Monday, June 26, 2017

යථාර්ථය

දකින මතුපිට සුන්දරය .....
නමුත් .....
දිය දහරකට අවශ්‍ය
ගලායන්න ......
එසේ නම්,
සිරකරගත්
දිය දහර තුළ .....
යථාර්ථයෙන්ම,
සුන්දරත්වයක් තිබේද?


තාරුණ්‍ය



විටෙක දඩබ්බරය,
තවත් විටෙක නිස්කලංකය .....
සයුරත් .....
තාරුණ්‍යයත් .....


Sunday, June 25, 2017



චිත‍්‍රපටයේ බිහිවීමට දෘෂ්ටියේ අඛණ්ඩතාවය

          ඡයාරූප ශීල්පය ඉතා පුලූල් ලෙස ව්‍යාප්තියෙන් පසු එම නිශ්චල ඡුායාරූපය චලනය කර ගැනීමේ හැකියාව ගැන සොයා බැලිමේ අවශ්‍යතාවය මතු විය. නිශ්චල ඡයාරූපවල නිශ්චලතාව බිඳ හෙලා වස්තුවක් චලනය වන ස්වභාවය සටහන් කර ගැනීම පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදු විය. නමුත් මේ පිළිබඳ අවධානය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ කාලය තුළ පටන් පැවතුණි. පසුව 17 වන සියවසේ සෙවනැලි නාටක, මැජික් ලන්තෑරුම සොයා ගැනීමත් සමඟ මෙය තව තවත් වර්ධනයට පත් විය. මේ සියලූ දේ පාදක කොට ගනිමින් චිත‍්‍රපටය බිහි විය. 
          ප‍්‍රාග් ඓතිහාසික යුගයේ විසු මානවයා මුලින්ම මෙම චලනය පිළිබඳ යම්තාක් දුරට අවධානය යොමු කොට ඇත. ක‍්‍රි. පු. 2000 පමණ ඈත අතීතයට මෙය දිව යන්නකි. ගුහාවල පියස්සේ සහ බිත්තිවල ඇඳ තිබු රූප සටහන් මෙයට කදිම නිදර්ශනයකි. මෙය ප‍්‍රංශයේ ලැස්කෝස්, ස්පාක්‍ද්ක්‍දයේ අල්තමීරා ගල් ගුහා වලින් පෙනේ. එහි ආදී මානවයා සත්වයෙකුගේ පලායාම සිතුවම් කළේ උගේ පාදවලට ඉදිරියෙන් තවත් පාද යුගල් කිහිපයක් දැමිමෙනි. එවිට පාද අටකින් සත්වයා සමන්විත විය. සමහර විට උල් අවියක් රැුගත් මිනිසෙකු පසු පසින් සටහන් කර තිබුණි. එමඟින් සත්වයා පලා යන බවත් මිනිසා දඩයමක් කරා ලඟා වන බවත් පෙන්වීම අරමුණ විය. මෙය වස්තුවක් චලනයෙහි යෙදෙන බව සටහන් කර තිබු මුල්ම අවස්ථාව විය.

          මනුෂ්‍යයාගේ චින්තන ශක්තිය වැඩෙත්ම වස්තූන්ගේ ක‍්‍රීයාකාරකම් පිළිබඳ බොහෝ අධ්‍යයන කටයුතු කළේය. එක තැනක සටහන් කර තිබු චිත‍්‍ර රූපය ඉන් ඉවත් කර වෙනමම චලනයකට පත් කර ගත හැකි බව මිනිසාට වැටහුණේ ඉන් බොහෝ කාලයකට පසුවයි. ඒ සඳහා ගින්දර මෙන්ම සුර්්‍යා ලෝකය ද ඔවුන්ට උපකාරී වී තිබේ. චිත‍්‍ර රූප වෙනුවට තම සෙවණැල්ල එහා මෙහා චලනය කිරීමේ දී ඇති වන අපුර්වත්වය ගැන සෙවීමට මිනිස් මනස පොළඹවනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ආලෝකය ලැබෙන පහනක් ඉදිරියේ සිට දෑත් එක්කර ඇඟිලි චලනය කරමින් විවධ සත්වයන්ගේ හැඩරුව ක‍්‍රමානුකූලව සෙවණැලි රූප මඟින් මැවිය හැකි බව මුලින්ම මැජීක් ශීල්පීන් අත්හදා බැලීය. 19 වන සියවස අවසානයේ බිහි වු සිනමාව සඳහා පුර්ව අත්දැකීම සපයනු ලැබුවේ ”සෙවණැලි නාටක” යි. මුලින් චීනය ආශ‍්‍රයෙන් බිහිවිය. මේවා ”චීන සෙවණැලි නාටක” නම් විය. මේවා පේ‍්‍රක්ෂකයන් සමුහයක් ඉදිරියේ පෙන්වීමට භාවිතා කළේය. මෙයින් කතන්දර කීමට උත්සහා දෑරීය. පසුව මෙය ආසියාව, යුරෝපය ආදීයේ ද පැතිරී ගියේය.

          මිළගට සෙවණැලි රූප චලනය කර ගැනීමේ කලාවේ වැදගත්ම සිද්ධිය ”මැජික් ලන්තැරුමයි”. මෙය සෙවණැලි රූප නැරඹිමේ උපකරණ යයි. 17 වන සියවසේ සාමාන්‍ය ආලෝක උපකරණයක් වු ලන්තෑරුමක් නැතහොත් පහනක් භාවිතා කර අතින් අඳින ලද රූපයක් බිත්තියක් මතට පතිත කර ගැනීමේ අදහස ආශ‍්‍රයෙන් බිහි විය. මේ පහනක් ඉදිරියෙන් කාචයත් භාවිතා කර එය ”මැජීක් ලන්තෑරුම” ලෙස නම් කළේය. මෙය සිනමාව බිහිවීමට පෙර පුර්ව අවධියේ මුල්ම ප‍්‍රක්ෂේපකය හඳුනාගත් අවස්ථාවයි. එයින් ඉදිරිපත් වු දර්ශන මායාමය සෙවණැලි නැරඹීම ලෙස ප‍්‍රසිද්ධ විය. මෙය චිත‍්‍රපට කතාවේ පුර්ව යුගයේ වැදගත් ස්ථාන යයි. මෙය පළමුවරට ”මිනිස් ඇස සහ මනස, එළිය සහ අඳුර” ඇසුරින් නුතන ක‍්‍රමයට සාමානව රූප නැරඹීම ඇරඹුණි. මෙහි නිර්මාතෘ ජර්මන් ජාතික පුජකවරයෙකු වු ඇතනේසියස් ක්රේචර් නම් පියතුමාය. මේ පිළිබඳව The Great Art of Light and Shadowයන කෘතියේ ද සඳහන් වේ. මෙහි මිනිස් ඇසේ ස්වභාවය, දෘෂ්ටියේ පැවැත්ම, රූප සහ රූප අතර අන්තර් සම්බන්ධය යන කරුණු ගැන වේ.

          18 වන සියවස අගදී මැජීක් ලන්තෑරුම මඟින් තනි රූප පෙන්වනවාට වඩා රූප කිහිපයක් තිරය මත පතිත කර ගැනීමෙන් එය ඇස ග‍්‍රහණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනිණි. ඒ හේතුවෙන් රූප කිහිපයක එකතුව මඟින් එක දිගට අඛණ්ඩ චලනයක් ලැබෙන බව ද එසේ අපට පෙනේන්නේ මිනිස් ඇස යම් රැුවටීමකට බඳුන් වන හෙයිනි යැයි ද වටහා ගන්නට විය. මේ පර්යේෂණයේ කැපි පෙනෙන පුද්ගලයා වුයේ බි‍්‍රතාන්‍ය ජාතික ගණිතඥයෙකු වු පීටර් මාක් රොජේ (1779 - 1864) ය. චලනයට භාජනය වන රූප වැලක් ආශ‍්‍රයෙන් ඇස රැුවටීම පිළිබඳ අතිශයින් වැදගත් වු සිද්ධාන්තය දෘෂ්ටියේ අඛණ්ඩතාවය නැතහොත් දෘෂ්ටියේ පැවැත්ම නම් විය. මෙහි තේරුම අප යම් දර්ශනයක් දැකිමේ දී අපේ ඇස මුල් රූපය ක්ෂණයකින් ග‍්‍රහණය කර ගනී. එය දර්ශන පථයෙන් ඉවත් වුව ද ඊළඟ රූපය දැකීමට පෙර මුල් රූපය අපගේ මතකයේ තැන්පත්ව තිබේ. මුල්ම රූපයත්, දෙවැනි රූපයත් අතර ඇති වන ක්ෂණික කාල පරාසය අතිශය කුඩා නිසා අපේ ඇස මඟින් නොසලකා හැර මුල් රූපයේ සිට දෙවන රූපය ක්ෂණයෙන් ග‍්‍රහණය කර ගනී. මේ අන්දමට රූප එකතු වීමෙන් යම් දර්ශනයක් එක දිගට අඛණ්ඩව අපට දිස් වේ.

උදා: ගිනි පෙළෙල්ලක් ගෙන එය දිගටම නොනැවතී කැරකුවහොත් එය අපට දිස්වන්නේ ගිලි වළල්ලක් ලෙසිනි. නමුත් ඇත්තේ කුඩා ගිනි පුළිගුය.

මේ ආකාරය අපේ ඇස මායාවකට හසු වන බව අපට නොතේරේ. මෙය චිත‍්‍රපටයේ ආරම්භය විය. චිත‍්‍රපටයක තත්පරයකට රූප රාමු 24 ක් දිස් වේ. මෙම රූප චලනය අප ඇසින් කරයි.

          එඞ්වඞ් මයබි‍්‍රජ් විසින් දුවන අශ්වයෙකුගේ කකුල් 4 උඩ සිටින අවස්ථාව පෙන්වීමට තුරඟ පිටියේ කැමරා 12 ක් සවි කර අශ්වයා දුවන විට ඒවා ක‍්‍රියාත්මක වීමට සලසවයි. පසුව කැමරා 24 ක් සවි කර මෙය සිදු කොට මැජීක් ලන්තෑරුමට දමා කරකවා බලා චලනය දකියි. මැජීක් ලන්තෑරුම් මුල ධර්ම ආශ‍්‍රයෙන් ප‍්‍රංශයේ දී ”ප‍්‍රැන්සිනස්කෝප්” නම් උපකරණය සාදයි. මෙය ස්ලයිඞ් ප්‍රොජෙක්ටරයට සමානයි. 

           ජුල්ස් මරේ නම් සත්ව විද්‍යාඥයා පක්ෂීන් පියාසර කරන ආකාරය ගැනීමට ”කැමරා රයිපලය” සාදයි. මෙහි කාචය තුවක්කු බටයේ ද, රයිපලයේ මැගසිනය වෙනුවට වීදුරු ඵලකයක් ද විය. එහි තත්පරයට රූප රාමු 12 ක් සටහන් විය. මෙහි කොකා ගස්සන විට ක‍්‍රියාත්මක වී චලනය සටහන් කර ගනී. මෙය චලනය තනි කැමරාවකින් සටහන් කළ පළමු අවස්ථාව විය.

         තෝමස් අල්වා එඩිසන් මයබි‍්‍රජ්ගේ හා මරේගේ ක‍්‍රම පිළිබඳ උනන්දු වී 1877 දී ඉටි සිලින්ඩරයක් අනුසාරයෙන් ශබ්දය තැටි ගත කිරීමේ උපකරණය වන ”පෝනෝග‍්‍රාප්” නිපදවයි. ශබ්දය, රූපය එක් කිරීමෙන් තමාගේ යන්ත‍්‍රය ජනතාවට සමීප වන බව ඔහු අදහස් කළේය. මෙහි දී ප‍්‍රධාන අභියෝගය තත්පරයට වැඩි රූප රාමු ප‍්‍රමාණයක් සටහන් කර ගැනීමත්, නොකැඩෙන, නොපිලෙස්සෙන, නම්‍යශීලි පටල අඳුනක් යොදා ගැනීමත්ය. 1888 දී විලියම් කෙනඩි ලෝරිස් ඩික්සන් විසින් කිනෙටෝග‍්‍රාප් සාදා 1889 දී ප‍්‍රථම වරට ක‍්‍රියා කර බලයි. ජෝජ් ඊස්ට්මන්ගේ මීටර් 15 ක් දිග සෙලොලොයිඞ් පටලයක් වන පටල අඳුන ප‍්‍රයෝජනයට ගන්නට විය. එය වර්තමාන මිලි මීටර් 35 පටලයට බොහෝ සමානය.
          ලූමියර් සහෝදරයෝ එඩිසන්ගේ යන්ත‍්‍ර තුන් ආකාරයකින් වර්ධනය කළේය. ඒ  ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගෙන යා හැකි, කැමරාවේ ධාවන වේගය තත්පරයට රූප රාමු 18 ක් දක්වා අඩු කර, සවිරාමු මුලධර්මය පදනම් කර ගෙනය. ඒ සෑම රූපයක්ම කාචය ඉදිරියේ මොහොතක්ම නතරව ඉදිරියට යාමයි. මෙම කැමරාව ”සිනමටොග‍්‍රාප්” විය. 1895.02.13 වන දින මේ කැමරාව සහ ප‍්‍රක්ෂේපන යන්ත‍්‍රයට වෙළඳ බලපත‍්‍ර ලබා ගෙන මේ වසරේදීම තම ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස ”වර්කස් ලීවාන් ද ලූමියෙර් ෆැක්ටරි” සාදන ලදී. මොවුන් ස්වභාවික සංසිදධින් රූපගත කරන්නට විය.

          මෙලෙස ක‍්‍රමිකව වර්ධනය වු චලන සටහන පදනම්ව හා දෘෂ්ටියේ අඛණ්ඩතාවය ද පදනම් කොට ගෙන වර්තමානයේ චිත‍්‍රපටය බොහෝ සෙයින් වර්ධනය වී ජනාදරයට පත් වී ඇත. 

Wednesday, June 21, 2017


ලොව දුර්ලභම පුෂ්ප 10.

1. The Corpse Flower (Amorphophallus Titanum)
ලොව විශාලතම මෙන්ම දුර්ලභම පුෂ්පය වන්නේ මෙයයි. එමෙන්ම වැඩියෙන්ම වඳවීමේ තර්ජනයට ලක් වී ඇති පුෂ්පය වන්නේ ද මෙම පුෂ්ප යයි. මෙය ඉන්දුනීසියාවේ පහත් බිමි වැසි වනාන්තර වල වැඬේ.





2. Youtan Poluo (no scientific name)
මෙම පුෂ්පය ඩිං ඩිං චීන ගොවියා විසින් ඔහුගේ වානේ පයිප්ප වල වැවෙන බව මුලින්ම සොයා ගන්නා ලදී. පසුව රෙදි සෝදන යන්ත‍්‍ර වල ද වැවෙන බව සොයා ගන්නා ලදී. මී. මී. 1 පමණ වන මෙම මල මිහිරි සුවදකින් යුක්ත වේ. එමෙන්ම ඉන්දියානු මිත්‍යා කතා හා සම්බන්ධ ෙවි. ශාකවිද්‍යාඥයන්ට අනුව මෙම පුෂ්පය වසර 3000කට වරක් හට ගනී.

3. Yellow and Purple Lady Slippers (Cypripedium calceolus)
යුරෝපයේ දී සොයා ගත් ඉතා දුර්ලභ  ඕකිඞ් වර්ගයකි. මෙය ප‍්‍රචාරණය අපහසු නිසා ඉතා දුර්ලභ වේ.



4. Ghost Orchid (Epipogium aphyllum/Dendrophylax lindenii)
දුලභ පමණක් නොව සිත් ඇදගන්නා සුලූ පුෂ්පයකි. කියුබාවේ සයිප‍්‍රස් ශාක වල වැඩෙන අතර ජුනි සහ අගෝස්තු මාස අතර මල් හට ගනී. ඒවා අවතාර ලෙස පෙනෙන නිසා මෙම නම ලැබී ඇත. මෙයට වසර 20 කට පෙර වදවූ බව විශ්වාස කල ද මෑතක දී එය නැවත සොයාගත් අතර ප‍්‍රචාරණය අපහසු නිසා එය විරල වේ.



5. Kadupul Flower (Epiphyllum Oxypetalum)
පහසුවෙන් වගා කල හැකි වුවද ඉතා කලාතුරකින් මල් හට ගැනීම මෙහි දී වැදගත් වේ. ශ‍්‍රී ලාංකික බෞධයන්ට මෙය ආධ්‍යාත්මික වටිනාකමකින් යුක්ත පුෂ්පයකි. රාත‍්‍රියේ දී පිපෙන අතර අලූයම වන විට අභිරහස් ලෙස වියලී යයි.

6. Koki’o (Kokai cookei)
මෙය තවත් දුර්ලභ පුෂ්පයකි. මෙහි ශාකය මීටර් 10 - 11 අතර වැඬේ.

7. Chocolate Cosmos (Cosmos atrosanguineus)
මෙක්සිකෝවේ දී සොයාගත් මෙම පුෂ්පය දැනට වසර 100 කට පෙර වදවී ගිය බව ඇතැමුන් ප‍්‍රකාශ කරයි. මෙම පුෂ්පය ගැඹුරු දුඹුරු පැහැයක් ගන්නා අතර විශ්කම්භය සෙ. මී. 3 - 4 පමණ වේ. මෙම මල් වර්ගය ගිම්හානයේ දී වැනිලින් සුවදක් නිකුත් කරයි. ඉතාම දුර්ලභ හා මිහිිරි සුව`ද නිසා මෙය විශේෂ වේ.

8. Parrot’s Beak (Lotus berthelotii)
කැනරි ¥පත් නිජ බිම කරගත් මෙම පුෂ්පය වනාන්තර වලින් වදවී ගොස් ඇති බව විශ්වාස කරයි. නමුත් ඇතැමුන් තවමත් මෙම පුෂ්පය වදවී ගොස් නොමැති බව ප‍්‍රකාශ කරයි.


9. The Jade Vine (Strongylodon macrobotrys)
එහි දර්ශනීය නිල් පාට, කොල හැඩැති මල් නිසා මෙය විශේෂ ෙවි. වෙනත්  ඕනෑම මලක දක්නට නොලැබෙන පාට පුෂ්ප මංජරියක් වෙනුවට නිල් පැහැති පුෂ්ප මංජරියක් දක්නට ලැබේ. අද වන විට මෙම පුෂ්පය දක්නට නොහැක. පිලිපීන ස්වභාවික වාසභූමි විනාශ වීම හේතුවෙන් මෙම පුෂ්පය ද වදවී ගොස් ඇත.

10 . Campion (Silene tomentosa)
1992 දී ජිබෝල්ටාහි දී මෙම පුෂ්පය සොයා ගත හැකි විය. 1994 දී ජිබෝල්ටා කඳු නඟින්නන් විසින් සොයාගත් නිදර්ශකයක් මිලේනියම් බීජ බැංකුව තුළ වගා කර අද වන විට ඇල්මෙඩා ජිබෝල්ටා උද්භිත උද්‍යාන වල සහ ලන්ඩනයේ රාජකීය උද්‍යාන වල ද දක්නට ලැබේ.

තිත්ත උනත් ගුණයි

          කරවිල අප රටේ ජනප‍්‍රිය එළවලූවකි. මෙය ෂතුව ඉතා ඉහළ ඖෂධීය ගුණයක් පවතී. මේ නිසාම කරවිල ආහාරයට ගැනීම පිළිබඳව මෑතක සිට විශේෂ උනන්දුවක් පවතී. කොළ පැහැයෙන් මෙන්ම සුදු පැහැයෙන් යුත් කරවිල ද දැක ගත හැකිය.

          කරවිල වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මොමෝඩිකා බාරන්ටියා යන්නයි. මෙය අයත් කුලය නම් කුකර්බිටේසියා කුල යයි.

          කරවිල වල ප‍්‍රභේද කිහිපයක් දැකගත හැකිය. එනම්,
                                   x එම්. සී. 43
                                   x තින්නවේලි
                                   x මාතලේ ග‍්‍රීන්
යනාදි යයි.

          කරවිල අපගේ ආහාරයට එක් කර ගැනීම තුළින් අපට ලැබෙන වාසි ද රාශීයකි. ඒම ක් නිසා ද යත් ඖෂධීය ගුණයෙන් පිරුණු ආහාරයක් නිසාය. මේ තුළින් ලැබෙන වාසි කිහිපයක් පහත සඳහන් ආකාරයට දක්වාලිය හැකිය.

                      x දියවැඩියාවට සහ තරබාරුවට පිළියම් කරයි.
මෙමඟින් දියවැඩියාව පාලනය කරනු ලැබේ. ඊට අමතරව ශරීරයේ පවතින අනවශ්‍ය සීනි ප‍්‍රමාණයන් ඉවත් කරයි. එමෙන්ම අප ලබා ගන්නා කාබෝහයිඞ්රේට, සීනි නසා දැමිමට ද කරවිල වලට හැකියාව පවතී. මේ නිසා සිරුර තුළ පිෂ්ඨය තැන්පත් විමෙන් ඇති විය හැකි තරබාරු තත්වයන් කරවිල ආහාරයට ගැනීම තුළින් නැති කර ගත හැකිය.

                      x වකුගඩුවේ ගල් ඉවත් කරයි.
වකුගඩු ගල් නැසීමට සමත් අගනා ඔසුවක් ලෙස කරවිල පෙන්වා දිය හැකිය. ආහාරයක් ලෙස ශරීරයට එක් වීම නිසා ඹෟෂධයක් ලෙස සිරුරට එක් වේ. ආහාර සමඟ වේගවත්ව එම ඹෟෂධය අප සිරුරට ලැබීම නිසා ඹසු ලබා ගැනිමෙන් තොරව මේ රෝග තත්වයට පිළියම් ලබා ගත හැක.

                      x සිරුර තුළ කොලේස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි.
වැරදි ආහාර රටා නිසා ශරීරයට ලැබෙන කොලේස්ට්‍රෝල් මට්ටම පාලනය කරනු ලබයි. හදවත් ආබාධ, හදවත් රෝග, රුධිර නාල වල ලේ කැටි ගැසීම් වැනි රෝගී තත්වයන් ගෙන් වැළැක්වීමට කරවිල සමත් වේ.

                      x පිළිකා ෙසෙල මැඩ පවත්වයි.
අග්න්‍යාංශ ආශ‍්‍රීත, පුරහස්ථි ග‍්‍රන්ථි, මහාබඩවැල, අක්මාව සහ පියයුරු ආශී‍්‍රත පිළිකා ෙසෙල ඇති වීම වැළැක්වෙන බවට වෛද්‍යවරුන් පවසයි.

                      x ලේ පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි. එමෙන්ම පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණයට ඉඩ සලස්වා එමඟින් සම පැහැපත් කිරිම සිදු වේ. සමට වැළදෙන ඉස්හොරි, කුරුලෑ, ලප කැළැල්, පොතු කබර, පණු රෝග ආදියෙන් වැලැක්වීම ද සිදු වේ. අමතරව සම මත ඇති වන විවිධ තුවාල සහ අසාත්මිකතා වලටත් සුවය සලස්වනු ලැබේ.

                      x විටමින් මට්ටම නිසා ඹබව නීරෝගී කරවයි.
සිරුර තුළ රුධිරය අලූතින් නිපදවීමට සහ අස්ථි ශක්තිමත් කිරීමට කරවිල වැදගත් ආහාරයකි. ආමාශයේ ඇති වන දැවිල්ල, තුවාල සුවකිරීමේ හැකියාව ද පවතී. එමෙන්ම කරවිල වැඩි ප‍්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සිරුරේ විටමින් මට්ටම ඉහලින් තබාගෙන නීරෝගීව සිටිමට ද අවස්ථාව ලැබේ.

                      x ප‍්‍රතිශක්තිය වඩවයි.
සෙම්ප‍්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝග ආදි රෝගී තත්වයන් සමඟ සටන් කර ඉන් මිදීමට අවශ්‍ය ශක්තිය ශරීරයට ලබා දිමේ හැකියාව කරවිල සතුව පවතී. තවද ආහාර ජීර්ණය ක‍්‍රමවත් වීම නිසා ආහාර අජීරණ වලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

          මෙය එළවලූවක් ලෙස පිසීමෙන් මෙන්ම පානයක් ලෙස ශරීරයට ලබා ගැනීමට ද හැකියාව පවතී. එමෙන්ම සාලාදයක් වශයෙන් ද ආහාරයට ගත හැක. මේ නිසාම මෙම ඖෂධීය ගූණයෙන් සපිරි ආහාරය අපගේ ආහාර රටාවට එක් කර ගනිමින් අපගේ ජීවිතය ද නීරෝගී කර ගනිමු.

Monday, June 19, 2017


මානව උරුමයක ආගමික සංහිඳියාව පාහියන්ගල ලෙන් විහාරය

           සංස්කෘතික වශයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වශයෙන් ජනාදරයට පාත‍්‍ර වු ස්ථානයක් කළුතර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. ඒ බුලත්සිංහල සිට කිලෝ මීටර් 5ක දුරකිනි. මෙම ඓතිහාසික ස්ථානය පිහිටා තිබෙන්නේ යටගම්පිටිය නමැති ග‍්‍රාමයේය. මෙම ස්ථානයට ළඟ වීමට ප‍්‍රධාන මාර්ග 2 ක් පිහිටා තිබේ. එක් මාර්ගයක් නම් කළුතර සිට මතුගම මාර්ගයේ බුලත්සිංහලට පැමිණ ළඟා විමට හැකි මාර්ග යයි. අනෙක් මාර්ගය නම් වඩා පහසු හොරණ කලවැල්ලාව මාර්ග යයි. ප‍්‍රදේශයේ වැදගත් ස්ථානයක් වශයෙන් පාහියන්ගල පුරාණ විහාරයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මෙම විහාරස්ථානයට දවස පුරා ඇඳි එන පිරිස අති විශාලයි. ඔවුන් පැමිණෙන්නේ ආගමික වතාවත් වලට මෙන්ම මෙහි ඇති ස්වභාව සෞන්දර්යය විඳ ගැනීමටය.

             පාහියන්ගල නමින් හඳුන්වන පර්වතයේ දැවැන්ත ලෙන් කුටිය තුළ ඇති මහා හිදැස මුළු ලොවක මානව පැවැත්ම හා ඒ ගමන් මාර්ගය වෙත පිවිසෙන ආලෝක කවුලූවකි. මුහුදු මට්ටමේ සිට අඩි 400 ක් පමණ උසකින් මෙය පිහිටා තිබේ. පාහියන්ගල කඳු පර්වතය පිහිටා ඇත්තේ සබරගමු කඳු පන්තියේ රබලි කන්දට මායිම්වයි. ස්වභාව සෞන්දර්යයෙන් අනුන අක්කර 80 ක පමණ වන ගහනයක් මීට අයත් වේ. වන ගහනය පාමුල සිට නයි පෙනයක හැඩය ගත් ලෙන තුළට යැමට ශෛලමය පියගැට හාරසිය අසු ගණනක් පමණ තරණය කළ යුතු වේ. මෙය ලංකාවේ ඓතිහාසික දැවැන්ත ලෙන් සියල්ල අභිබවා සිටි. මෙය දඹුලූ ලෙනට වඩා තුන් ගුණයක් විශාල බව පැවසේ. පාහියන්ගල ලෙන පිළිබඳව ජනප‍්‍රවාද ද පවති. මෙය දිස්ත‍්‍රික්ක දෙකක් මැද පිහිටි ස්ථානයකි. රත්නපුර දිස්ත‍්‍රික්කය, කළුතර දිස්ත‍්‍රික්කය යාවන පුරුකක්වන අරුතින් පාහියන්ගල වු බවට ද මතයක් පවති. එමෙන්ම දේශ ගවේශක පාහියන් භිෂුව ශ‍්‍රී පාදයට යන අතරතුර නවාතැන් ගත් නිසා පාහියන්ගල වු බවට ද මතයක් පවතී. නමුත් මේ දෙකෙන් ප‍්‍රබලම මතය වන්නේ පාහියන් භික්ෂුව හා බැදී කතා පුවතයි.

            1968 සිට මානව ඉතිහාසයට මෙය සම්බන්ධ වේ. එයට එච්. ජයවර්ධන නමැත්තෙක් පුරෝගාමි විය. ජයවර්ධන මහතාගේ දැනුවත් කිරීම මෙරට ඉතිහාසය පිළිබඳ සොයා ගැනීමට රුකුලක් වුයේය. මෙම ලෙන පිළිබඳව ප‍්‍රථමවරට පුරා විද්‍යා පර්යේෂණ 1968 ආරම්භ විය. එයින් පසු මෙය වැදගත් ස්ථානයක් වශයෙන් නම් කරන්නට විය. 1986 සිට මෙහි කැණිම් සිදු කරන්නට පටන් ගැණුනු අතර ඒ එකල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. විජේපාල හා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ශීරාන් දැරණියගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේය. මෙහිදී දකුණු ආසියාවේ මෙතෙක් සොයා ගන්නා ලද පැරණිතම නවීන මානව ඇට කටු සොයා ගන්නට හැකි විය. ඔවුන් ගින්දර පාවිච්චි කළ බවට ද සාධක හමුවේ. ගල් ආයුධ, ඇඹරුම් ගල් ද හමුව ඇත. කුඩා උප ලෙනෙහි කළ කැණීම්වලින් සම්පුර්ණ මානව සැකිල්ලක් හමුව ඇති බවත් එය කාන්තා සැකිල්ලක් බව ශීරාන් දැරණියගල මහතා පවසයි. එය වසර 37,000 කට වඩා එය පැරණි බවත් අනුමානය කෙරේ. එසේ්ම 2012 දී එය වැඩි දුර පර්යේෂණ සඳහා එංගලන්තයට යවනු ලැබිය. මෙය වළක් තුළ තැන්පත් කිරීමක් නොව පොළොව මතුපිට තැන්පත් කිරීමකි. මේ නිසා මෙතෙක් ලංකාවේ විසු ආදි මානවයා ලෙස සැලකු බලංගොඩ මානව මී මුත්තාගේ කිරුළ පාහියන්ගල ආදී මී මුත්තාගේ හිස මත පැලඳිනි.

          ආදී මානවයා පාහියන්ගලට සම්බන්ධ විමත්, එම ප‍්‍රාග් ඓතිහාසික උරුමය ඓතිහාසික බෞද්ධ උරුමයකට සම්බන්ධවීමත් නිසා මෙයට විශේෂත්වයක් හිමිවේ. මෙම ගිරි ශීඛරය විහාරස්ථානයක් කිරීමට පුරෝගාමි වුයේ පොරෝගම හිමි නමින් ප‍්‍රකට හිමි නමක්. මාතරදී ජන්ම ලාභය ලද උන්වහන්සේ මෙහි වැඩම කලේ මහනුවර සිට බව ප‍්‍රකට කරුණකි. ඉතා දුෂ්කර දුර්ග මාර්ගයකින් ලෙන සොයාගෙන උන්වහන්සේගේ පැමිණිම සිදු වන්නට විය.

            මෙහි ඇත්තේ කුඩා විහාරස්ථානයකි. මෙහි ප‍්‍රතිමා කැට ගලින් හා මැටිවලින් නිර්මාණය කර ඇත. සිතුවම් හා මුර්ති වලට ස්වභාවික වර්ණ යොදා ගෙන ඇත. ප‍්‍රතිමා අතර විශ්ණු දෙවියන්ගේ වාහනය වන ගුරුලාගේ රූපයේ උඩ කොටසට ගුරුලාගේ රූපයත් යට කොටස මිනිස් රූපයක හැඩයද ගනී. එමෙන්ම සමන් දෙවියන්ගේ වාහනයේ යට කොටසත් මිනිස් රුවට සමානය. මෙහි සුවිසල් උළුවහු දෙක අදත් දැකගන්නට හැකියාව ඇත. එම යෝධ උළුවහු අද තත්වයේ උළුවහු හයකට සමානබව ද පැවසේ. මෙහි ගොඩනැඟිලි මෙන්ම ප‍්‍රතිමා හා සිතුවම් නුවර යුගයේ කලා සම්ප‍්‍රදාය අනුව ගොඩනැඟුණකි. ලෙන තුළ ඇති හතලිස් රියන් සැතපෙන පිළිම වහන්සේ මෑත කාලයේදී වැඩ අවසන් කළ නිර්මාණයක් වේ.

           පාහියන්ගල ”පුරා විද්‍යා තහනම් භූමියක්” ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ රජ්‍යට අයත් භූමියක් ලෙසයි. ලෙන් කුහරයේ උස අඩි 150 ක් අතර පළල අඩි 70 ක් ලෙස විහිදී තිබේ. මේ අනුව ප‍්‍රාග් ඓතිහාසික මානව උරුමයකට ආගමික මුහුණුවරක් ද ආරෝපණය වී පුජනීයත්වයට පත් වී ඇත. එම නිසා මෙම ලෙන තුළට ගමන් කිරීමේ දී දැනෙන්නේ වසර 37,000 කට පෙර ඉපැදුණු මී මුත්තණුවන්ට ශීෂ්ට සම්පන්න මානවයෙක් වශයෙන් සමාජ ගත කිරීමට උත්සහා දැරූ බවක් වැනි උතුම් හැඟිමකි.




Saturday, June 10, 2017

අරුම පුදුම

          ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී ප‍්‍රථම වරට ලෝකයේ පුදුම හත නම් කරන ලදී. ඒ ඇරකෝසියාවේ සීඩන්හි වාසය කළ ඇන්ටිපේටර් නම් ග‍්‍රීක පඬිවරයා විසිනි. ඔහු විසින් නම් කරන ලද ලෝක පුදුම හත නම්,

මිසරයේ ගීසා පිරමිඩය
ඉරාකයේ බැබිලන්හි එල්ලෙන උයන
ඔලිම්පියාහි සියුස් දේව ප‍්‍රතිමාව
එපියුස්හි ආර්ටෙම්ස් දේවස්ථානය
හෙලිකානස්හි මෝසල්ස් ස්මාරකය
රෝඞ්ස්හි කොලෝසම් ප‍්‍රතිමාව
ඇලෙකිසැන්ඩි‍්‍රයාවේ ලොව ප‍්‍රථම ප‍්‍රදීපාගාරය

           මෙම ස්ථාන අතරින් වර්තමානයේ ඇත්තේ එකක් පමණි. ඒ මිසරයේ ගීසා පිරමිඩ යයි. අනෙක් සියලූ ස්ථාන ස්වභාවික විපත් වලින් මෙන්ම සිතාමතා සිදු කරන විනාශයන් නිසා ද අභාවයට පත් වී ඇත. 

         මේ නිසා වර්තමානයේ නව පුදුම හතක් නම් කර ඇත. අන්තර්ජාලය සහ දුරකථන මඟින් කරන ලද ජනමත විමසුමක් ඔස්සේ මෙය සිදු කර ඇත. මෙය ”භැඅ 7 උදබාැරි ත්‍දමබා්එසදබ” නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රර කොට ගෙන පිහිටා ඇති සංවිධානයක් මඟින් එළි දක්වා ඇත. ලොව පුරා පවතින 200 ක් තරම් වු සිහිවටන මෙයට යොදා ගෙන ඇත. ඒ අනුව 2001 සිට 2007 දක්වා විමසුම සිදු කොට ඇත. මෙයින් අවසාන වටයට ස්ථාන 20 ක් තේරිපත් වී ඇත. ඒ අනුව ජයග‍්‍රාහි සිහිවටන 7 ක් 2007.07.07 වන දින පෘතුගාලයේ ලිස්බන් නුවර දී එළි දක්වන්නට විය. ඒවා නම්,

ටජ්මහල් - ඉන්දීයා
මාවු පිචු නගරය - පේරු
චීන මහා ප‍්‍රාකාරය - චීනය
පෙට‍්‍රා නගරය - ජෝර්දානය
කොලෝසියම - ඉතාලිය
චිචෙන් ඉට්සා පුජනීය නගරය - මෙක්සිකෝව
ක‍්‍රිස්තූන් වහන්සේගේ ප‍්‍රතිමාව - බ‍්‍රසීලය
යනාදි යයි.

ටජ්මහල් 
          ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ අග‍්‍රා නගරයේ පිහිටා ඇත. මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ පස්වන පාලකයා වු ෂා ජහන් අධිරාජ්‍යයා ඉඳිකරවා ඇත. ඒ තමා අතිශයින් ආදරය කලා වු මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසුවයි. මෙය ඇය උදෙසා සිහිවටනයක් වශයෙන් ඉඳි කරවා ඇත. ක‍්‍රිස්තු වර්ෂ 1632 දී වැඩ ආරම්භ කර ඇති අතර වසර 22 ක පමණ කාලයක් වැඩ අවසන් කිරිමට ගත වී ඇත. ගොඩනැඟිල්ල සම්පුර්ණයෙන්ම කිරිගරුඩ ගලෙන් නිමවා ඇත.




මාවු පිචු නගරය 
          ක‍්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ගොඩනැගු ඉපැරණි බල කොටුවකි. ඉන්කාවරු විසින් මෙම බල කොටුව ගොඩනංවා ඇත. දකුණු ඇමරිකාවේ ඇන්ඞීස් කඳු මුදුනෙහි මෙය පිහිටා ඇත. මෙය ආගමික නගරයක් ද, සතුරු ආක‍්‍රමණවල දී පලා ගොස් සැඟවිමට සුදුසු ලෙස කඳු මුදුනේ සෑදු නගරයක් ද යන්න නිශ්චිත නිගමනයකට එළඹි නැත. ඉන්කාවරු මැචු පිචු බලකොටුව හැරදමා යන්නට ඇත්තේ ස්පාක්‍ද්ක්‍ද ජාතික හමුදා විසින් බෝ කරන ලද වසුරිය රෝගයෙන් බේරම සඳහා බව ද සැලකේ.

චීන මහා ප‍්‍රාකාරය 
          මිනිස් දෑතින් ඉඳි වු විස්මිත නිර්මාණයක් ලෙස මෙය සැලකිය හැක. ක‍්‍රිස්තු පුර්ව 700 දී පමණ වැඩ ආරම්භ වී ඇත. නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගොලියාවේ බටහිර සීමාව දක්වා විහිදි ඇත. මෙම ප‍්‍රාකාරයේ දිග කී.මී. 6400 ක් පමණ වන අතර චීන අධිරාජ්‍යයේ උතුරු සීමාවට නිරන්තරයෙන් එල්ල වු මොංගෝලියන් ආක‍්‍රමණවලින් ආරක්ෂා විම සඳහා මෙය ඉඳි කොට ඇත. මෙහි බැම්මේ කලූ ගල් අඩිතාලමක් මීටර් 12 ක් උසට ගඩොලින් නිර්මාණය කොට ඇත. ප‍්‍රාකාරය මුදුනේ මීටර් 4.5 පළල පාරක් වන අතර ප‍්‍රාකාරය දිගේ මීටර 180 න් 180 ට මුර කුලූණු සාදා ඇත. අතීතයේ මිලියනයකට අධික පිරිසක් මුර සේවයේ යොදවා තිබු බව සඳහන් වේ. මිනිසා විසින් නිර්මාණය කළ නිර්මාණ අතරින් චන්ද්‍රයාගේ සිට පෘතුවිය දෙස බැලූ කල දිස්වන එකම නිර්මාණය වන්නේ ද මෙයයි. 

පෙට‍්‍රා නගරය 
          ක‍්‍රිස්තු පුර්ව 312 දී පමණ ඉඳකිරිම් ආරම්භ කර ඇත. මෙය ඉතා දියුණු මට්ටමක පැවති නගරයකි. එයට හේතුව බටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස් හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙඳ මාර්ගයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීමයි. ක‍්‍රිස්තු පුර්ව 9 වන සියවසේ සිට ක‍්‍රිස්තු පුර්ව 40 දක්වා රජ කළ හයවන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අගනුවර පෙට‍්‍රා නගර යයි. කාන්තාර දේශගුණයකට ද මුහුණ දීමට හැකි වන පරිදි මෙය නිර්මාණය කර තිබීම විශේෂ වේ. එසේ ඉඳිකොට ඇත්තේ අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති නිසාය. මීටර් 42 ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන් ද හමුවී ඇත. එය රෝස පැහැති පාෂාණයෙන් නිම කරවා ඇත. ගෘහ නිර්මාණ ශීල්පයේ සුවිශේෂී ලක්ෂණයක් වන පිහිටි ගලෙහිම නිර්මාණය කරන ලද ගොඩනැඟිලි මෙහි දැකිය හැක.

කොලෝසියම 
          ක‍්‍රිස්තු වර්ෂ දී පමණ ආරම්භ වේ. සුවිසල් පේ‍්‍රක්ෂකාගරයක් වන මෙය ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස මෙය යොදා ගෙන ඇත. සතුට උදෙසා අමානුෂික ක‍්‍රිඩා මෙහි පැවැත් වු බව විශ්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් පිරිස්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා සටනේ යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට සඳහා යොදා ගෙන ඇත.


චිචෙන් ඉට්සා පුජනීය නගරය 
        මයන්වරු විසින් නිර්මාණය කර ඇත. ක‍්‍රිස්තු වර්ෂ 600 දී පමණ ඉඳි කිරීම් සිදු කර ඇත. කොළොම්බියානු ශිෂ්ටාචායට අයත් වේ. මෙහි පිහිටා ඇති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයත් ගන්නා අතර මීටර් 24 ක් පමණ උසැතිය. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4 කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් පඩි 365 ක් ඇත. මෙම පඩි වර්ෂයේ දින ගණනට සමාන වීම විශේෂ කරුණකි. ක‍්‍රිස්තු වර්ෂ 750 - 1200 දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානය වුයේ ද මෙයයි.


ක‍්‍රිස්තූන් වහන්සේගේ ප‍්‍රතිමා 
      
          බර ටොන් 635 වන මෙම ප‍්‍රතිමාවේ උස මීටර් 38 කි. මෙය බ‍්‍රසීලයේ රියොද ජෙනයිරෝ නුවර ඉඳිකර ඇත. මෙහි ක‍්‍රිස්තු වර්ෂ 1931 දී පමණ ආරම්භ කර ඇත. 

Thursday, June 8, 2017

පොසොන් පෝය

සුවාසු දහසක් නිර්මල වු බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලත් මේ ලක්දිව ධර්මද්වීපයකි. මෙකී ශී‍්‍ර ලංකාවට අද දිනය යනු බුදුරදුන් සැදැහැවතුන්ගේ සිත්තුළ භක්තියෙන් සිහිපත් වන උතුම් දිනයකි. මෙකී පොසොන් පෝය දිනය කී විට නිරායාසයෙන්ම බෞද්ධ ලක්වාසීන්ට සිහිවන්නේ මිහිඳු මහරහතන් වහන්සේය. පොසොන් පෝය කී විට මහින්දාගමනය, මිහින්තලාව, තිස්ස නිරිඳුන් නිරායාසයෙන්ම සිහිවන තරමට අද දිනය ලක්දිව බෞද්ධ ජීවිත හා බද්ධව පවතී. මක්නිසා ද යත් මෙලොව මෙන්ම පරලොව ද යහපත් කර ගත හැකි බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මස්කන්දය ලංකාද්වීපයට හිමිවුයේ අදවන් පොසොන් පෝය දිනයකය.
වෙසක් පුන් පොහොය දිනයේ උණූසුමත් සමඟම උදාවන පොසොන් පෝය දිනය ලක්වාසීන්ට අතිශය වැදගත් වේ. මක් නිසාද යත් බුදුරජාණන් වහන්සේගේ පවිත‍්‍ර ධර්මය ලක්වාසීන්ට අවබෝධකරවනු වස් අනුබුදුමිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා අම්බස්තලය වෙත වැඩම කරන ලද්දේ අදවන් දිනකය. ගස්, ගල්, ඉර, හඳ ආදි වස්තූන්ට වන්දනාමාන කරමින් සිටි ශී‍්‍ර ලාංකිකයින්ට නිවැරදි දහමක්, දැක්මක් හිමි වුයේ මහින්දාගමනයෙන් අනතුරුවයි.
ලක්දිවට වැඩි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට පළමුව මුණ ගැසෙන්නේ දෙවන පෑතිස් රජතුමාය. අනතරුව එතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වීමෙන් අනතුරුව ලංකාද්වීපය ධර්මද්වීපයක් විය. මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලංකාවට ගෙන ඒම සම්බන්දව විවිධ වු කතා පුවත් පවතී.
එකල භාරතයේ රජකම් කළ අශෝක අධිරාජ්‍යයා විවිධ රාජ්‍ය සමග සටන් කරමින් අධීරාජ්‍ය බලයක් පිහිටුවන්නට විය. අතිශය කෲර යුධ වැදිමකින් අනතුරුව කාලිංග දේශය ද තම රාජ්‍යට අඳා ගනිමින් අශෝක අධිරාජ්‍යයා විශාල අධිරාජ්‍යක් පිහිටුයේය. එහෙත් මෙම කාලිංග මාඝ යුද්ධයේ දී විශාල ජීවිත සංඛ්‍යාවකට හානි විය. මෙම දිග් විජය නම් වු පාලන ක‍්‍රමය සමඟ විශාල වශයෙන් මිනිස් ඝාතන සිදුවන බැවින් ඒ පිළිබඳව රජු තුළ වුයේ මහත් සන්තාපයකි. මේ ගැන තැවෙමින් මාළිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලා සිටි අශෝක රජුට ඒ මේ අත දිවයන මිනිසුන් අතරේ සිත නිවාලන අසිරිමත් දසුනක් දැක ගන්නට ලැබිනි. ඒ සන්සුන් ගමනින් වඩින සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේය. මෙම සාමණේරයන් වහන්සේ දුටු පමණින් රජුගේ සිතට පැහැදිමක් ඇති වී ඉනික්බිතිව නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව සිය රජ මැදුරට වැඩම වු සේක. මෙහි ප‍්‍රතිඵලයත් ලෙස චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක බවට පත් විම ආරම්භ වන්නට විය. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාට ධම්ම පදයේ අප්පමාද වග්ගයේ ගාථාවලින් දහම් දෙසු සේක.
ඉනික්බිතව බුදු දහම වැළඳගත් අශෝක අධිරාජ්‍යා අසුහාරදාහසක් වෙහෙර විහාර කරවා බුදු දහමට විශාල මෙහෙයක් සිදු කරන ලදී. එමෙන්ම තම දරුවන් වු මිහිඳු කුමාරයාත්, සංඝමිත්තා කුමරියත් සසුනට පුජා කළේය. මෙය ධර්ම විජයේ ආරම්භය විය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් තෙවන ධර්ම සංගායනාව පවත්වන ලදී. ධර්මදුත ශ‍්‍රාවක පිරිස් යටතේ ලොවපුරා ධර්මය ප‍්‍රචාරය කරන්නට විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාද්වීපයට ද බුදු දහම හිමි විය. ලංකාවට බුදු දහම ව්‍යාප්ත කරවිමට ගත් අශෝක රජුගේ උත්සහාය තරමක් විශේෂ වේ. ඒ දිගු කාලයක් පටන් අශෝක රජු හා දෙවනපෑතිස් රජු අතර ලියුම් මඟින් මිතුරුකමක් පැවතීමයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවට එවන ලද ධර්මදුත කණ්ඩායම ද විශේෂ වේ. මේ පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසකට රාජ්‍ය සුහදතාව දැඩිව පැවතිනි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වු අතර, සුමන සාමණේරයන් වහන්සේ අශෝක අධිරා්‍යයාගේ සංඝමිත්තා නම් දියණියගේ පුත‍්‍රයා වුහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් භණ්ඩුක උපාසකතුමා සඳහන් වේ. මෙවැනි රාජකීය දුත පිරිසක් ශ‍්‍රී ලංකාවට සැපත් වුයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස්වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.
එකල ලංකාද්වීපයේ රජකම් කළ දෙවනපෑතිස් රජතුමා පොසොන් පෝය දිනයේ් දඩකෙළිය සඳහා මිස්සක වනයට පිටත්ව සිටියේය. රජු මුවෙක් පසු පස යමින් සිටින අවස්ථාවේ ”අනුබුදු” නමින් ගෞරවාදරයට පත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමණ සාමණේර යන මහරහත් වහන්සේලාත් භණ්ඩුක නම් උපාසකයාත් මිස්සක පව්වේ දී දෙවනපෑතිස් රජුට හමු විය. 

”සමණා මයං මහාරාජා - ධම්මරාජස්ස සාවකා
                      තවේව අනුකම්පාය - ජම්බුදීප ඉධාගතා”

”මහරජ, අප ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වු ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසු මිහිඳු හිමි රජුගේ නුවණ ඇති බව පරීක්ෂා කිරීමට ගැටලූ කිහිපයක් ඉදිරිපත් කරන ලදී. දේවානම්පියතිස්ස රජුගේ නුවණැති බව වටහා ගත් මිහිඳු හිමි තම අනාගත කාර්යයේ සාර්ථකත්වය අවබෝධ කර ගත්තේය. ඉක්බිතිව දෙවනපෑතිස් රජතුමා ඇතුලූ පිරිසට මිහිඳු හිමි දේශණා කළ සුත‍්‍රය වන්නේ චුල්ලහත්තිපදෝපම සුත‍්‍ර යයි. තුනුරුවන්ගේ උසස්කම ද, භික්ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද, ශ්‍රේෂ්ඨ ගුණගරුක ජීවිතය ද, සිවුසස් දහම් ද මෙහි විස්තර වේ. 
මේ සුත‍්‍රයට අනුව ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා හා පිලෝතික පරිබ‍්‍රාජකයා අතර ඇතිවන සංවාදයේ දී පිලෝතික පරිබ‍්‍රාජකයා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයාට බුදුහිමි හඳුන්වා දෙයි. මෙහිදි පරිබ‍්‍රාජකයාගේ දීර්ඝ විස්තර කිරීම අවසන් වු පසු ජානුස්සෝනි බමුණා රියෙන් බැස උතුරු සලූව එක්කොට පොරවා බුදුහිමි වැඩ සිටි දිසාවට වැඳ තුන්වරක් නමස්කාර පාඨය කියා නමස්කාර කළහ. පසු දිනක බුදුහිමි මුණගැසුන ජානුස්සෝනි බමුණාට හස්ථිපදෝපම ධර්ම දේශණාව අංග සම්පුර්ණව දෙසුහ.
මෙලෙස අපට හිමි වු බුදු දහම හේතු කොට ගෙන ශ‍්‍රී ලංකාද්වීපයම ධර්ම රාජ්‍යයක් බවට පත් විය. දේවානම්පියතිස්ස රජු වෙහෙර විහාර ඉඳි කරවමින් බුදු දහම රැුක ගැනීමට විශාල මෙහෙයක් ඉටු කරන ලදී. අටමස්ථාන, සොළොස්මස්ථාන ආදී ෙඵෙතිහාසික වෙහෙර විහාරස්ථාන, සමුදුර පරයන වැව් අමුණු, වේලි, කෙත්වතු, උයන්වතු කියා පාන්නේ මිහිඳු මාහිමියන්ගේ සිත තුළ පහළ වු අසීමිත අනුකම්පාවයි. භෞතික වශයෙන් රටක් දියුණු කිරීමට පළමුව රජු ඇතුලූ පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්වා ගැනීම මුලික පියවර වන්නේ යැයි සිතූ මිහිඳු මාහිමි ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවුහ. ”මිනිසා හදා රට ගොඩනඟමු” යන සංකල්පයේ ආරම්භය අප රට තුළ සමාජ ගත වන්නේ මේ සිද්ධියෙන් පසු බව වැටහේ. හෙළදිව පළමුව තෙරුවන් සරණ ගිය, පන්සිල් රකින පිරිස බවට මොවුහු ඉතිහාසයට එක් වී ඇත.
කෙසේ නමුත් මෙලෙස අපට හිමි වු බුදු දහම අද දක්වාම ශ‍්‍රී ලංකාද්වීපය තුළ නොනැසී පවතී. එසේ වුව ද එදා බුදු දහම අපට හිමි වු කළ පොසොන් පෝය සමරන ආකාරය අද වන විට විශාල ලෙස වෙනස්කම් වලට භාජනය වී ඇත. එදා අප අභීත රජවරු මෙම උතුම් දිනය පින් දහම් කරමින් බෞද්ධ කටයුතුවලට උරදෙමින් ගෞරවනීය ලෙස සමරන ලදී. අද වන විට මෙම තත්වය උඩු යටිකුරු වී ඇත. පොසොන් පෝය දිනයට පවා පන්සල් නොයන බෞද්ධයන් කී දෙනෙකු නම් සිටිනවා ද? තොරණ් හා වෙසක් කූඩුවලින් වර්ණවත් වන මෙදින අතිඋත්කර්ෂවත් අයුරින් ලාංකිකයන් සමරති. නමුත් මෙදිනට අප කරනුයේ බුදු දහමේ පැවැත්මට මෙහෙවරක් කරනවා වෙනුවට එය තවත් එක් උත්සවයක් බවට පත් කර ගැනීම පමණි. මෙදින තොරණ් හා වෙසක් කූඩුවලින් අලංකාර විය යුතුය. ඒ වුව ද මේ සියල්ලම අප බෞද්ධයන් යැයි සිතෙහි තබා ගෙන බෞද්ධ ක‍්‍රමයට සිදු කරනවා නම් මාගේ අදහස වන්නේ, අද යටපත් වෙමින් යන බුදු දහමට නව ජීවයක් ලැබෙනවා නොඅනුමානය.

දුලිනි පෙරේරා

Thursday, June 1, 2017

LGBTIQ ප‍්‍රජාව


හැඳින්වීම
මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවත එන ලිංගිකත්වය පුද්ගල අවශ්‍යතාවයත් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම ලිංගිකත්වය යනු සමාජයේ වැඩි අවධානයට ලක්වන මාතෘකාවකි. මෙම මාතෘකාව පිළිබඳව ලාංකීය සමාජය තුළ කතා කිරීම වැරද්දක් ලෙස සලකණු ලබයි. නමුත් මෙම මාතෘකාව කතා බහට ලක් කළ යුතුය. ලාංකීය සමාජය තුළ මේ පිළිබඳව ඇති නොදැනුවත් භාවය ඇතැම් විට ඒ පුද්ගලයින්ව ගැටලූ වලට පත් කරනු ලබයි. නමුත් හුදෙක් මිනිසා මෙය තුළින් සිදු කරනුයේ වින්දනයක් ලැබිම පමණකි. එමෙන්ම ඇතමුන් මෙම විෂය තුළ අසහනයට පත් වී ඇත. නමුත් මානව පැවැත්ම රැුදී පවතින්නේ මෙම තත්වය මතය. එමෙන්ම ලංකාව වැනි සංස්කෘතිය පෙරදැරිකර ගත් රටවල මෙය පිළි නොගනී. නමුත් එම පිරිස් ද සමාජයේ ජීවත් වේ. එමෙන්ම මෙම පිරිසට ද සමාජය තුළ පුද්ගල අයිතිවාසීකම් හිමි විය යුතුය. එම නිසාම මෑත කාලයේ දී සමලිංගිකත්වය සම්මත කරන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ද ඉදිරිපත් කරන්නට විට. එසේ වුව ද ඒ පිළිබඳව මෙතෙක් සම්මත කතා බහට ලක් වී නොමැත.

මේ තත්වය පිළිබඳව බටහිර රටවල ඇත්තේ වෙනත්ම මතයකි. ඇතැම් රටවල මේ සම්බන්ධතාවලට නීති්‍යානුකූල අයිතියක් ද ලැබි ඇත. එම රටවල මෙම විවහා චාරිත‍්‍රයන් ද අනෙක් විවහා චාරිත‍්‍ර මෙන්ම උත්සවත්ශ‍්‍රීයෙන් පවත්වනු ලබයි.  එමෙන්ම මැයි මස 17 වන දින ජාත්‍යාන්තර සමසෙනෙහස් භීතිකාව හා සංක‍්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය වශයෙන් ද නම් කර ඇත. 

ලංකාව තුළ ද මේ තත්වය දැකගත හැකි වුව ද මෙම සමාජය තුළ එය ව්‍යාකූල තත්වයකි. නමුත් විද්වතුන්ගේ මතය වන්නේ මෙම සියලූ පිරිස්වලට ද සමාජයේ සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බවයි.

එසේ වුව ද ලංකාව තුළ මේ පිරිසගේ මානස හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයන් ද දැක ගත හැකිය. ඒ අතර කොළඹ පිහිටි ඊක්වල් ග‍්‍රවුන්ඞ්  ආයතනය ප‍්‍රධාන වේ. සමලිංගික, ද්විලිංගික, සංක‍්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාවගේ ගැටලූ හමුවේ පෙනී සිටි. මෙම ආයනය මෙලෙස අනන්‍යතාවය වෙනස් වීම නිසා ශ‍්‍රී ලංකාවේ දුක් විඳින, පීඩාවට පත්වන, විවිධ අඩත්තේට්ටම්වලට ලක්වන ප‍්‍රජාව වෙනුවෙන් කටයුතු කරයි.    

ලිංගිකත්වය යනු
ලිංගිකත්වය යනු මිනිස් සංහිතිය ඇරඹුමේ සිට නිබඳ අවධානයටත් කුතුහලයටත් ලක්වන විෂය පථයකි. මානව ශිෂ්ටාචාරය ඇරඹුමේ සිට ඊට කිසියම් අලෙවි වටිනාකමක් ද ලැබි ඇති බව පෙනේ. ලොව ප‍්‍රථම වෘත්තීය වශයෙන් බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇති ගණිකා වෘත්තිය එළි දකින්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. මිනිස් සංහතියේ විකාශයත් සමග ඉතා සෘජු ලෙස සමාජ බද්ධ මාතෘකාවක් වශයෙන් පරිනාමය වු ලිංගිකත්වය ඉතිහාසයේ යම් යම් අවස්ථාවනිහි පූජනීයත්වයට පත් වු බව ද නිසැකය. මාතෘ මුලික ඉන්දු නිම්න ශීෂ්ටාචාරයේ මාතෘ දෙවඟන පිදීමේ ප‍්‍රධානතම සංකේතය ඇගේ යෝනියයි. පසුකාලීනව භාරතයේ පැවතී වෛදික පීතෘ මුලික සමාජයේ දී මෙම පුජනීයත්වය පුරුෂ ලිංගය වෙතට ආරෝපණය වී ඇත. ඒ ශීව ලිංග පුජාවයි. අද එය පරම පූජනීය වස්තුවක් බවට පත් වී ඇත. එමෙන්ම දරුවන් නැති කාන්තාවන් දරුවන් ලබා ගැනීම උදෙසා ශීව ලිංගයට පූජා පවත්වනු ලබයි. එම කාන්තාවන් ශීව ලිංගය කිරෙන් නාවා එම කිරි පානය කිරීමෙන් දරුවන් ලැබෙන බවට විශ්වාස කරයි.

ලිංගිකත්වය මත සමාජය තුළ ස්ත‍්‍රී - පුරුෂ භාවය වෙන් කර ඇත. මෙම ස්ත‍්‍රී - පුරුෂ භාවය නැවත ඔවුන් ඔවුන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාව මත ලිංගිකමය වශයෙන් බෙදා දක්වා ඇත. එම කොටස් පහත සඳහන් පරිදි බෙදා දැක්විය හැකිය. එනම්,

සමලිංගිකත්වය
          ස්ත‍්‍රී සමලිංගික (Lesbian)
      පුරුෂ සමලිංගික (Gay)
ද්වි ලිංගික (Bisexual)
සංක‍්‍රාන්ති ලිංගික (Transgender) 
අන්තර් ලිංගික (Intersex)
ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව (Questioning)

වශයෙනි. මෙම එක් එක් කොටස්වලට වෙන් වු ලක්ෂණ ද හඳුනාගත හැකිය. එමෙන්ම මෙම සියලූ ලක්ෂණ සහිත ප‍්‍රජාවන් අප සමාජය තුළ ද දැක ගැනීමට ලැබේ. නමුත් එය බටහිර සමාජයේ මෙන් ප‍්‍රසිද්ධව දැකගත නොහැකි වුව ද අප‍්‍රසිද්ධව පවතී. 

මෙම ලිංගික සම්බන්ධතා ලාංකීය සමාජය තුළ ව්‍යාකූල තත්වයක් වුව ද බටහිර සමාජයේ එසේ නොවේ. නමුත් විද්වතුන්ගේ මතය වන්නේ මෙම සියලූ සමාජ කොට්ටාශවලට ද සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බවයි.

සමලිංගිකත්වය
      සමලිංගිකත්වය යනු සමාන ලිංගිකයන් අතර ඇතිවන සම්බන්ධතාව යයි. මෙයින් පුරුෂයන් පුරුෂයන් අතර ඇතිවන ලිංගික සබඳතා මෙන්ම ස්ත‍්‍රීන් ස්ත‍්‍රීන් අතර ඇතිවන සබඳතා පිළිබඳවද සාකච්ජා කරයි. ඉංග‍්‍රීසි බසින් මෙය හඳුන්වන්නේ Homosexual යනුවෙනි. මෙය මානව ශිෂ්ටාචාය පුරා පැවති චර්යාවකි. අතීතයේ මේ පිළිබඳව සාකච්ජා කිරීම පවා වැරදි දෙයක් බව සැලකුව ද සෑම සමාජයකම සමලිංගිකත්වය රහසේ පැවත ඇත. නමුත් වර්තමානය වන විට ප‍්‍රසිද්ධියේ සාකච්ජා කළ හැකි විෂයක් බවට පත් වී ඇත.

     ළමා කාලයේ දී දෙමාපියන්ගේ ආදරය අහිමි වන දරුවන් සමලිංගික සබඳතා වෙත වැඩි නැඹුරුතාවක් දක්වන බව මනෝවිද්‍යාඥයින්ගේ අදහසයි. පියාගේ ආදරය අහිමි වු දරුවන් එම ආදරය ලබා ගැනීමට වෙනත් පිරිමින් හා එකතු වීම තුළින් මෙන්ම මවගේ ආදරය අහිමි වු දරුවන් එම ආදරය ලබා ගැනීමට වෙනත් කාන්තාවන් හා එකතු විමෙන් මෙම තත්වය ඇති වේ.

      ලංකාවේ සමලිංගික විවාහ තහනම්ය. නමුත් සමලිංගික විවාහ නීතිගත කර ඇති රටවල් ද ඇත. නමුත් සමලිංගික හැසිරීම් යනු අපේ සමාජයේ අසම්මතයකි. මේ ඇසුර සමාජයේ පිළිකුලට හේතු වී ඇත. ඉරානයේ, සෞදි අරාබියේ, යේමනයේ සමලිංගිකත්වය මරණ දඩුවමට යටත්ය. උගන්ඩාව, නයිජිරියාව, රුසියාව, ශ‍්‍රී ලංකාව ඇතුලූ රටවල් 77 ක් පමණ සමලිංගිකත්වයට එරෙහි නීති පනවා ඇත. මානසික කාරණාවක් වන මෙය කුඩා අවධියේ වන බලපෑම්, පවුල් ප‍්‍රශ්න නිසා ඉස්මතු වන්නකි. කුඩා අවධියේ දරුවන්ට ලැබිය යුතු ආදරය, රැුකවරණය නිවැරදිව නොලැබීම නිසා තරුණ වියට එළඹෙත්ම මෙවන් අසම්මත සම්බන්ධතාවලට යොමු වීම වැලැක්විය නොහැකි කාරණාවක් බවට පත් වී ඇත. සමලිංගිකත්වය උදෙසා ජාන, හෝමෝන සහ පරිසර සාදක බලපානු ලබයි. මෙය මනුෂය ලෝකය තුළ පමණක් නොවේ සත්ව ලෝකය තුළ ද දැකගත හැක.

      මනෝවිද්‍යාව තුළ මුල් යුගයේ දී සමලිංගිකත්වය අසාමාන්‍ය මානසික තත්වයක් ලෙසත් මානසික රෝගයක් ලෙසත් සැලකීය. 1905 සිග්මන් ෆ්‍රොයිඞ් විසින් රචිත Three Essayson the Theory of Sexuality ග‍්‍රන්ථය තුළින් සහ 1920 දී රචිත The Sychogenesis of acase of Homosexuality in a Woman  ග‍්‍රන්ථය තුළින් සමලිංගිකත්වය පිළිබඳ කරුණු විග‍්‍රහා කරයි. ඔහු මෙය මානසික ව්‍යාකූලතාවයක් බව දක්වයි. නමුත් මෙය මානසික ව්‍යාධියක් බව ඔහු නොකි යයි. එමෙන්ම මෙය මනෝ ලිංගික වර්ධනයේ දී මතු වන අවහිරතාවක් නිසා පැන නගින බව ෆ්‍රොයිඞ් විශ්වාස කරන ලදී. 

       ලිංගිකත්වය පිළිබඳ පර්යේෂකයෙකු වු ඇල්ෆ‍්‍රඞ් කිංසි 1943 - 1953 අතර කාලයේ දී Sexual Behavior in the Human male, Sexual Behavior in the Human Female නම් වු ග‍්‍රන්ථ දෙක රචනා කරන්නට විය. කිංසිට අනුව සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු සමලිංගික වේ. ඔහු මෙලෙස වර්ග කර දැක්විමට විරුද්ධ අතර ලිංගික දිශානතිය ස්ථායී නොවන බව පවසයි. යම් යම් සාධක මත මෙය වෙනස් විය හැකි බව ද ඔහු ප‍්‍රකාශ කර ඇත.

      1952 දී ඇමෙරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ කාර්ය සංග‍්‍රහයේ මානසික ව්‍යාධියක් ලෙස නම් කර ඇත. නමුත් ඒ පිළිබඳව පසුව සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුව 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන බව ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය සඳහන් කර ඇත. 1987 දී සමලිංගිකත්වය වර්ගීකරණයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් විය. එසේම 1992 දී ලෝක සෞඛ්‍ය සංවිධානය සමලිංගිකත්වය අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණයෙන් ද  කර ගන්නා ලදී.  

      ශ‍්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය දඩුවම් ලැබිය හැකි වරදකි. 1886 දී සම්පාදනය කළ දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 සහ 365් වගන්තීන්ට අනුව මෙය වරදකි. ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තියට අනුව යම් පුද්ගලයෙකු ස්වකැමැත්තෙන් සමලිංගික චර්යාවක හෝ එසෙත් නොමැති නම් සතෙකු සමග හෝ අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදෙන්නේ නම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත් විය යුතුය. බාල වයස්කරුවෙකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 නොඅඩු සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත් විය යුතුය. එසේම අපරාධයට යටත් වු අයට අධිකරණයේ අභිමතය පරිදි නියම කළ වන්දියක් ලෙවිමට සිදු වේ.

365් වගන්තියට අනුව යම් පිරිසක් ප‍්‍රසිද්ධ ස්ථානයක සමලිංගික චර්යාවල ස්වකැමැත්තෙන් යෙදේ නම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවිමට සිදු වේ. බාල වයස්කරුවෙකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවිමට සිදු වේ.මේ අනුව ලංකාව තුළ සමලිංගික චර්යාවක තම අභිමතය පරිදි අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව යෙදීම දඩුවම් ලැබිය හැකි වරදකි.

සමලිංගික චර්යා නිසා බොහෝ ලිංගික සම්පේ‍්‍රෂණ රෝග ව්‍යාප්ත වේ. ඒ අතර ඒඞ්ස් රෝගය සහ පෙටයිටිස් බී වැනි රෝග ප‍්‍රමුඛය. මෙම හේතුව නිසාම ඇතැම් යුරෝපා රටවල රුධිර පාරවිලනය සඳහා මොවුන්ගේ රුධිරය ලබා ගැනීම තහනම් කර ඇත. ඒඞ්ස් රෝගය මුල් අවධියේ දී වැඩි වශයෙන් සමලිංගික පුරුෂයින් අතර බහුලව පැවතුනි. මේ රෝගය වැඩි වශයෙන් දකුණු ආසියාව, අප‍්‍රිකාව, ලතින් ඇමෙරිකාව වැනි රටවලින් වාර්තා වේ. මෙයට හේතුව ලිංගාශ‍්‍රීත රෝග ව්‍යාප්තිය පිළිබඳව සාමාන්‍ය ජනයා අතර ඇති නොදැනුවත් බවයි. ඇතමුන් සමලිංගික චර්යා නිසා සමාජ රෝග බෝවන බව පවා නොපිළිගනී. බොහෝ සංස්කෘතීන් තුළ විරුද්ධ ලිංගික සබඳතාවල අවධානම සමාජගතවන තරමට සමලිංගික චර්යා නිසා වන සෞඛ්‍යමය අවධානය නොසලකා හරී.  

මේ පිළිබඳව ලියවුණු ගීතයන් ද ලාංකීය සමාජය තුළ දැක ගත හැකිය. එයට උදාහරණයක් වශයෙන් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ”ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි” යන ගීතය පෙන්වා දිය හැකිය. එහි මේ පිළිබඳව හොඳින් ප‍්‍රකාශයට පත්වන කොටසක් වශයෙන් පහත සඳහන් කොටස උපුටා දැක්විය හැකිය.

”සඳට සඳහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්.....
හිරුට පෙම් බැඳි එකම තරුවක්
සිටිය නොහැකි ද යම්.....”

සමලිංගිකත්වය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, ලෙස 
x ස්ත‍්‍රී සමලිංගික 
x පුරුෂ සමලිංගික 
ලෙසයි.

ස්ත‍්‍රී සමලිංගික
ස්ත‍්‍රී සමසෙහෙහස් පුද්ගලයෙකු යනු ගතින්, සිතින් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද තවත් ස්ත‍්‍රීයක් කෙරෙහි ආකර්ෂණයක් ඇති කර ගන්නා අයෙකි. ස්ත‍්‍රී සමරිසි නොහොත් ස්ත‍්‍රී සමසෙහෙහස් පුද්ගලයෙකු යනු ලිංගිකව සහ භාවාත්මකව ස්ත‍්‍රීන්ට ආකර්ශනය වන්නාවු ස්ත‍්‍රීන් ය. ස්ත‍්‍රීන් කෙරෙහි ඔවුන් දක්වන හැඟීම් ඔවුන්ට සාමාන්‍ය සහ ස්වාභාවික ඒවා වේ. ස්ත‍්‍රී සමරිසි අය පවසන්නේ ඔවුන් භාවාත්මකව සහ අධ්‍යාත්මිකව වෙනත් ගැහැනුන් කෙරෙහි ලංවන හැඟිමක් ඇතිවන බවත් පිිරිමින් සමග නොව ගැහැනුන් සමග ඉතා සමීප සබඳතාවක් ඇතිකර ගැනීමට කැමති බවත්ය.

ප‍්‍රවීණයින් පවසන්නේ පුද්ගලයින් දස දෙනෙකුගෙන් කෙනෙකු පුරුෂ සමරිසි හෝ ස්ත‍්‍රී සමරිසි අයෙකු විය හැකි බවයි. ඓතිහාසික වශයෙන් ප‍්‍රසිද්ධ බොහෝ කාන්තාවන් ස්ත‍්‍රී සමරිසි පුද්ගලයින් බව ද ඔවුන් පවසයි. ස්ත‍්‍රී සමරිසි අය අතර ගුරුවරියන්, වෛද්‍යවරියන්, නීතිඥයින්, කර්මාන්තශාලා සේවිකාවන්, පොලිස් නිලධාරිනියන්, දේශපාලඥයින්, අමාත්‍යවරියන්, සිනමා නිලියන්, කලාකාරියන්, මව්වරුන්, කන්‍යා සොහොයුරියන්, නිරූපිකාවන් සහ ලේඛිකාවන් සිටිය හැකිය.

ස්ත‍්‍රී සමරිසි අය අතර සිංහල, දමිල, බර්ගර්, මුස්ලිම්, ක‍්‍රිස්තියානු, බෞද්ධ, හින්දු අය සිටිය හැක, ස්ත‍්‍රී සමරිසි අය පොහොසත්, දුගී හෝ මධ්‍යම පන්තික, තරුණ හෝ මහලූ, විෂමරිසි විවාහයන් කරගත් අය ද සිටිය හැකිය. එම නිසා ස්ත‍්‍රී සමරිසි පුද්ගලයෝ සමාජය තුල විවිධාකාරය.

අද අප රටේ ස්ත‍්‍රී සමරිසි තත්වය වර්ධනය වෙමින් පවතී. ස්ත‍්‍රී සමරිසි වීමට හේතුවකි මවගේ ආදරය අහිිමි විම. මෙම තත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 - 25 ත් අතර කාන්තාවන්ය. මේ තත්වය පාසල් නේවාසිකාගාර තුළ මෙන්ම විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලත් දැක ගත හැකිය. මේ තත්වයට තවත් හේතුවක් ලෙස පුරුෂයින් සමග විවාහ වීමට ඇති බිය ද පෙන්වා දිය හැකිය. මේ නිසා තමන් තුළ ඇතිවන ලිංගික හැඟිම් සන්තර්පණය කර ගැනීම සඳහා සමලිංගික චර්යාවන්ට යොමු වේ. යොවුන් බාලිකාවන් අතර සමීප මිත‍්‍ර සබඳතා මේ දක්වා වර්ධනය වීම දැකිය හැක. පාසල් වියේ සිට එකට කටයුතු කිරීම, හැසිරීම, ගමන් බිමන් යාම, සමීප ජීවිතය, බස් රථයේ හෝ වෑන් රථයේ එක ළඟ සිටිමින් සමීපව ගමන් කිරීම, එකිනෙකාගේ ශරීර අඟ පසඟ දැකිම මෙන්ම ඇතැම් අවස්ථාවල අත් පා ස්පර්ශ කිරීම් ආදිය තුළින් ඇතිවන ලිංගික පෙළඹවීම මේ බැදිම් වලට හේතු වී ඇත. එමෙන්ම අප රටේ ලිංගික අධ්‍යාපනය නොමැති විම ද හේතුවක් ලෙස පෙන්වා දිය හැක.

පුරුෂ සමලිංගික 
පුරුෂ සමසෙනෙහස් පුද්ගලයෙකු යනු ගතින්, සිතින් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද තවත් පුරුෂයෙකු කෙරෙහි ආකර්ෂණයක් ඇති කර ගන්නා අයෙකි. පුරුෂ සමරිසි නොහොත් පුරුෂ සමසෙනෙහස් පුද්ගලයෙකු යනු ලිංගිකව සහ භාවාත්මකව පුරුෂයාට ආකර්ශනය වන්නාවු පුරුෂයන් ය. පුරුෂයන් කෙරෙහි ඔවුන් දක්වන හැඟීම් ඔවුන්ට සාමාන්‍ය සහ ස්වාභාවික ඒවා වේ. පුරුෂ සමරිසි අය පවසන්නේ ඔවුන් භාවාත්මකව සහ අධ්‍යාත්මිකව වෙනත් පිරිමින් කෙරෙහි ලංවන හැඟිමක් ඇතිවන බවත් ගැහැනුන් සමග නොව පිරිමින් සමග ඉතා සමීප සබඳතාවක් ඇතිකර ගැනීමට කැමති බවත්ය.
පුරුෂ සමරිසි වීමට හේතුවකි පියාගේ ආදරය අහිිමි විම. කුඩා අවධියේ සිට පියාගේ ආදරය අහිමි වු විට එම ආදරය වෙන්ත් පුරුෂයන් තුළින් ලබා ගැනීමට යාමෙන් මේ තත්වය ඇති වේ.

ද්වි ලිංගික 
ද්වි සෙනෙහස් පුද්ගලයෙකු නැතිනම් ද්විරිසි පුද්ගලයෙකු යනු ගතින් සිතින් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පිරිමින් හා කාන්තාවන් යන දෙපාර්ශවයටම ආකර්ෂණය වන්නෙකි. ද්විරිසි පුද්ගලයන්ට ස්ත‍්‍රී - පුරුෂ දෙපාර්ශවයේම පුද්ගලයන්ට ආදරය කළ හැකිය. මෙහි දී කායිකව, ලිංගිකව හා චිත්තවේගීව පිරිමින්ට හා කාන්තාවන්ට ආකර්ෂණය වීම සහ පිරිමන් හා කාන්තාවන් සමග සම්බන්ධතා ඇති කර ගැනීම සිදු විය හැකිය. ද්විරිසි පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ දී එම පුද්ගලයාට තමන් පිරිමින්ට හා කාන්තාවන්ට එක සමානව ආකර්ෂණය වන බව හෝ එක් ලිංගයකට වඩා අනෙකට ආකර්ෂණය වන බව හෝ දැනී යා හැකිය.

සමරිසිභාවයේ දී හා සමලිංගික ආකර්ෂණය විම් වල ද මෙන් මෙහි දී ද මෙම ආකර්ෂණය වීම් වල ප‍්‍රභලතාවය කාලයත් සමග වෙනස් විය හැකිය. ද්විරිසි අයෙකි යන්නෙන් කෙනෙකුගේ ජිවන ශෛලීය හෝ චර්යාව පැහැදිලි නොවේ. ද්විරිසි පුද්ගලයන් එක් පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධතා පවත්වනවා හෝ ලිංගික සම්බන්ධතා පැවැත්විමෙන් වැළකී සිටිනවා හෝ විෂමරිසි අය හා සමරිසි අය මෙන් ලිංගික හවුල්කරුවන් ගණනාවක් සමග ලිංගික සම්බන්ධතා පවත්වනවා හෝ විය හැකිය. බොහෝ පුද්ගලයන් ද්විරිසිය. එමෙන්ම ජනවර්ගය, ස්ත‍්‍රී - පුරුෂභාවය, වයස, පන්තිය, ආගම කුමක් වුවත් ඒ සෑම කාණ්ඩයක් තුළම ද්විරිසිභාවය දැකගත හැකිය. මෙම පුද්ගලයන් තනි වී නැති අතර  ඕනෑම ස්ථානයක දී එවැනි පුද්ගලයන් හමුවිමට ඉඩ ඇත. නමුත් ශ‍්‍රී ලංකාවේ දී නම් ඔවුන් හඳුනා ගැනීම පහසු නොවිය හැකිය.

ද්විරිසි පුද්ගලයන්ට ද සමාජ රෝග බෝ විමේ අවධානමක් පවතී. එම නිසා ඔවුන් ද ලිංගික සබඳතා පවත්වන්නේ නම් එය ආරක්ෂිතව පැවැත්විය යුතුය. 

සංක‍්‍රාන්ති ලිංගික 
සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු යනු උපතේ දී තමාට හිමි වු ලිංගිකභාවයට අනුරූප නොවන ලිංගික අනන්‍යතාවක් තහවුරු කරන හෝ ප‍්‍රකාශයට පත් කරන පුද්ගලයෙකි. සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අතරට නිශ්චිත පුරුෂ හෝ ස්ත‍්‍රී අනන්‍යතාවක් පළ නොකරන, මධ්‍යස්ථ ලිංගික සහ මුක්ත ලිංගික පුද්ගලයෝ ද ඇතුළත් වේ. 

සංක‍්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු යනු විරුද්ධ ලිංගය සමඟ මානසිකව අනන්‍ය වන්නා වුත් ඇතැම් විට විශේෂයෙන්ම අවශ්‍යම කායික පෙනුම ලබා ගැනීම සඳහා සැත්කම් සහ හෝමෝන ප‍්‍රතිකාර කර ගැනීම මඟින් විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු ලෙස ජීවත් වීමට උත්සාහ කරන්නා වුත්් පුද්ගලයෙකි. විරුද්ධ ලිංගික ඇඳුම් අදින්නන් යනු වෙනත් ලිංගයකට අයත් ඇඳුම් ඇඳිමට කැමැත්තක් දක්වන නමුත් තමන් වෙනත් ලිංගකට අයත් යැයි හඳුන්වා නොගන්නා පුද්ගලයන් ය.

මානසික වෛද්‍ය විද්‍යාවට අනුව මිනිසුන් වශයෙන් අප සියලූ දෙනාටම කායික සහ මානසික ශරීරයක් ඇත. කායික ශරීරය යනු ප‍්‍රධාන වශයෙන් ගැහැනු හා පිරිමි වශයෙන් පිටතට පෙනෙන ස්වරූප යයි. මානසික ශරීරය යනු කෙනෙකුගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ඇතුලූ පෞරුෂත්වය අඩංගුවන දේවල්ය. ඒ තුළ ස්ත‍්‍රී, පුරුෂ වශයෙන් ලිංග භේදය තිබේ. සාමාන්‍යයෙන් ජනගහණයෙන් 95% පමණ කායික සහ මානසික ශරීරය සමානය. එනම් පුරුෂ කායික ශරීරයක් තුළ පුරුෂ මානසික ශරීරයක් අඩංගු වෙනවා මෙන්ම ගැහැනු කායික ශරීරයක් තුළ ගැහැනු මානසික ශරීරයක් අඩංගු වෙනවා. නමුත් 5% ක් පමණ ඉහත කී කායික සහ මානසික ශරීර සමාන වන්නේ නැත. එනම් සමහරෙකුට පිරිමි කායික ශරීරයක් සහ ගැහැනු මානසික ශරීරයක් පිහිටිමයි. ඔවුන් වයසින් වැඩෙනවාත් සමඟ ද්විත්ව ලිංගික විපර්යාස සිදුවන කාලයේ දී ඔවුන් තුළ මානසික ගැටුමක් හට ගනී. ඒ තමා පිරිමියෙක් ද, ගැහැනියෙක් ද යන්නයි. පිටතින් පිරිමියෙක් වුව ද ඇතුලතින් ඔවුන්ට දැනෙන්නේ තමන් ගැහැනියක් බවයි. ඒ තත්වය නිසා මානසික වශයෙන් ඔවුන් දැඩි පිඩනයකට ලක්වේ. මෙය දුර දිග යැමෙන් ඇතැම් විට ඔවුන් සියදිවි හානිකර ගැනීම්වලට ද ලක්වේ. ඒ සමාජය ඔවුන්ව පිළිනොගන්නා නිසාය. නැතිනම් ඔවුන්ට මානසික ශරීරයට අවශය ආකාරයට කායික ශරීරය වෙනස් කර ගැනීමට සිදුවේ. එසේ වෙනස් කර ගැනීම ලිංගික සංක‍්‍රාන්තිය ලෙස හඳුන්වනු ලැබේ.

ලිංගික සංක‍්‍රාන්තියට සුදානම් වන අයෙකුට සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත විශේෂ උපදෙස් වසර දෙකහමාරක් පමණ කාලයක් ලබා දේ. ඒ සැත්කම තුළින් ලිංගික විපර්යාසයන් සිදු කිරීමට පළමුව ඒ සඳහා ඔහුගේ මනස සුදානම් කිරීමටයි.

එච්. අයි. වී. ආසාදනය විමේ වැඩි අවදානමක් ඇති පිරිසක් ලෙස මොවුන් පෙන්වා දිය හැකිය. වැඩි වශයෙන් මෙයට ගොදුරු වන්නේ ලිංගික සංක‍්‍රාන්ති පුරුෂයින් ය. ඊට හේතුව කලින් පිරිමි කායික ශරීරයක් සහිතව සිට පසුව ලිංගික සංක‍්‍රාන්තිය තුළින් කාන්තාවක් බවට පත් වු අයගේ වැඩි ආකර්ෂණයක් තිබෙන්නේ පිරිමි පක්ෂයට විමයි. ඒ වාගේම ඔවුන් ලිංගික සබඳතා පවත්වන ආකාරයත් රෝගය ආසාදනය විමට හේතුවේ. මොවුන්ට සමාජයේ පිළිගැනීම අඩු නිසා දීර්ඝ කාලීනව එක් අයෙකු සමඟ සබඳතා පැවැත් වීමට නොහැක. ඒ නිසා පුද්ගලයින් වැඩි සංඛ්‍යාවක් සමඟ සබඳතා පවත්වයි. එමෙන්ම මොවුන්ට පිළිගත් රැුකියාවල නිරත විමට සමාජය තුළ ඉඩක් නොලැබෙන නිසා රැුකියාවක් ලෙස ලිංගික කටයුතුවල යෙදෙන්න පෙළඹවීමක් ඇති වේ. ඒ තුළ ඔවුන් එච්. අයි. වී. ඇතුලූ වෙනත් සමාජ රෝගවලට පහසුවෙන් ලක්විමේ අවදානමක් පවතී.  

සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදි සංක‍්‍රාන්ති පුද්ගලයන් වෙනස් කොට සැලකිමක් ද දක්නට ලැබේ. ඔවුන්ව මානසික රෝගින් ලෙස නම් කිරීම, අමතර ප‍්‍රශ්න ඇසීම, වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම පිරිස්වලට සාත්තු කිරීමට පසුබට විම ආදිය දැකගත හැක. එමෙන්ම ඇතැම් රෝහල් වල සායන වලදී අනවශ්‍ය ප‍්‍රශ්න අසා ඔවුන්ව ලැජ්ජාවට පත් කිරීම් ද පවතී. මේ පිළිබඳව ප‍්‍රකාශ කරන සංක‍්‍රාන්ති පුද්ගලයන් ප‍්‍රකාශ කරනුයේ ”එයාලගේ වචන ඉදිකටු වලටත් වඩා තියුණුය” යනුවෙනි.

ලංකාව තුළ මේ පිරිස දෙස පිළිකුලෙන් බැලූවද විදේශීය රටවල මෙම පිරිස් උසස් රැුකියාවල පවා නිරත වේ. වෙනිසියුලාවේ දේශපාලන ක‍්‍රියාකාරීනියක් වන තමාර එඩි‍්‍රයන්, ජපානයේ දේශපාලන ක‍්‍රියාකාරීනියක වන ආයාකමිකාවා, ඉන්දියාවේ පොලිස් නිලධාරිනියක් වන ප‍්‍රීතිකා යශීනි යන පුද්ගලයින් පෙන්වා දිය හැකිය.

අන්තර් ලිංගික 
අන්තර් ලිංගිකත්වය යනු ස්ත‍්‍රී හා පුරුෂ යන ලිංගික අවයව දෙකම සහිතව උපදින පුද්ගලයන් ය. මෙහිදී වැඩි වශයෙන් පවතින්නේ කාන්තාවක් ලෙස සිට පසුව පුරුෂ කායික ලක්ෂණ මතු වීමකි. එවිට සැත්කමක් මගින් එම අවයව පිටතට ගැනිමක් සිදු වේ. 

ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව 
මෙම කොටසට අයත් වන්නේ ලිංගික ගැටලූ සහිත පිරිසයි. එනම් තමාගේ ලිංගිකතවය කුමක් ද යන්න ස්ථිර වශයෙන් නොපැහැදිලි වීම නිසා ප‍්‍රශ්නකාරී තත්වයක සිටින අයයි. මේ පිළිබඳව සාකච්ජාවට බඳුන් විමේ දී වැඩි වශයෙන් පුරුෂ පාර්ශවය ගැන කතා බහට ලක් වේ. සාමාන්‍ය ව්‍යවහාරය තුළ          ”පොන්නයා” යනුවෙන් භාවිත කරන්නේ මේ ප‍්‍රජාව හැඳින්වීමටය. මොවුන් තුළ පවතින ගැටලූව වන්නේ ලිංගික පිබිදීම නොමැති විමයි. එම නිසාම මේ පිරිස් වැඩි වශයෙන් සමාජය තුළ ස්ත‍්‍රීන් ලෙස ජිවත් වේ. 

ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව තම වෘත්තින් තෝරා ගැනීමේ දී රූපලාවණය ක්ෂේත‍්‍රයට සහ ආහාර පිසීමේ ක්ෂේත‍්‍රයට වැඩි නැඹුරුවක් දක්වයි. එයින් වැඩි වශයෙන් නිරත වන්නේ රූපලාවණය ක්ෂේත‍්‍රය තුළ ය. ලංකාවේ ද මේ පුද්ගලයන් මෙකී ක්ෂේත‍්‍රය තුළ නිරන්තරයෙන් දැකගත හැකිය.

ඉන්දියාව තුළ මේ පිරිස් වැඩි පුර දැකගත හැකිය. එමෙන්ම ඉන්දීයාවේ දී මේ පුදුගලයන් සුභ කටයුතු සඳහා ද යොදා ගනී. තවද ඔවුන් යම් දෙයක් ප‍්‍රකාශ කලහොත් එය නියත වශයෙන්ම සිදුවන බවට ද පිළිගැනීමක් පවතී. ඉන්දියාව තුළ මේ පිරිසට වෙන් වු උත්සව පවා දැකගත හැකිය. ඒවා ඉතා උත්කර්ශවත් අන්දමින් සංවිධානය කරනු ලබයි. එමෙන්ම ඉන්දියානු චිත‍්‍රපට, ටෙලි නාට්‍යවලට ද මේ පිරිස් රංගනයෙන් දායකවේ.

නිගමනය
සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය, සංක‍්‍රාන්ති ලිංගිකත්වය, අන්තර් ලිංගිකත්වය සහ ප‍්‍රශ්නාර්ථ සහිත ප‍්‍රජාව  යනු මේ සමාජය තුළම ජිවත් වන තවත් පිරිසකි. මොවුන්ට බටහිර රටවල නීතිමය පිළිගැනීමක් ද ඇත. නමුත් සංස්කෘතිය පෙර දැරි වු ලාංකීය සමාජය තුළ එම පිළිගැනීම ඔවුන්ට නොලැබේ. ඒ ඔවුන් මේ සමාජය තුළ පිළිකුලට ලක් කරන නිසාය. නමුත් මේ පිරිස් ස්ව කැමැත්තෙන් එසේ වුවා නොව උප්පත්තියේ දී ඇති වු ජානමය වෙනස්කම් නිසා මේ තත්වයට පත් වුවන් වේ. එම නිසාම මේ පිරිසට ද සමාජය තුළ අනෙක් පිරිසට මෙන්ම සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය. ඔවුන්ට එම නිසි ස්ථානය ලබා නොදිමෙන් සිදුවන්නේ අප විසින් මානව අයිතිවාසීකම් උල්ලංඝනය කිරීමකි. 1948 ප‍්‍රකාශයට පත් වු මානව අයිතීන් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ ද සඳහන් වනුයේ සියලූම මනුෂ්‍යයින්ට සමාන ගරුත්වයක් සහ අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි. ඒ නිසා හෝ අප ඔවුන්ට අප සමාජය තුළ ද මේ අයිතිය තහවුරු කර දිය යුතුය. එමෙන්ම ඔවුන්ව ආරක්ෂා කරන නීති ද සම්පාදනය විය යුතුය. එයින් ඔවුන්ට සමාජයෙන් ගරු කිරීමක් ලැබෙන බවට විශ්වාසයක් ඔවුන් තුලම ඇති වනු ඇත. ඔවුන්ට තම අධ්‍යාපන මට්ටම සහ කැමැත්ත පරිදි  ඕනෑම වෘත්තියක නියැලීමට ඉඩ ලබා දිය යුතුය. ඒ තුළින් ඔවුන්ගේ සිත් තුළ ඔවුන් පිළිබඳව ඇති කුතුහලය ද නැති කර දැමිය හැකිය. එපමණක් නොව එයින් ඔවුන්ට ජිවත් වීමේ ආශාව ද ඇති කල හැක. එසේ නොවුන හොත් ඇතැම් විට සමාජයෙන් සිදුවන නින්දා, අපහස විඳීමට නොහැකිව ඔවුන් විසින්ම ඔවුන්ගේ ජිවිත නැති කර ගැනීමට පෙළඹිය හැකිය. එවැනි පුවත් අප සමාජය තුළ අප අසා ද ඇති නිසාම ඔවුන්ව එයින් බේරා ගැනීමට අනෙක් පිරිස ඔවුන්ට ගරුත්වය ලබා දිය යුතුය.  

මේ තුළින් ඔවුනුත් සමාජයේම කොටසක් බවට පත් වී අන් අය සමග එකිනෙකට වැඩ කිරීමට ද හැකියාව ලැබේ. 


ගීත විචාරය 

අව්වට වැස්සට

අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ 
දෑතේ විරියෙනි රටවල් නැගුනේ 
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් 
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ 

දා ගැබ් මහ වැව් කලා නිකේතන 
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ 
ඒ නුඹලාටයි දු දරුවන්ටයි 
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ 

අව්වට වැස්සට...... 

රජ සැප විඳිනට රජ දරුවන් හට 
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ 
ඒ නුඹලාගේ දුක දැක ගන්නට 
මොන රජ දරුවද පැලකට වැඩියේ 

අව්වට වැස්සට...... 

ගායනය        - ටී. එම්. ජයරත්න 
පද රචනය    - රඹුක්කන සිද්ධාර්ථ හිමි 
සංගීතය        - පේ‍්‍රමසිරි කේමදාස 


ගීත විචාරය 

කෙටි කතා, නවකතා, නාට්‍ය, සිතුවම්, සිනමාව ආදී මේ සෑම සාහිත්‍යාංගයක්ම කලාව යන කෙටි වචනය තුළ අන්තර්ගත කළ හැකිය. එකි කුමන මාධ්‍යක හෝ වේවා රසිකයාට යම් වින්දනයක් ලබා දීම මුලික අරමුණක් වේ. නමුත් යම් කලා නිර්මාණයක් හුදු වින්දනය පමණක් මුලික කර ගතහොත් එය අංග සම්පුර්ණ නිර්මාණයක් වන්නේ නැත. එයින් ඔබ්බට ගිය යම් අරුතක් නැත්නම් සමාජයට දිය යුතු හරවත් පණිවිඩයක් එය තුළ ගැබ් විය යුතුය. තම පෞද්ගලික අත්දැකීමක් හෝ සමාජයේ ඒ ඒ කාලයන් තුළ සිදුවන යම් සිදුවිමක් පාදක කොටගෙන යම් නිර්මාණයක් ගොඩ නැගිය හැකිය. එමෙන්ම එය වාර්තාමය ස්වරුපයෙන් බැහැර වු යමක් සිතන්නට හැකි නිර්මාණයක් විය යුතුමය. 

”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ...... ” යන  ගීතය  රසිකයන්  අතර වඩාත් ජනපිය තත්වයට පත් වු ගීතයකි. මෙය නිර්මාණය වී ඇත්තේ් ”පහන් තරුව ” කැසට් පටය සඳහා ලෝක  කම්කරු දිනය වෙනුවෙන්ය. මෙම ගීතය අපගේ සවනට වැටෙත්ම මතකයට නැෙඟන්නේ රටේ ජීවත් වන සාමාන්‍ය ජනතාවයි. එමෙන්ම මෙම ගීතය අපගේ හදවතට දැනෙන අයුරින් ගායනය කරනු ලබන්නේ විශිෂ්ට ගායකයෙකු වන ටී. එම්. ජයරත්න මහතා විසිනි. එමෙන්ම මෙහි පද රචනා කර ඇත්තේ රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ පන්හිදෙනි. යතිවරයෙක් වුව ද එතුමාණෝ කම්කරුවන්ගේ අගය මැනවින් වටහා ගෙන ඇත. තව ද මෙහි පද වලට මියුරු සංගීතය ගොඩනගා ඇත්තේ මෙරට සිටින දක්ෂතම සංගීතඥයෙකු වන පේ‍්‍රමසිරි කේමදාස හෙවත් මාස්ටර් ගේ නිර්මාණාත්මක භාවයෙනි.  

මෙම ගීතය තුළින් සමාජ සන්දර්භය තුළ කැටි ගැසුණු යතාර්ථයක් ඉස්මතු කර පෙන්වන්නට රචකයා ගනු ලබන උත්සහය අපට පැහැදිලි වේ.  ඕනෑම සමාජයක කුමන අංශයක්හෝ වේවා විශේෂිත වු සංවර්ධනයක් ඇති වුවා නම් ඊට දායකත්වය සැපවුයේත්, දැනට සපයන්නේත් සාමාන්‍ය ජනතාවයි. රටක වෙසෙන ජනතාවකට බත් පත සපයන්නේ ගොවියා විසිනි. රටකට අවැසි ධාන්‍ය මෙන්ම එළවළු, පළතුරු ආදිය ද අපට සපයා දෙන්නේ ඒ ගොවියා විසින්මය. ඔවුන් වැස්සට මෙන්ම අව්වට ද එක සේ හුරුය. ඔවුන්ගේ දෑත් සිනිඳු හෝ සුමට නොවේ. කරගැට නැගුණු ඔවුන්ගේ දෑත් ගොරොසුය. එය ඔවුන්ට දුකක් ද නොවීය. ඔවුන්ගේ අත පය ගොරොසු වුවත් සංවේදී හදවත් ඔවුන් තුළ විය. ඒ සංවේදී භාවය නිසාම ඔවුන් තුළින් නිතතින්ම තම කාන්සිය නිවා ගැනීමට පැල් කවි, පාරු කවි, ගැල්කරුවන් ගේ කවි නිර්මාණය විය. ඒ සෑම ජන කලාවක්ම බුදු දහමේ ආභාෂය ලබා නිර්මාණය විම අතිශයින් වැදගත්ය. එමෙන්ම කම්කරු ජනතාව උදෙසා ලියැවුණු ගී පද රචනා අතලොස්ස අතර ඉහළින් තැබිය හැකි ගීතයක් ලෙසින් මෙම ගීතය හඳුන්වා දිය හැක.


”අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ 

දෑතේ විරියෙනි රටවල් නැගුනේ 

ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් 

මොන  රජ  මැදුරෙද  සුදු  කොඩි  න ැගුනෙ ් ” 

මෙම පද පෙළෙන් කියවෙන්නේ අව්වට, වැස්සට හුරු මිනිසුන්ගේ දෑත් වල ශක්තියෙන්  රටවල් ගොඩනැගුණු බවයි. රටක කම්කරු ජනතාවට වැස්ස මෙන්ම අව්ව ද එකසේ හුරු පුරුදුය. වැස්සට තෙමෙනා ඔවුන් අව්වට වෙලෙයි. දෙකෙන්ම පිඩා විදිනුයේ කම්කරුවන් විනා පාලකයන් නොවේ. නමුත් ඔවුන් එසේ පීඩා විඳින්නේ පාලිතයින්ට නැතහොත් ධනපතියන්ට මන්දිරයන් තරකීමට නොවන්නේ ද? එම වැඩ කරන ජනතාවගේ සවිමත් දෑත් නොවන්නට රටක් කිසිදා ගොඩනැඟිය නොහැක. මෙය රජදරුවන්ට කිසිදා නොවැටහේ. මන්දිර වල සැපවිඳින ඔවුන් කෙසේ නම් කම්කරු ජනතාවගේ ලේ, දහඩිය සුවඳ හඳුනා ගන්න ද? ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන කම්කරුවාගේ මලගම දින කඳුලක් හෙළන්නට නොව මැදුරෙහි සුදු කොඩියක්වත් එල්ලීමට රජ දරුවන් වැරදීමකින්වත් සිහි නොගනී. එය කම්කරුවන්ට තමා කළ සේවය වෙනුවෙන් ධනපතීන්ගෙන් ලැබෙන ප‍්‍රතිලාභ යයි. ධනපතියන්ට ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන එම කම්කරුවන් හුදු වහල්ලූන් විනා මනුෂ්‍යයින් නොවේ. එය වර්තමාන සමාජය තුළ ද යථාර්තය බවට පත් වී ඇත. මෙයින් අද සමාජයේ සිටින දේශපාලඥයන්ගේ ස්වභාවය ද කියා පානු ලබයි. එනම් වර්තමානයේ සිටින බොහෝ දේශපාලඥයන් ජනතා ඡුන්දයෙන් තේරී පත් වී නායකත්වයන්ට පැමිණිය ද පසුව ඔවුනට එම ස්ථානය කරා යාමට උදව් උපකාර කළ පුද්ගලයන් ගැන සොයා නොබලා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමේ තරඟයක යෙදී සිටින බවයි. 

”දා ගැබ් මහ වැව් කලා නිකේතන 

නුඹලා දෑතිනි මිහි මත මැවුනේ 

ඒ නුඹලාටයි දු දරුවන්ටයි 

මොන  රජ  මැදුරෙද දොරටුව හැරුනෙ ්” 

අහස උසට දිස්වෙන මහා දැගැබ් සීහල කලා කරුවා අතින් නිම විය. සහලින් මේ රට ස්වයංපෝෂිත කිරීමට මහා වැව් තැනුනේත් සාමාන්‍ය ජනයාගේ දෑතේ විරියෙනි. එපමණක් නොව මහා මාර්ග, වෙහෙර විහාර, කලා නිකේතන යනා දී සියල්ලම මේ පොලෝ තලය මත ගොඩනැඟුනේ මේ කම්කරුවන්ගේ විශ්මිත දෑතිනි. ඒ සෑම දෙයකම කම්කරුවන්ගේ දහඩිය සුවඳ මෙන්ම කඳුළද සැඟවී ඇත. ඔවුන් නොසිටින්න මේ ලෝකය මෙතරම් අපුර්ව තැනක් නොවන්නට ඉඩ තිබුණි. අප එදා විටම අද දක්වාම මේ විශ්මිත නිර්මාණයන් ගැන කතා කළ ද ඒ වෙනුවෙන් ලේ දහඩිය වඟුරවන ලද කම්කරුවන් එකෙකු ගැන හෝ කතා නොකරයි. එමෙන්ම අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව අභියස දී ශ‍්‍රීමත් නේරු තුමන් වැනි රාජ්‍ය නායකයන් පවා වශී වු බව කියනු ලැබේ. ඒ තරමට එවැනි කලා කෘති බුදුන් වහන්සේගේ ගුණ කඳ ඉස්මතු කර දක්වන්නට තරම් ප‍්‍රබල විය. අව්කන බුද්ධ ප‍්‍රතිමාව නරඹන  ඕනෑම කෙනෙක් ඉන් දෙනෙත් ඉවතට ගැනීමට මැලි වන්නේ ජීවමාන බුදුන් වහන්සේ ඉන් නිරූපණය වන නිසාය. මෙවැනි දේ නිර්මාණය කරමින් අප මව් බිම ලෝකය පුරා ප‍්‍රචලිත කිරීමට උර දුන් මොවුන්ට මෙන්ම මොවුන්ගේ දරුවන් වෙනුවෙන් රජ මැදුරු වල හෙවත් ධනපතින්ගේ නිවෙස් වල කිසිඳු විටක දොරවල් විවෘත වු වේ ද, බත් පත බෙදුනේ ද නැත. එමෙන්ම වර්තමාන තත්වය ද එසේමය. අනාගතයේ ද එම තත්වය වෙනස් විය හැකි ද? 

”රජ සැප විඳිනට රජ දරුවන් හට 

නුඹලා දෑතිනි මන්දිර මැවුනේ 

ඒ නුඹලාගේ දුක දැක ගන්නට 

මොන  රජ  දරුව ද පැලක ට වැඩියේ ” 

රජවරුන්ට මෙන්ම ඔවුන්ගේ දරුවන්ටත් ජීවත් වීම සඳහා මන්දිර නිර්මාණය වුයේ සාමාන්‍ය ජනතාවගේ දෑතිනි. රජ පැටවුන්ට අව්වෙන් වැස්සෙන් වෙන පීඩාවන්ගෙන් වළක්වා ගැනීමට කම්කරුවෝ අව්වෙන්, වැස්සෙන් පීඩා විඳිමින් මාළිගා තැනුහ. ඔවුන් තැනු එම මාළිගා තුළ රජ පැටවුන් නැටුම් ගැයුම් බලමින්, මධුවිත තොලගාමින් සතුටින් සිටිද්දී කම්කරුවෝ කුසට හරියම් ආහාරයක්වත් නොමැතිව පැල්පතට වී දුක් සුසුම් හෙළමින් සිටී. නමුත් මොවුන්ගේ දුක සැප බෙදා ගන්නට එකදු රජ දරුවෙක්වත් පැල්පත් වලට ගොඩවන්නේ නැත. එය වු කලී රජ පැටවුන්ගේ කෘත ගුණ සැලකීමයි. එනම් ධනපති පංතිය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව කෙතරම් මහන්සි වී වැඩ කළ ද, ඔවුන්ගේ සෑම  ඕන එපා කමක්ම ඉටු කළ ද, එම ජනතාවට කරදරයක් වු කිසිම අවස්ථාවක ඔවුන් ඒ ජනතාවගේ නිවෙස් වලට ගොස් දුක සැප සොයා නොබලති. එමෙන්ම සාමාන්‍ය ජනයාගේ නිවෙස් වලට රජ දරුවන් හෙවත් ඉහළ පංතියේ දරුවන් කිසිම විටක නොයයි. 

ඒ ආකාරයට මෙම මුළු ගීතය පුරාම රජවරුන් සහ සාමාන්‍ය ජනයා අතර ඇති පරතරය පිළිබඳව හුවා දක්වන්නට රචකයා උත්සහා දරා ඇත. පැරණි රජවරු මහා දාගැබ්, මහා වැව් ගොඩ නැගුවේ රටේ සංවර්ධනය උදෙසාය. රුවන්වැලි සෑය නිර්මාණයේ දී සියලූ දෙනාටම වැටුප් ගෙවු  බව සඳහන් වේ. එපමණක් නොව යම් යම් සේවාවන් වෙනුවෙන් ගම්වර පවා ප‍්‍රධානය කළ අවස්ථාවන් කොතෙකුත් ඇත. පාලකයා සහ සාමාන්‍ය ජනතාව අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව රචකයා ගේ දැක්ම වෙනත් ආකාරයකින් ද බැලිය හැක. රසිකයා යනු එක හා සමාන බුද්ධි මට්ටම් ඇත්තන් නොවේ. ඒ අනුව ගීතයෙන් කියවෙන රජුන් සහ රජ දරුවන් පිළිබඳව එන යෙඳුම් සාමාන්‍ය අයෙකු තේරුම් ගැනීමේ දී තම තමන්ගේ බුද්ධි මට්ටම් අනුව විවිධාකාරයෙන් අර්ථ නිරුපණය කර ගනු ලැබේ. 

කවදත් සමාජයේ පවතින දුප්පත් - පොහොසත් භේදය, උසස් කුල - පහත් කුල භේදය වැනි සමාජ විෂම තාවයන් අතීතයේ මෙන්ම අදත් පවතී. ගීත රචකයා රජවරුන් වෙනුවට දුප්පත්, පොහොසත් යන යෙදුම යොදා ගනිමින් එය ඉස්මතු කොට තම නිර්මාණය සිදු කරනු ලැබුවේ නම් වඩාත් සාර්ථක වන්නට හැකියාව ඇති බව මාගේ අදහස වේ. නමුත් ගීත රචකයා සමාජය තුළ පවත්නා යතාර්ථයක් වන සමාජ පංති වෙනස විරෝධාකල්පයක් ලෙස මෙමගින් ඉදිරිපත් කර ඇත. 

මෙම ගීතය තුළින් කියවෙන සමස්ථයේ සරල අර්ථය හෙවත් සාරාංශ වන්නේ රටවල් ගොඩනැගෙන්නේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑත්වලිනි. එහෙත්, ඒ මිනිසුන්ගේ දුකෙහි දී දුක් වන්නට ඔවුන්ගේ කරපිටින් සිහසුනට ගිය පාලකයින්ට සංවේදී බවක් නොමැත යන්නයි. මෙම ගී පද වල අරුත වීදාගම මාහිමියන්ගේ බුදු ගුණාලංකාරයෙහි එන පහත එන කවෙන් මතුවන අන්‍යාලාපය සමඟ ද සැසදිය හැක. 

”ඇත් ගොව්වන්                 මරා 

තුටු වන ගජන්            අයුරා 

දුක් ගන්නන්             මරා  

එයින් තුටු සිත් නොවෙති  ඉඳුරා” 

මෙහි අර්ථය නම් ඇත් ගොව්වන් මරා දමා සතුටු වන ඇතුන් මෙන් තමන් වෙනුවෙන් වෙහෙසුණු අය විනාශ කර දමා එයින් ලිච්ජවි රජවරු සතුටු නොවෙති. ඒ අනුව ”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ...... ” ගීතයේ අන්‍යාලාපය වන්නේ මෙසේ අව්වට,  වැස්සට හිස දී රටවල් ගොඩනගන්නට දුක් ගන්නවුන් මරා දැමු රජවරුන් ද එකල වු බවයි. රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ බුදුගුණාලංකාර ලිච්ජවි රාජ වර්ණනයේ එන උත්ප‍්‍රාසයන් විරෝධාකල්ප ප‍්‍රකාශන ලෙස එකම ලක්ෂයක දී සමපාත වන බව ද මින් පෙනී යයි. 

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...