්ම මෙහි ඇති ස්වභාව සෞන්දර්යය විඳ ගැනීමටය.

             පාහියන්ගල නමින් හඳුන්වන පර්වතයේ දැවැන්ත ලෙන් කුටිය තුළ ඇති මහා හිදැස මුළු ලොවක මානව පැවැත්ම හා ඒ ගමන් මාර්ගය වෙත පිවිසෙන ආලෝක කවුලූවකි. මුහුදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ උසකින් මෙය පිහිටා තිබේ. පාහියන්ගල කඳු පර්වතය පිහිටා ඇත්තේ සබරගමු කඳු පන්තියේ රබලි කන්දට මායිම්වයි. ස්වභාව සෞන්දර්යයෙන් අනුන අක්කර 80 ක පමණ වන ගහනයක් මීට අයත් වේ. වන ගහනය පාමුල සිට නයි පෙනයක හැඩය ගත් ලෙන තුළට යැමට ශෛලමය පියගැට හාරසිය අසු ගණනක් පමණ තරණය කළ යුතු වේ. මෙය ලංකාවේ ඓතිහාසික දැවැන්ත ලෙන් සියල්ල අභිබවා සිටි. මෙය දඹුලූ ලෙනට වඩා තුන් ගුණයක් විශාල බව පැවසේ. පාහියන්ගල ලෙන පිළිබඳව ජනප‍්‍රවාද ද පවති. මෙය දිස්ත‍්‍රික්ක දෙකක් මැද පිහිටි ස්ථානයකි. රත්නපුර දිස්ත‍්‍රික්කය, කළුතර දිස්ත‍්‍රික්කය යාවන පුරුකක්වන අරුතින් පාහියන්ගල වු බවට ද මතයක් පවති. එමෙන්ම දේශ ගවේශක පාහියන් භිෂුව ශ‍්‍රී පාදයට යන අතරතුර නවාතැන් ගත් නිසා පාහියන්ගල වු බවට ද මතයක් පවතී. නමුත් මේ දෙකෙන් ප‍්‍රබලම මතය වන්නේ පාහියන් භික්ෂුව හා බැදී කතා පුවතයි.

            1968 සිට මානව ඉතිහාසයට මෙය සම්බන්ධ වේ. එයට එච්. ජයවර්ධන නමැත්තෙක් පුරෝගාමි විය. ජයවර්ධන මහතාගේ දැනුවත් කිරීම මෙරට ඉතිහාසය පිළිබඳ සොයා ගැනීමට රුකුලක් වුයේය. මෙම ලෙන පිළිබඳව ප‍්‍රථමවරට පුරා විද්‍යා පර්යේෂණ 1968 ආරම්භ විය. එයින් පසු මෙය වැදගත් ස්ථානයක් වශයෙන් නම් කරන්නට විය. 1986 සිට මෙහි කැණිම් සිදු කරන්නට පටන් ගැණුනු අතර ඒ එකල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. විජේපාල හා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ශීරාන් දැරණියගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේය. මෙහිදී දකුණු ආසියාවේ මෙතෙක් සොයා ගන්නා ලද පැරණිතම නවීන මානව ඇට කටු සොයා ගන්නට හැකි විය. ඔවුන් ගින්දර පාවිච්චි කළ බවට ද සාධක හමුවේ. ගල් ආයුධ, ඇඹරුම් ගල් ද හමුව ඇත. කුඩා උප ලෙනෙහි කළ කැණීම්වලින් සම්පුර්ණ මානව සැකිල්ලක් හමුව ඇති බවත් එය කාන්තා සැකිල්ලක් බව ශීරාන් දැරණියගල මහතා පවසයි. එය වසර 37,000 කට වඩා එය පැරණි බවත් අනුමානය කෙරේ. එසේ්ම 2012 දී එය වැඩි දුර පර්යේෂණ සඳහා එංගලන්තයට යවනු ලැබිය. මෙය වළක් තුළ තැන්පත් කිරීමක් නොව පොළොව මතුපිට තැන්පත් කිරීමකි. මේ නිසා මෙතෙක් ලංකාවේ විසු ආදි මානවයා ලෙස සැලකු බලංගොඩ මානව මී මුත්තාගේ කිරුළ පාහියන්ගල ආදී මී මුත්තාගේ හිස මත පැලඳිනි.

          ආදී මානවයා පාහියන්ගලට සම්බන්ධ විමත්, එම ප‍්‍රාග් ඓතිහාසික උරුමය ඓතිහාසික බෞද්ධ උරුමයකට සම්බන්ධවීමත් නිසා මෙයට විශේෂත්වයක් හිමිවේ. මෙම ගිරි ශීඛරය විහාරස්ථානයක් කිරීමට පුරෝගාමි වුයේ පොරෝගම හිමි නමින් ප‍්‍රකට හිමි නමක්. මාතරදී ජන්ම ලාභය ලද උන්වහන්සේ මෙහි වැඩම කලේ මහනුවර සිට බව ප‍්‍රකට කරුණකි. ඉතා දුෂ්කර දුර්ග මාර්ගයකින් ලෙන සොයාගෙන උන්වහන්සේගේ පැමිණිම සිදු වන්නට විය.

            මෙහි ඇත්තේ කුඩා විහාරස්ථානයකි. මෙහි ප‍්‍රතිමා කැට ගලින් හා මැටිවලින් නිර්මාණය කර ඇත. සිතුවම් හා මුර්ති වලට ස්වභාවික වර්ණ යොදා ගෙන ඇත. ප‍්‍රතිමා අතර විශ්ණු දෙවියන්ගේ වාහනය වන ගුරුලාගේ රූපයේ උඩ කොටසට ගුරුලාගේ රූපයත් යට කොටස මිනිස් රූපයක හැඩයද ගනී. එමෙන්ම සමන් දෙවියන්ගේ වාහනයේ යට කොටසත් මිනිස් රුවට සමානය. මෙහි සුවිසල් උළුවහු දෙක අදත් දැකගන්නට හැකියාව ඇත. එම යෝධ උළුවහු අද තත්වයේ උළුවහු හයකට සමානබව ද පැවසේ. මෙහි ගොඩනැඟිලි මෙන්ම ප‍්‍රතිමා හා සිතුවම් නුවර යුගයේ කලා සම්ප‍්‍රදාය අනුව ගොඩනැඟුණකි. ලෙන තුළ ඇති හතලිස් රියන් සැතපෙන පිළිම වහන්සේ මෑත කාලයේදී වැඩ අවසන් කළ නිර්මාණයක් වේ.

           පාහියන්ගල ”පුරා විද්‍යා තහනම් භූමියක්” ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ රජ්‍යට අයත් භූමියක් ලෙසයි. ලෙන් කුහරයේ උස අඩි 150 ක් අතර පළල අඩි 70 ක් ලෙස විහිදී තිබේ. මේ අනුව ප‍්‍රාග් ඓතිහාසික මානව උරුමයකට ආගමික මුහුණුවරක් ද ආරෝපණය වී පුජනීයත්වයට පත් වී ඇත. එම නිසා මෙම ලෙන තුළට ගමන් කිරීමේ දී දැනෙන්නේ වසර 37,000 කට පෙර ඉපැදුණු මී මුත්තණුවන්ට ශීෂ්ට සම්පන්න මානවයෙක් වශයෙන් සමාජ ගත කිරීමට උත්සහා දැරූ බවක් වැනි උතුම් හැඟිමකි.




නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...