Thursday, July 13, 2017

හුදෙකලාවේ සීතල තැනිතලාව
          නුවරඑළිය කියු සැනින් අපේ මතකයට නැගෙන්නේ දැඩි සීතලක්, කඳුවලින් ගහනය වු මනස්කාන්ත පරිසරයකි. කෙසේ නමුත් නුවරඑළියේ යන  ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම ගමන් කළ යුතුම ස්ථානයක් වශයෙන් ලෝකාන්තය දැක්විය හැකිය. මක් නිසාද යත් කඳු අතර පිහිටි උස් සම භූමියක් (සානුවක) මැඳින්, සීතල සුළඟක්, එම පරිසරයටම ආවේණික සතුන් හා ශාකවලින් පිරි මනස්කාන්ත තැනිතලාවක් හරහා ලෝකාන්තයට යන පාර වැටි තිබිම නිසාය. එමෙන්ම ලෝකාන්තය සොයා යන  ඕනෑම කෙනෙකුට අප රටේ වෙනත් කිසිම පරිසර පද්ධතියකින් හමුනොවුනු අපුර්ව සුන්දරත්වයකින් යුත් සුන්දර තැනිතලාවක් හමුවෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුත් වු සුන්දර නුවරඑළියේ පිහිටි එකම වනෝද්‍යානය හෝර්ටන් තැන්නයි. 

          ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි වනෝද්‍යානයක් වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1200 - 2300 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි හෝර්ටන්තැන්න හෙක්ටයාර් 3160ක් පුරා විහිදි පවතියි. නුවරඑළියේ සිට මීපිලමාන, අඹේවෙල, පට්ටිපොළ හරහා කීලෝමීටර් 32ක් ගිය පසු හෝර්ටන්තැන්න හමුවේ. මෙය මුල් කාලයේ දී මහඑළිය නමින් හඳුන්වා ඇත. මෙයට හේතු වී ඇත්තේ රාවණා රජු සීතා දේවියව පැහැරගෙන පැමිණ තම දඩුමොණරය ගොඩබැස්සවු ප‍්‍රදේශය තොටුපළ කන්ද ලෙස ද, ඒ ගොඩබැස්ස වීමෙදී නිකුත් වු ආලෝකධාරාව නිසා මහඑළිය නම් වු බවයි. 1920 දශකයේ ඉංග‍්‍රීසී ජාතික කපිතාන් විළියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් මුලින්ම හෝර්ටන්තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝර්ටන්තැන්න යන නාමය ලැබි ඇත්තේ ශ‍්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදී.

          මෙයට විශාල දේශීය, විසේශීය සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් පැමිණේ. මෙහි කාලගුණය ක්ෂණිකයෙන් වෙනස් වේ. ඒ නිසා එම කාලගුණ වෙනස්කම් වලට මුහුණ දීමට සුදානම්ව යා යුතුය. එමෙන්ම එහි රාත‍්‍රිය ගත කිරීමට (කඳවුරු ගසා* යනවා නම් මාසෙකට කලින් බත්තරමුල්ලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවෙන් වෙන් කරවා ගැනීමට සිදුවේ.   

          මහවැලි, කැලණි හා වළවේ යන ප‍්‍රධාන ගංඟා ත‍්‍රිත්වයේ ජලපෝෂක ප‍්‍රදේශයක් වන හෝර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් ද පෝෂණය කෙරේ. වන උයන් අතරින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ ද හෝර්ටන් තැන්නටය. මෙහි එන සංචාරකයන්ගේ අවධානය දිනාගත් ස්ථාන අතරින් ලෝකාන්තයෙන් විශේෂය. මීටර් 870ක් වු දැඩි බෑවුමක පිහිටි මෙය අපුර්වත්වය සමඟ බිය දනවන තැනකි. පහත බලන විට මීදුමෙන් තොර කාලගුණයක් පැවතුණහොත් ඔබ වාසනාවන්තය. ඒ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සිට සබරගමු පළාතේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ, බලංගොඩ නන්පෙරියල් වතු යාය දැක ගැනීමට හැකි වන නිසාය. 

          උසින් මිටර් 270ක් වු කුඩා ලෝකාන්තය ද මෙහි අසිරිය තව තවත් වැඩි කරනු ලබයි. මහා ලෝකාන්තයේ ප‍්‍රමාණයෙන් තුන් ගුණයකට වඩා කුඩා මෙහි ප‍්‍රපාතය ශ‍්‍රී ලංකාවේ ගිනිනොණ දිශාව තෙක් පැතිරි යයි. ලෝකාන්තයත්, කුඩා ලෝකාන්තයත් අතර දුර කීලෝමීටර 5ක් පමණ වේ.

          වලාකුලූ වනාන්තර තුළ සිදුවන ක‍්‍රියාදාමය නිරීක්ෂණය කිරීමට ලෝකාන්තය වටා වන පියස සුන්දර අවස්ථාවකි. වලාකුලූ ඉතා උස් වු කඳු මුදුන් ඇති තැනකදී කඳු ආවරණය කර ගනිමින් බොහෝ විට සවස් කාලයේ දී වැසි ඇති කරයි. නමුත් ශාක සහිත පරිසරයක දී මෙම වලාකුලූ ශාක සමග ගැටීමෙන් ජල බිංදු වෑස්සීමක් සිදු කරයි. ඇතැම් ප‍්‍රදේශවලට මෙය වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප‍්‍රමාණයටත් වඩා අධිත විම ද විශේෂත්වයකි. වර්ෂාව නොතිබුණ ද පොළව තෙමි මඩවන තරමට එය තෙත බරින් නැහැවී පවතී.

          මෙම පරිසරය විශාල විශයෙන් ජෛව විවිධත්වයෙන් යුතුය. 1992 දී කළ පර්යේෂණ වලට අනුව මෙහි ශාක විශේෂ 101ක් පමණ ඇත. ඉන් 49ක්ම ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික ඒවා වේ. බහුතරය හෝර්ටන් තැන්නටම පමණක් ආවේණික වු ශාක විශේෂයන්ය. සේශීය ශාක අතරින් කුඩාම වර්ගයේ උණ විශේෂයක් වන කුරු උණ ගස් පරිසරයට අලංකාරයක් මෙන්ම එහි සුන්දරත්වය ඔප්නංවන ගෝනුනුහට ප‍්‍රණීත ආහාරයකි. මේ තුළ දැකිය හැකි මහා රත්මල හෙවත් අශෝක ශාකය විශේෂ වේ. එය හෝර්ටන් තැන්නට ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයකි. ශ‍්‍රී ලංකාවටම ආවේණික සිතැසියා නැමැති පක්ෂියෙකු මඟින් මෙම මල් පරාගණය සිදු කරයි. එමෙන්ම මේ පුෂ්පය මධ්‍යම පළාත් පුෂ්පය ලෙස ද පිළිගැනේ. 

          මෙහි පක්ෂීන් විශේෂ 98ක් ද, ක්ෂීරපායින් විශේෂ 14ක් ද, උභය ජීවින් විශේෂ 16-20ක් පමණ ද, සමනල විශේෂ 40ක් පමණ ද දැකගත හැකිය. 
         එමෙන්ම සුන්දර සිය ඇලි කිහිපයක් ද මේ තුළ දැක ගත හැකිය. ඒ අතරින් වන ලැහැබ තුළ පිහිටි මීටර් 19ක් පමණ උසැති බේකර්ස් ඇල්ල ඉතා අලංකාරවත් ලෙස ඇඳ හැලේ. ගෝනුනු, මුවන්, ලේනුන්, ඌරන් වැනි සතුන් ද, කුඩා පක්ෂීන් මෙන්ම ජලජ ජීවින්ගෙන් ද මේ පරිසරය පරිපුර්ණය. 

         මෙහි වනාන්තර කුරු වනාන්තරවල ස්වභාවය දරයි. එසේ වී ඇත්තේ එම ප‍්‍රදේශවල පවතින දැඩි සුළඟට ඔරෝත්තු දිය හැකි වන පරිදිය. මෙහි ශාක සාමාන්‍යයෙන් මීටර 12-15ක් පමණ උසට වැඩෙන අතර ගස් මුදුන කූඩයක හැඩයක් ගනු ලබයි.

      මෙසේ ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් වු සොබා දහමේ අපුර්ව දායාදයක් මෙන්ම ලෝක උරුමයක් ද වන හෝර්ටන් තැන්න රැුක ගැනීම පරිසර හිතකාමී අප කාගෙත් වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ.








Wednesday, July 12, 2017



රටා මවයි


හැකිනම් තේරුම් ගන්නට .....
ජීවිතේ රටාවන් .....
දැනේවි .....
විශ්වයේ රටාවම .....
රටාවක් බව .....


ජීවන බර


කරදිය ගැඹුරේ
තුන්යම ගෙවුණේ
දරන්න මේ ජීවිත .....
පොර බඳිමින්
මහ සයුර මැද .....
උසුලනා බර
හැකිද නගන්නට
වචනයට .....



සෙවනැල්ල
විෂම ලෝකය තුළ
සියල්ලන්ටම උරුම .....
ලොවම හැරදමා ගියද,
අපව හැරදමා නොයන .....
දිනකට දෙවරක් සැඟවෙන .....
සෙවනැල්ල .....

Tuesday, July 11, 2017



සඳහම් සිත
අහස් ගැබ පරයා
නැගෙන .....

සුදෝ සුදුවන් ස්තූප .....
අදටත්,
බුදු දහමේ පැවැත්ම .....
තහවුරු කරයි.


නොවිසඳුන අභිරහස

          ලොව තවමත් නොවිසඳුන අභිරහස් සිය ගණනක් පවතී. මේ අතරින් එකක් ලෙස බර්මියුඩා ත‍්‍රිකෝණය දැක්විය හැකිය. යක්ෂයාගේ ත‍්‍රිකෝණය ලෙස හඳුන්වන මෙය වර්ග සැතපුම් 500000ට පුරා පැතිර පවතී. පවටෝ රිකේ දිවයිනත්, ඇමරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දුපතත් එකිනෙකට යා කිරීමෙන් ත‍්‍රිකෝණයක් සෑදේ. මෙම කලාපය බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස සැලකේ.


           අදටත් නොවිසඳුන අභිරහසක් වන බර්මියුඩා ත‍්‍රිකෝණය කලාපය තුළ අතුරුදහන්ව ඇති නෞකා, ගුවන් යානා ගණන සිය ගණනකි. එනම් 1945 සිට නෞකා 250, ගුවන් යානා 300කි. ක‍්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් පළමුවරට මෙම කලාපය තුළ යම් වෙනසක් ඇති බව සඳහන් කරන්නට විය. ඒ නව ලොවක් සොයා යන ප‍්‍රථම නාවුක ගමනේ දීය. ඔහු පවසන අන්දමට වරක මෙම ප‍්‍රදේශයේ විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු දුටු බවත් ඊට සති කිහිපයකට පසුව විශාල අත්භූත ආලෝක දුටු බවත් ඔහු සඳහන් කර ඇත. තවද මෙම ප‍්‍රදේශයේ මාලිමා යන්ත‍්‍ර වල අසාමාන්‍ය කියවීමක් ඇති බවත් ඔහු ප‍්‍රකාශකරන ලදී.

          කෙසේ නමුත් බර්මියුඩා කලාපයේ අභිරහස පිළිබඳ මුලූ ලෝකයේම අවධානව යොමු වුයේ 1918 මාර්තු මස මැන්ගනීස් ලෝහ පස් ටොන් 10000ත් පමණ පටවා ගත් USS Cyclops  නම් ඇමරිකානු නෞකාව ජනතාව 300ක් සමග මෙම කලාපයේ දී අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමඟය.

          කෙසේ නමුත් මෙම කලාපය තුළ අතුරුදහන් වන යානා වලට සිදුවන්නේ කුමක් දැයි අදටත් නිශ්චිතවම කිසිවෙකුටවත් කිව නොහැකි වී ඇත. මෙම යානා අතුරුදහන් වීමට විවිධ හේතු ප‍්‍රකාශ කල ද මේ සියල්ලක්ම පාහේ අනුමානයක් පමණි. මිහිතලයෙන් ඈත එපිට ලෝකවල සිදුවන දේ පවා පරීක්ෂා කරන විද්‍යාඥයන්ට මෙම බර්මියුඩා ත‍්‍රිකෝ අභිරහස විසඳීමට අදටද හැකියාවක් ලැබී නොමැත. මක් නිසාද යත් මෙම කලාපයට ඇතුලූ වී පිටතට පැමිණිමට අදටත් කිසිවෙකු සමත්ව කොමැති නිසාය.


          මෙම කලාපය තුළ සිදුවන අතුරුදහන් වීම් වලට ඉදිරිපත් කර ඇති මත කහිපයක් මෙසේය.

1. සජල මීතේන් සිද්ධාන්තය.
          මෙම ත‍්‍රිකෝණය ආශ‍්‍රීත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මේවා වායු මලූ ආකාරයට තැන්පත් වී ඇත. ඇතැම් විට අධික පීඩනය හේතුවෙන් මෙම වායු මලූ පිපිරි මීතේන් විශාල වශයෙන් මුහදු ජලය හා මිශ‍්‍ර වේ. මේ නිසා ඒ ප‍්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත‍්‍රා කරන  ඕනෑම නෞකාවක් තත්පර 10ට අඩු කාලයක දී ගිලි යා හැක. එමෙන්ම මේ වායුව වාතය හා මිශ‍්‍ර විමෙන් වායුගෝලයේ ඝනත්වය අඩු වී අහසේ පියාසර කරන ගුවන් යානා ද කඩා වැටේ.

2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය.
          ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත‍්‍රිකෝණයේ කොටසක් හරහා වැටි තිබේ. මේ අනුව මේ මතය දරන්නන්ගේ අදහස වනුයේ යම් යම් හේතූන් නිසා කඩා වැටෙන නෞකා, ගුවන් යානා වල කොටස් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප‍්‍රදේශයන් වෙත ගසා ගෙන යන බවයි.

3. රෝග් දිය රැුළි සිද්ධාන්තය.
          ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විශාල ගණයේ දිය රැුළි විශේෂයකි. මේවා ක්ෂණිකව ඇති වී ඊළඟ නිමේෂයේ නැති වී යයි. මේවාට හසු වන  ඕනෑම ප‍්‍රමාණයක නැවක් සුලූ මොහොතක දී කිසිදු සලකුණක් ඉතිරි නොකොට මුහුදු බත් විය හැකිය.

4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය.
          බර්මියුඩාව ආශ‍්‍රීතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. මේවාට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ කේදජනක ඉරණමකි.

5. චුම්බක ක්ෂේත‍්‍ර බලපෑම් සිද්ධාන්තය.
          පෘතුවිය සතුව ඇති චුම්බක ක්ෂේත‍්‍රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බකය උතුරට දීශාගත වී පැවතණ ද ඇතැම් විට භෞතික හේතු නිසා දීශාව වෙනස් වේ. මේ තත්වය බර්මියුඩාව ආශ‍්‍රීතව ද දැකිය හැකිය. මේ නිසා දීශාව සොයා ගැනීමට නොහැකිව නෞකා හා ගුවන් යානා මංමුළා වන බවත් ඇතැමුන් පෙන්වා දෙනු ලැබේ.

6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය.
          මෙය තරමත් පිළිගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේ ඉතා දියුණූ ශීෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා මුහුදු බත් වී ඇත. මේ මතය දරන්නන්ගේ අදහස වනුයේ මේ ශීෂ්ටාචාරය මුහුදු බත් වුව ද දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත්තන් සිටින බවයි. ඒ අනුව ඔවුන්ගේ ශීෂ්ටාචාරය මුහුදු පත්ලේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. මොවුන් වර්තමාන මිනිස් දැනුම අභිබවා ගොස් ඇති නිසා මෙම නෞකා හා ගුවන් යානා අතුරුදහන් වීම පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවයි.

7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය
          කාලය හා අවකාශය හරහා ගමන් කළ හැකි නළයක් හැඩැති මාර්ගයක් පවතී. මේවා පණු කුහර වේ. මෙවැනි නළයක දෙපස විවර දෙකකි. එක විවරයකින් ඇතුලූ වු විට පිට වන්නේ අනෙක් විවරයෙනි. මෙයට විශාල කාලයක් ගත වේ. එලෙස පණු කුහරය හරහා ගමන් කිරීමේ දී ඔබ විසින් කාලය හෝ අවකාශය තරණය කොට ඇත.

          මෙලෙස එකිනෙකා විවිධාකාර මත ඵලකලද අදටත් බර්මියුඩා ති‍්‍රකෝණයේ දී මුහුදු නෞකා හා ගුවන් යානා අතුරුදහන් වීමට බලපෑ හේතුව පිළිබඳව සාධාරණ තොරතුරක් කිසිවෙකුත් පෙන්වා දී නොමැත. මෙම අත්භූත ත‍්‍රිකෝණය වටා ගෙතී ඇති කටකතා ඇතැම් විට මායාකරුවන්ගේ කතාන්දර තරමටම රසවත් වන අතර ඇතැම් ඒවා ත‍්‍රාසයෙන්, භීතියෙන් මුසපත් කරන කතාය. කෙසේ වුවත් මෙම කලාපය තුළ සිදුවන සිදුවීම් අහඹුවක් හෝ කට කතාවක් ලෙස සිතා ඉවත හෙලිය නොහැක. මක් නිසා ද යත් දිගින් දිගටම යානා අතුරුදහන් වන බැවිනි. මේවා මිනිස් ජීවිත සමඟම අභිරහසක් බවට පත්ව ඇත.

          මෙම කලාපය අභිරහස හේතුවෙන්ම ඇතැම් රටවල් වල නාවුක ගමන්, ගුවන් ගමන්පවා මේ ආසන්නයෙන් යෑම තහනම් කර ඇත. එමෙන්ම ඇතැම් රක්ෂණ ආයතන පවා මේ හරහා යන නෞකා හා ගුවන් යානාවලට රක්ෂණයක් ලබා දීම පවා අත්හිටුවා ඇත.

           

මේ අයුරින් බලනකල බර්මියුඩාවේ අභිරහස විසඳීම අනාගත විද්‍යාඥ පරපුරට භාරයි.


Wednesday, July 5, 2017

සුන්දර නිවාඩුවක් ගත කරන්ඩ යමුද?

          නිවාඩු කාලයට ඔයාලා කොහේ හරි යන්ඩ හිතාගෙන ඉන්නවා ද? එහෙම හිතා ගෙන ඉන්න ඔයාලට නිවාඩුවක් ගත කරන්න හොඳ ස්ථාන කිහිපයක් ගැන තමයි මම ඔයාලට කියන්ඩ යන්නේ. හොඳ හැටි හයික්න්ග්, කෑම්පින්ග් කරන්නත් මේ තැන් හොඳයි. ඒ වාගේම මේ තැන්වලට ගියහම ගැමි සුන්දරත්වය, ගැමි ජීවන රටාව අත්විඳින්න, ගමේ රහට කෑම කන්නත් පුලූවන්. 

01. මීමුරේ
          මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර ගමකි. නුවර - මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ මහියංගනය දෙසට කීලෝමීටර් 43 ක් පමණ ගිය විට නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇති හුන්නස්ගිරිය හමුවෙනවා. හුන්නස්ගිරියෙන් වම්පසට හැරී නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කීලෝමීටර් 36ක් පමණ දුරක් ගිය විට මීමුරේ නම් මේ ගම්මානය දකින්න පුලූවන්. මේ ගම්මානයේ මහා පතාක යෝධයෙකු මෙන් ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය තියෙනවා. ගම ආරක්ෂා කරන දේවතාවෙකු ලෙස තමයි ගම්වැසියන් මේ ගල හඳුන්වන්නේ. මීමුරේ ගම්මානයෙන් තරමක් වනය තුළට යනවිට පහළට ?රා වැටෙන දිය ඇලි ගනණාවක් හමුවෙනවා. ජල ක‍්‍රීඩා කරන්න කැමති අයටත් මේ දිය ඇලි නම් කදිමයි. මේ ගමේ සුන්දරම කාලය වෙන්නේ ජනවාරි සිට මැයි දක්වා කාලය. නමුත් අවුරුද්ද පුරාම සංචාරක පිරිස් මෙහි යනවා. ඒ මේ සුන්දරත්වය විඳගන්න තමයි.

02. උඩවාඩිය
          කඳු මුදුන් වලින් වට වුණ, කන්දක් මැද්දට වෙන්න පිහිටපු ලස්සන ගමක් තමයි උඩවාඩිය කියන්නේ. මෙය පිහිටලා තියෙන්නේ බඳුල්ල දිස්ත‍්‍රික්කයේ. මෙහි ජීවත් වන පුද්ගලයින්ගේ ජීවන රටාව නම් සෑමෙන්න දුෂ්කරයි. මේ ගමට යන්න කීලෝමීටර් 5 ක් පමණ පා ගමනින් යන්න ඔිනේ. ඒ තේ වතු, කැලැ මැද්දෙන්. යන අතරතුර දැනෙන විඩාව නිවා ගන්න නම් තැන් කිහිපයක්ම තියෙනවා. ගල් ගුහා, ගල් තලා දැක ගන්න පුලූවන්. ඒවාගේම මඟ දිගට හම්බ වෙන සුන්දර දර්ශන නිසා විඩාවක් නම් දැනෙන එකක් නැහැ. වතුර වලිනුත් නම් කිසිම අඩුවක් නෑ. ගමනේ අවසානය දකින්න නම් උඩවාඩිය ඇල්ලෙන් හොඳ වතුර ටිකක් නාගන්න  ඕනේ.

03. කයිකාවල
          මේ කියන්නේ නකල්ස් කඳු පන්තියේ තියෙන කයිකාවල ගැන. නුවර මහියංගන පාරේ හුන්නස්ගිරියට ඇවිත් මීමුරේ පාරේ කීලෝ්මීටර් 25 ක් විතර ගිය තැන තමයි මේ ගම හම්බවෙන්නේ. කුඩා වුණත් මුලූමනින්ම ස්වයං පෝෂිත ලස්සන ගම්මානයක් තමයි කයිකාවල කියන්නේ. සුන්දර දිය ඇලි, ඔය පාරවල් මේ ගමේ තියෙනවා. ඒ වාගේම ලංකා ඉතිහාසයට සම්බන්ධ වෙඩි ලූණු ගුහාව තියෙන්නෙත් මේ කිට්ටුව.

04. වල්පොලමුල්ල
          මේ ගමට යන්න මාතලේ රිවර්ස්ටන්වලට යන්න  ඕනේ. ඊට පස්සේ පිටවල, රත්නින්ද, ඇටන්වල, මානිගල ඔස්සේ කීලෝමීටර් 10ක් විතර මේ ගමට යන්න තියෙනවා. වට පිටාවේ සුන්දරත්වය නිසා මේ ගමනේ මහන්සිය නම් දැනෙන එකක් නෑ. ලංකාවේ පොඩිම ගම තමයි වල්පොලමුල්ල. සමහරු මේ ගම ආසියාවෙන් පොඩිම ගම කියලත් කියනවා. දුෂ්කර ගම්මානයත් වුවත් බත, බුලතින් සරුසාර ගමක් තමයි මේ ගම. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානි ගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

05. කොහොනාවල
          ලංකාවට අඩුවෙන්ම ඉර එළිව වැටෙන ගම තමයි මේ කොහොනාවල කියන්නේ. පිහිටලා තියෙන්නේ බදුල්ල, පස්සර, මඩොල්සීම ගමේ ඉඳන් කීලෝමීටර් 8 - 9 ක් විතර කැළේ ඇතුළට වෙන්න. මේ ගම මුලූමනින්ම වට වේලා තියෙන්නේ කඳුවලින්. ඒ නිසා හොඳට පායන කාලයට පවා ඉර එළිය වැටෙන්නේ පැය 6ක්, 8ක් වගේ කාලයක්. මේ ගමේ අය ගෙවන ජීවන රටාව නම් හරිම දුෂ්කරයි.

06. ලංකාගම
           සිංහරාජ මායිමේ තියෙන හැංගුණු තවත් ලස්සන ගම්මානයක්. ගාල්ල නෙලූවට ගිහින් කොස්මුල්ල ඔස්සේ කැලේ මැදින් පාරක තමයි මේ ගමට යන්න තියෙන්නේ. කීලෝමීටර් 3 - 4ක් විතර යන්න තියෙනවා. ගිං ගං මිටියාවතේ පිහිටි මේ ගම මුලූමනින්ම ස්වයං පෝෂිතයි. මේ ගම වටේම දිය ඇලි, ගල් තලා දැකගන්න පුලූවන්. ලස්සන දුවිලි ඇල්ලක් ද තියෙනවා. ඒ වාගේම බ‍්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ දිය ඇලි තියෙනවා. හැබැයි වැස්ස කාලෙට මෙහෙ යන අයට කූඩැල්ලන්ගෙන් නම් ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා.

07. ගලමුදුන ගම
            හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තේ තියෙන ගලමුදුන ගම ගැන තමයි මම මේ කියන්න හදන්නේ. උඩුදුම්බරින් තල්ගුණේ, හුලූගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න  ඕනේ. එතන ඉඳලත් කීලෝමීටර් 2 - 3ක් ගියාහම තමයි මේ ගම හමුවන්නේ. නකල්ස් කඳු පන්තියේ එක බෑවුමක් තමයි මේ ප‍්‍රදේශය. මේ ගමේ ජීවන රටාව නම් ටිකක් දුෂ්කර වුණත් ගමේ පිරිස නම් ඉන්නේ හරිම සතුටින්. ඒ වුණාට බත බුලතින් නම් සරු සාරයි. කඳු පන්තිවලින් මෙන්ම දිය ඇලි වලිනුත් මේ ගම සුන්දර කරනවා. මේ ගම්මානය උදේට වාගේම සවස් කාලයටත් හරිම ලස්සනයි. ලකේගල, යහන්ගල, කුවේණිගල වගේ කඳුවලිනුත් මේ ගම තව තවත් ලස්සන කරනවා. ගම මැදින් ගලා යන හීන් ගඟත් ගමට සුන්දරත්වයක් එක් කරනවා.
ඉතින් යාලූවනේ ඉදිරි නිවාඩු කාලවල ඔයාලාත් මේ ගම්මානවල සුන්දරත්වය විඳින්න යනවා නම් ගමේ පරිසරයට නම් හානි කරන්න එපා. ඒ වාගේම අනාගත පරපුරටත් මේ ගැමි සුන්දරත්වය විඳගන්න රැුතගන්න කියලා තමයි කියන්න ඔයාලාගෙන් ඉල්ලන්න තියෙන්නේ. 

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය               බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...