Tuesday, July 11, 2017
නොවිසඳුන අභිරහස
ලොව තවමත් නොවිසඳුන අභිරහස් සිය ගණනක් පවතී. මේ අතරින් එකක් ලෙස බර්මියුඩා ත‍්‍රිකෝණය දැක්විය හැකිය. යක්ෂයාගේ ත‍්‍රිකෝණය ලෙස හඳුන්වන මෙය වර්ග සැතපුම් 500000ට පුරා පැතිර පවතී. පවටෝ රිකේ දිවයිනත්, ඇමරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දුපතත් එකිනෙකට යා කිරීමෙන් ත‍්‍රිකෝණයක් සෑදේ. මෙම කලාපය බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස සැලකේ.
අදටත් නොවිසඳුන අභිරහසක් වන බර්මියුඩා ත‍්‍රිකෝණය කලාපය තුළ අතුරුදහන්ව ඇති නෞකා, ගුවන් යානා ගණන සිය ගණනකි. එනම් 1945 සිට නෞකා 250, ගුවන් යානා 300කි. ක‍්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් පළමුවරට මෙම කලාපය තුළ යම් වෙනසක් ඇති බව සඳහන් කරන්නට විය. ඒ නව ලොවක් සොයා යන ප‍්‍රථම නාවුක ගමනේ දීය. ඔහු පවසන අන්දමට වරක මෙම ප‍්‍රදේශයේ විශාල ගිනි ජාලාවක් මුහුදට කඩා වැටෙනු දුටු බවත් ඊට සති කිහිපයකට පසුව විශාල අත්භූත ආලෝක දුටු බවත් ඔහු සඳහන් කර ඇත. තවද මෙම ප‍්‍රදේශයේ මාලිමා යන්ත‍්‍ර වල අසාමාන්‍ය කියවීමක් ඇති බවත් ඔහු ප‍්‍රකාශකරන ලදී.
කෙසේ නමුත් බර්මියුඩා කලාපයේ අභිරහස පිළිබඳ මුලූ ලෝකයේම අවධානව යොමු වුයේ 1918 මාර්තු මස මැන්ගනීස් ලෝහ පස් ටොන් 10000ත් පමණ පටවා ගත් USS Cyclops නම් ඇමරිකානු නෞකාව ජනතාව 300ක් සමග මෙම කලාපයේ දී අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමඟය.
කෙසේ නමුත් මෙම කලාපය තුළ අතුරුදහන් වන යානා වලට සිදුවන්නේ කුමක් දැයි අදටත් නිශ්චිතවම කිසිවෙකුටවත් කිව නොහැකි වී ඇත. මෙම යානා අතුරුදහන් වීමට විවිධ හේතු ප‍්‍රකාශ කල ද මේ සියල්ලක්ම පාහේ අනුමානයක් පමණි. මිහිතලයෙන් ඈත එපිට ලෝකවල සිදුවන දේ පවා පරීක්ෂා කරන විද්‍යාඥයන්ට මෙම බර්මියුඩා ත‍්‍රිකෝ අභිරහස විසඳීමට අදටද හැකියාවක් ලැබී නොමැත. මක් නිසාද යත් මෙම කලාපයට ඇතුලූ වී පිටතට පැමිණිමට අදටත් කිසිවෙකු සමත්ව කොමැති නිසාය.

මෙම කලාපය තුළ සිදුවන අතුරුදහන් වීම් වලට ඉදිරිපත් කර ඇති මත කහිපයක් මෙසේය.
1. සජල මීතේන් සිද්ධාන්තය.
මෙම ත‍්‍රිකෝණය ආශ‍්‍රීත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මේවා වායු මලූ ආකාරයට තැන්පත් වී ඇත. ඇතැම් විට අධික පීඩනය හේතුවෙන් මෙම වායු මලූ පිපිරි මීතේන් විශාල වශයෙන් මුහදු ජලය හා මිශ‍්‍ර වේ. මේ නිසා ඒ ප‍්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත‍්‍රා කරන ඕනෑම නෞකාවක් තත්පර 10ට අඩු කාලයක දී ගිලි යා හැක. එමෙන්ම මේ වායුව වාතය හා මිශ‍්‍ර විමෙන් වායුගෝලයේ ඝනත්වය අඩු වී අහසේ පියාසර කරන ගුවන් යානා ද කඩා වැටේ.
2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය.
ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත‍්‍රිකෝණයේ කොටසක් හරහා වැටි තිබේ. මේ අනුව මේ මතය දරන්නන්ගේ අදහස වනුයේ යම් යම් හේතූන් නිසා කඩා වැටෙන නෞකා, ගුවන් යානා වල කොටස් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප‍්‍රදේශයන් වෙත ගසා ගෙන යන බවයි.
3. රෝග් දිය රැුළි සිද්ධාන්තය.
ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විශාල ගණයේ දිය රැුළි විශේෂයකි. මේවා ක්ෂණිකව ඇති වී ඊළඟ නිමේෂයේ නැති වී යයි. මේවාට හසු වන ඕනෑම ප‍්‍රමාණයක නැවක් සුලූ මොහොතක දී කිසිදු සලකුණක් ඉතිරි නොකොට මුහුදු බත් විය හැකිය.
4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය.
බර්මියුඩාව ආශ‍්‍රීතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. මේවාට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ කේදජනක ඉරණමකි.
5. චුම්බක ක්ෂේත‍්‍ර බලපෑම් සිද්ධාන්තය.
පෘතුවිය සතුව ඇති චුම්බක ක්ෂේත‍්‍රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බකය උතුරට දීශාගත වී පැවතණ ද ඇතැම් විට භෞතික හේතු නිසා දීශාව වෙනස් වේ. මේ තත්වය බර්මියුඩාව ආශ‍්‍රීතව ද දැකිය හැකිය. මේ නිසා දීශාව සොයා ගැනීමට නොහැකිව නෞකා හා ගුවන් යානා මංමුළා වන බවත් ඇතැමුන් පෙන්වා දෙනු ලැබේ.
6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය.
මෙය තරමත් පිළිගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේ ඉතා දියුණූ ශීෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා මුහුදු බත් වී ඇත. මේ මතය දරන්නන්ගේ අදහස වනුයේ මේ ශීෂ්ටාචාරය මුහුදු බත් වුව ද දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත්තන් සිටින බවයි. ඒ අනුව ඔවුන්ගේ ශීෂ්ටාචාරය මුහුදු පත්ලේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. මොවුන් වර්තමාන මිනිස් දැනුම අභිබවා ගොස් ඇති නිසා මෙම නෞකා හා ගුවන් යානා අතුරුදහන් වීම පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවයි.
7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය
කාලය හා අවකාශය හරහා ගමන් කළ හැකි නළයක් හැඩැති මාර්ගයක් පවතී. මේවා පණු කුහර වේ. මෙවැනි නළයක දෙපස විවර දෙකකි. එක විවරයකින් ඇතුලූ වු විට පිට වන්නේ අනෙක් විවරයෙනි. මෙයට විශාල කාලයක් ගත වේ. එලෙස පණු කුහරය හරහා ගමන් කිරීමේ දී ඔබ විසින් කාලය හෝ අවකාශය තරණය කොට ඇත.
මෙලෙස එකිනෙකා විවිධාකාර මත ඵලකලද අදටත් බර්මියුඩා ති‍්‍රකෝණයේ දී මුහුදු නෞකා හා ගුවන් යානා අතුරුදහන් වීමට බලපෑ හේතුව පිළිබඳව සාධාරණ තොරතුරක් කිසිවෙකුත් පෙන්වා දී නොමැත. මෙම අත්භූත ත‍්‍රිකෝණය වටා ගෙතී ඇති කටකතා ඇතැම් විට මායාකරුවන්ගේ කතාන්දර තරමටම රසවත් වන අතර ඇතැම් ඒවා ත‍්‍රාසයෙන්, භීතියෙන් මුසපත් කරන කතාය. කෙසේ වුවත් මෙම කලාපය තුළ සිදුවන සිදුවීම් අහඹුවක් හෝ කට කතාවක් ලෙස සිතා ඉවත හෙලිය නොහැක. මක් නිසා ද යත් දිගින් දිගටම යානා අතුරුදහන් වන බැවිනි. මේවා මිනිස් ජීවිත සමඟම අභිරහසක් බවට පත්ව ඇත.
මෙම කලාපය අභිරහස හේතුවෙන්ම ඇතැම් රටවල් වල නාවුක ගමන්, ගුවන් ගමන්පවා මේ ආසන්නයෙන් යෑම තහනම් කර ඇත. එමෙන්ම ඇතැම් රක්ෂණ ආයතන පවා මේ හරහා යන නෞකා හා ගුවන් යානාවලට රක්ෂණයක් ලබා දීම පවා අත්හිටුවා ඇත.
මේ අයුරින් බලනකල බර්මියුඩාවේ අභිරහස විසඳීම අනාගත විද්‍යාඥ පරපුරට භාරයි.
Wednesday, July 5, 2017
සුන්දර නිවාඩුවක් ගත කරන්ඩ යමුද?
නිවාඩු කාලයට ඔයාලා කොහේ හරි යන්ඩ හිතාගෙන ඉන්නවා ද? එහෙම හිතා ගෙන ඉන්න ඔයාලට නිවාඩුවක් ගත කරන්න හොඳ ස්ථාන කිහිපයක් ගැන තමයි මම ඔයාලට කියන්ඩ යන්නේ. හොඳ හැටි හයික්න්ග්, කෑම්පින්ග් කරන්නත් මේ තැන් හොඳයි. ඒ වාගේම මේ තැන්වලට ගියහම ගැමි සුන්දරත්වය, ගැමි ජීවන රටාව අත්විඳින්න, ගමේ රහට කෑම කන්නත් පුලූවන්.
01. මීමුරේ
මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර ගමකි. නුවර - මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ මහියංගනය දෙසට කීලෝමීටර් 43 ක් පමණ ගිය විට නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇති හුන්නස්ගිරිය හමුවෙනවා. හුන්නස්ගිරියෙන් වම්පසට හැරී නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කීලෝමීටර් 36ක් පමණ දුරක් ගිය විට මීමුරේ නම් මේ ගම්මානය දකින්න පුලූවන්. මේ ගම්මානයේ මහා පතාක යෝධයෙකු මෙන් ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය තියෙනවා. ගම ආරක්ෂා කරන දේවතාවෙකු ලෙස තමයි ගම්වැසියන් මේ ගල හඳුන්වන්නේ. මීමුරේ ගම්මානයෙන් තරමක් වනය තුළට යනවිට පහළට ?රා වැටෙන දිය ඇලි ගනණාවක් හමුවෙනවා. ජල ක‍්‍රීඩා කරන්න කැමති අයටත් මේ දිය ඇලි නම් කදිමයි. මේ ගමේ සුන්දරම කාලය වෙන්නේ ජනවාරි සිට මැයි දක්වා කාලය. නමුත් අවුරුද්ද පුරාම සංචාරක පිරිස් මෙහි යනවා. ඒ මේ සුන්දරත්වය විඳගන්න තමයි.
02. උඩවාඩිය
කඳු මුදුන් වලින් වට වුණ, කන්දක් මැද්දට වෙන්න පිහිටපු ලස්සන ගමක් තමයි උඩවාඩිය කියන්නේ. මෙය පිහිටලා තියෙන්නේ බඳුල්ල දිස්ත‍්‍රික්කයේ. මෙහි ජීවත් වන පුද්ගලයින්ගේ ජීවන රටාව නම් සෑමෙන්න දුෂ්කරයි. මේ ගමට යන්න කීලෝමීටර් 5 ක් පමණ පා ගමනින් යන්න ඔිනේ. ඒ තේ වතු, කැලැ මැද්දෙන්. යන අතරතුර දැනෙන විඩාව නිවා ගන්න නම් තැන් කිහිපයක්ම තියෙනවා. ගල් ගුහා, ගල් තලා දැක ගන්න පුලූවන්. ඒවාගේම මඟ දිගට හම්බ වෙන සුන්දර දර්ශන නිසා විඩාවක් නම් දැනෙන එකක් නැහැ. වතුර වලිනුත් නම් කිසිම අඩුවක් නෑ. ගමනේ අවසානය දකින්න නම් උඩවාඩිය ඇල්ලෙන් හොඳ වතුර ටිකක් නාගන්න ඕනේ.
03. කයිකාවල
මේ කියන්නේ නකල්ස් කඳු පන්තියේ තියෙන කයිකාවල ගැන. නුවර මහියංගන පාරේ හුන්නස්ගිරියට ඇවිත් මීමුරේ පාරේ කීලෝ්මීටර් 25 ක් විතර ගිය තැන තමයි මේ ගම හම්බවෙන්නේ. කුඩා වුණත් මුලූමනින්ම ස්වයං පෝෂිත ලස්සන ගම්මානයක් තමයි කයිකාවල කියන්නේ. සුන්දර දිය ඇලි, ඔය පාරවල් මේ ගමේ තියෙනවා. ඒ වාගේම ලංකා ඉතිහාසයට සම්බන්ධ වෙඩි ලූණු ගුහාව තියෙන්නෙත් මේ කිට්ටුව.
04. වල්පොලමුල්ල
මේ ගමට යන්න මාතලේ රිවර්ස්ටන්වලට යන්න ඕනේ. ඊට පස්සේ පිටවල, රත්නින්ද, ඇටන්වල, මානිගල ඔස්සේ කීලෝමීටර් 10ක් විතර මේ ගමට යන්න තියෙනවා. වට පිටාවේ සුන්දරත්වය නිසා මේ ගමනේ මහන්සිය නම් දැනෙන එකක් නෑ. ලංකාවේ පොඩිම ගම තමයි වල්පොලමුල්ල. සමහරු මේ ගම ආසියාවෙන් පොඩිම ගම කියලත් කියනවා. දුෂ්කර ගම්මානයත් වුවත් බත, බුලතින් සරුසාර ගමක් තමයි මේ ගම. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානි ගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.
05. කොහොනාවල
ලංකාවට අඩුවෙන්ම ඉර එළිව වැටෙන ගම තමයි මේ කොහොනාවල කියන්නේ. පිහිටලා තියෙන්නේ බදුල්ල, පස්සර, මඩොල්සීම ගමේ ඉඳන් කීලෝමීටර් 8 - 9 ක් විතර කැළේ ඇතුළට වෙන්න. මේ ගම මුලූමනින්ම වට වේලා තියෙන්නේ කඳුවලින්. ඒ නිසා හොඳට පායන කාලයට පවා ඉර එළිය වැටෙන්නේ පැය 6ක්, 8ක් වගේ කාලයක්. මේ ගමේ අය ගෙවන ජීවන රටාව නම් හරිම දුෂ්කරයි.
06. ලංකාගම
සිංහරාජ මායිමේ තියෙන හැංගුණු තවත් ලස්සන ගම්මානයක්. ගාල්ල නෙලූවට ගිහින් කොස්මුල්ල ඔස්සේ කැලේ මැදින් පාරක තමයි මේ ගමට යන්න තියෙන්නේ. කීලෝමීටර් 3 - 4ක් විතර යන්න තියෙනවා. ගිං ගං මිටියාවතේ පිහිටි මේ ගම මුලූමනින්ම ස්වයං පෝෂිතයි. මේ ගම වටේම දිය ඇලි, ගල් තලා දැකගන්න පුලූවන්. ලස්සන දුවිලි ඇල්ලක් ද තියෙනවා. ඒ වාගේම බ‍්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටෙන ඇල්ල, ගල් ඔරුව ඇල්ල, තට්ටු ඇල්ල වගේ දිය ඇලි තියෙනවා. හැබැයි වැස්ස කාලෙට මෙහෙ යන අයට කූඩැල්ලන්ගෙන් නම් ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා.
07. ගලමුදුන ගම
හුන්නස්ගිරිය, උඩුදුම්බර පැත්තේ තියෙන ගලමුදුන ගම ගැන තමයි මම මේ කියන්න හදන්නේ. උඩුදුම්බරින් තල්ගුණේ, හුලූගලට ගිහින් එතනින් උඩගල් දෙබොක්කට යන්න ඕනේ. එතන ඉඳලත් කීලෝමීටර් 2 - 3ක් ගියාහම තමයි මේ ගම හමුවන්නේ. නකල්ස් කඳු පන්තියේ එක බෑවුමක් තමයි මේ ප‍්‍රදේශය. මේ ගමේ ජීවන රටාව නම් ටිකක් දුෂ්කර වුණත් ගමේ පිරිස නම් ඉන්නේ හරිම සතුටින්. ඒ වුණාට බත බුලතින් නම් සරු සාරයි. කඳු පන්තිවලින් මෙන්ම දිය ඇලි වලිනුත් මේ ගම සුන්දර කරනවා. මේ ගම්මානය උදේට වාගේම සවස් කාලයටත් හරිම ලස්සනයි. ලකේගල, යහන්ගල, කුවේණිගල වගේ කඳුවලිනුත් මේ ගම තව තවත් ලස්සන කරනවා. ගම මැදින් ගලා යන හීන් ගඟත් ගමට සුන්දරත්වයක් එක් කරනවා.
ඉතින් යාලූවනේ ඉදිරි නිවාඩු කාලවල ඔයාලාත් මේ ගම්මානවල සුන්දරත්වය විඳින්න යනවා නම් ගමේ පරිසරයට නම් හානි කරන්න එපා. ඒ වාගේම අනාගත පරපුරටත් මේ ගැමි සුන්දරත්වය විඳගන්න රැුතගන්න කියලා තමයි කියන්න ඔයාලාගෙන් ඉල්ලන්න තියෙන්නේ.
Monday, June 26, 2017
Sunday, June 25, 2017
චිත‍්‍රපටයේ බිහිවීමට දෘෂ්ටියේ අඛණ්ඩතාවය
ඡයාරූප ශීල්පය ඉතා පුලූල් ලෙස ව්‍යාප්තියෙන් පසු එම නිශ්චල ඡුායාරූපය චලනය කර ගැනීමේ හැකියාව ගැන සොයා බැලිමේ අවශ්‍යතාවය මතු විය. නිශ්චල ඡයාරූපවල නිශ්චලතාව බිඳ හෙලා වස්තුවක් චලනය වන ස්වභාවය සටහන් කර ගැනීම පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදු විය. නමුත් මේ පිළිබඳ අවධානය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ කාලය තුළ පටන් පැවතුණි. පසුව 17 වන සියවසේ සෙවනැලි නාටක, මැජික් ලන්තෑරුම සොයා ගැනීමත් සමඟ මෙය තව තවත් වර්ධනයට පත් විය. මේ සියලූ දේ පාදක කොට ගනිමින් චිත‍්‍රපටය බිහි විය.
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ විසු මානවයා මුලින්ම මෙම චලනය පිළිබඳ යම්තාක් දුරට අවධානය යොමු කොට ඇත. ක‍්‍රි. පු. 2000 පමණ ඈත අතීතයට මෙය දිව යන්නකි. ගුහාවල පියස්සේ සහ බිත්තිවල ඇඳ තිබු රූප සටහන් මෙයට කදිම නිදර්ශනයකි. මෙය ප‍්‍රංශයේ ලැස්කෝස්, ස්පාක්‍ද්ක්‍දයේ අල්තමීරා ගල් ගුහා වලින් පෙනේ. එහි ආදී මානවයා සත්වයෙකුගේ පලායාම සිතුවම් කළේ උගේ පාදවලට ඉදිරියෙන් තවත් පාද යුගල් කිහිපයක් දැමිමෙනි. එවිට පාද අටකින් සත්වයා සමන්විත විය. සමහර විට උල් අවියක් රැුගත් මිනිසෙකු පසු පසින් සටහන් කර තිබුණි. එමඟින් සත්වයා පලා යන බවත් මිනිසා දඩයමක් කරා ලඟා වන බවත් පෙන්වීම අරමුණ විය. මෙය වස්තුවක් චලනයෙහි යෙදෙන බව සටහන් කර තිබු මුල්ම අවස්ථාව විය.
මනුෂ්‍යයාගේ චින්තන ශක්තිය වැඩෙත්ම වස්තූන්ගේ ක‍්‍රීයාකාරකම් පිළිබඳ බොහෝ අධ්‍යයන කටයුතු කළේය. එක තැනක සටහන් කර තිබු චිත‍්‍ර රූපය ඉන් ඉවත් කර වෙනමම චලනයකට පත් කර ගත හැකි බව මිනිසාට වැටහුණේ ඉන් බොහෝ කාලයකට පසුවයි. ඒ සඳහා ගින්දර මෙන්ම සුර්්‍යා ලෝකය ද ඔවුන්ට උපකාරී වී තිබේ. චිත‍්‍ර රූප වෙනුවට තම සෙවණැල්ල එහා මෙහා චලනය කිරීමේ දී ඇති වන අපුර්වත්වය ගැන සෙවීමට මිනිස් මනස පොළඹවනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ආලෝකය ලැබෙන පහනක් ඉදිරියේ සිට දෑත් එක්කර ඇඟිලි චලනය කරමින් විවධ සත්වයන්ගේ හැඩරුව ක‍්‍රමානුකූලව සෙවණැලි රූප මඟින් මැවිය හැකි බව මුලින්ම මැජීක් ශීල්පීන් අත්හදා බැලීය. 19 වන සියවස අවසානයේ බිහි වු සිනමාව සඳහා පුර්ව අත්දැකීම සපයනු ලැබුවේ ”සෙවණැලි නාටක” යි. මුලින් චීනය ආශ‍්‍රයෙන් බිහිවිය. මේවා ”චීන සෙවණැලි නාටක” නම් විය. මේවා පේ‍්‍රක්ෂකයන් සමුහයක් ඉදිරියේ පෙන්වීමට භාවිතා කළේය. මෙයින් කතන්දර කීමට උත්සහා දෑරීය. පසුව මෙය ආසියාව, යුරෝපය ආදීයේ ද පැතිරී ගියේය.
මිළගට සෙවණැලි රූප චලනය කර ගැනීමේ කලාවේ වැදගත්ම සිද්ධිය ”මැජික් ලන්තැරුමයි”. මෙය සෙවණැලි රූප නැරඹිමේ උපකරණ යයි. 17 වන සියවසේ සාමාන්‍ය ආලෝක උපකරණයක් වු ලන්තෑරුමක් නැතහොත් පහනක් භාවිතා කර අතින් අඳින ලද රූපයක් බිත්තියක් මතට පතිත කර ගැනීමේ අදහස ආශ‍්‍රයෙන් බිහි විය. මේ පහනක් ඉදිරියෙන් කාචයත් භාවිතා කර එය ”මැජීක් ලන්තෑරුම” ලෙස නම් කළේය. මෙය සිනමාව බිහිවීමට පෙර පුර්ව අවධියේ මුල්ම ප‍්‍රක්ෂේපකය හඳුනාගත් අවස්ථාවයි. එයින් ඉදිරිපත් වු දර්ශන මායාමය සෙවණැලි නැරඹීම ලෙස ප‍්‍රසිද්ධ විය. මෙය චිත‍්‍රපට කතාවේ පුර්ව යුගයේ වැදගත් ස්ථාන යයි. මෙය පළමුවරට ”මිනිස් ඇස සහ මනස, එළිය සහ අඳුර” ඇසුරින් නුතන ක‍්‍රමයට සාමානව රූප නැරඹීම ඇරඹුණි. මෙහි නිර්මාතෘ ජර්මන් ජාතික පුජකවරයෙකු වු ඇතනේසියස් ක්රේචර් නම් පියතුමාය. මේ පිළිබඳව The Great Art of Light and Shadowයන කෘතියේ ද සඳහන් වේ. මෙහි මිනිස් ඇසේ ස්වභාවය, දෘෂ්ටියේ පැවැත්ම, රූප සහ රූප අතර අන්තර් සම්බන්ධය යන කරුණු ගැන වේ.
18 වන සියවස අගදී මැජීක් ලන්තෑරුම මඟින් තනි රූප පෙන්වනවාට වඩා රූප කිහිපයක් තිරය මත පතිත කර ගැනීමෙන් එය ඇස ග‍්‍රහණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනිණි. ඒ හේතුවෙන් රූප කිහිපයක එකතුව මඟින් එක දිගට අඛණ්ඩ චලනයක් ලැබෙන බව ද එසේ අපට පෙනේන්නේ මිනිස් ඇස යම් රැුවටීමකට බඳුන් වන හෙයිනි යැයි ද වටහා ගන්නට විය. මේ පර්යේෂණයේ කැපි පෙනෙන පුද්ගලයා වුයේ බි‍්‍රතාන්‍ය ජාතික ගණිතඥයෙකු වු පීටර් මාක් රොජේ (1779 - 1864) ය. චලනයට භාජනය වන රූප වැලක් ආශ‍්‍රයෙන් ඇස රැුවටීම පිළිබඳ අතිශයින් වැදගත් වු සිද්ධාන්තය දෘෂ්ටියේ අඛණ්ඩතාවය නැතහොත් දෘෂ්ටියේ පැවැත්ම නම් විය. මෙහි තේරුම අප යම් දර්ශනයක් දැකිමේ දී අපේ ඇස මුල් රූපය ක්ෂණයකින් ග‍්‍රහණය කර ගනී. එය දර්ශන පථයෙන් ඉවත් වුව ද ඊළඟ රූපය දැකීමට පෙර මුල් රූපය අපගේ මතකයේ තැන්පත්ව තිබේ. මුල්ම රූපයත්, දෙවැනි රූපයත් අතර ඇති වන ක්ෂණික කාල පරාසය අතිශය කුඩා නිසා අපේ ඇස මඟින් නොසලකා හැර මුල් රූපයේ සිට දෙවන රූපය ක්ෂණයෙන් ග‍්‍රහණය කර ගනී. මේ අන්දමට රූප එකතු වීමෙන් යම් දර්ශනයක් එක දිගට අඛණ්ඩව අපට දිස් වේ.
උදා: ගිනි පෙළෙල්ලක් ගෙන එය දිගටම නොනැවතී කැරකුවහොත් එය අපට දිස්වන්නේ ගිලි වළල්ලක් ලෙසිනි. නමුත් ඇත්තේ කුඩා ගිනි පුළිගුය.
මේ ආකාරය අපේ ඇස මායාවකට හසු වන බව අපට නොතේරේ. මෙය චිත‍්‍රපටයේ ආරම්භය විය. චිත‍්‍රපටයක තත්පරයකට රූප රාමු 24 ක් දිස් වේ. මෙම රූප චලනය අප ඇසින් කරයි.
එඞ්වඞ් මයබි‍්‍රජ් විසින් දුවන අශ්වයෙකුගේ කකුල් 4 උඩ සිටින අවස්ථාව පෙන්වීමට තුරඟ පිටියේ කැමරා 12 ක් සවි කර අශ්වයා දුවන විට ඒවා ක‍්‍රියාත්මක වීමට සලසවයි. පසුව කැමරා 24 ක් සවි කර මෙය සිදු කොට මැජීක් ලන්තෑරුමට දමා කරකවා බලා චලනය දකියි. මැජීක් ලන්තෑරුම් මුල ධර්ම ආශ‍්‍රයෙන් ප‍්‍රංශයේ දී ”ප‍්‍රැන්සිනස්කෝප්” නම් උපකරණය සාදයි. මෙය ස්ලයිඞ් ප්‍රොජෙක්ටරයට සමානයි.
ජුල්ස් මරේ නම් සත්ව විද්‍යාඥයා පක්ෂීන් පියාසර කරන ආකාරය ගැනීමට ”කැමරා රයිපලය” සාදයි. මෙහි කාචය තුවක්කු බටයේ ද, රයිපලයේ මැගසිනය වෙනුවට වීදුරු ඵලකයක් ද විය. එහි තත්පරයට රූප රාමු 12 ක් සටහන් විය. මෙහි කොකා ගස්සන විට ක‍්‍රියාත්මක වී චලනය සටහන් කර ගනී. මෙය චලනය තනි කැමරාවකින් සටහන් කළ පළමු අවස්ථාව විය.
තෝමස් අල්වා එඩිසන් මයබි‍්‍රජ්ගේ හා මරේගේ ක‍්‍රම පිළිබඳ උනන්දු වී 1877 දී ඉටි සිලින්ඩරයක් අනුසාරයෙන් ශබ්දය තැටි ගත කිරීමේ උපකරණය වන ”පෝනෝග‍්‍රාප්” නිපදවයි. ශබ්දය, රූපය එක් කිරීමෙන් තමාගේ යන්ත‍්‍රය ජනතාවට සමීප වන බව ඔහු අදහස් කළේය. මෙහි දී ප‍්‍රධාන අභියෝගය තත්පරයට වැඩි රූප රාමු ප‍්‍රමාණයක් සටහන් කර ගැනීමත්, නොකැඩෙන, නොපිලෙස්සෙන, නම්‍යශීලි පටල අඳුනක් යොදා ගැනීමත්ය. 1888 දී විලියම් කෙනඩි ලෝරිස් ඩික්සන් විසින් කිනෙටෝග‍්‍රාප් සාදා 1889 දී ප‍්‍රථම වරට ක‍්‍රියා කර බලයි. ජෝජ් ඊස්ට්මන්ගේ මීටර් 15 ක් දිග සෙලොලොයිඞ් පටලයක් වන පටල අඳුන ප‍්‍රයෝජනයට ගන්නට විය. එය වර්තමාන මිලි මීටර් 35 පටලයට බොහෝ සමානය.
ලූමියර් සහෝදරයෝ එඩිසන්ගේ යන්ත‍්‍ර තුන් ආකාරයකින් වර්ධනය කළේය. ඒ ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගෙන යා හැකි, කැමරාවේ ධාවන වේගය තත්පරයට රූප රාමු 18 ක් දක්වා අඩු කර, සවිරාමු මුලධර්මය පදනම් කර ගෙනය. ඒ සෑම රූපයක්ම කාචය ඉදිරියේ මොහොතක්ම නතරව ඉදිරියට යාමයි. මෙම කැමරාව ”සිනමටොග‍්‍රාප්” විය. 1895.02.13 වන දින මේ කැමරාව සහ ප‍්‍රක්ෂේපන යන්ත‍්‍රයට වෙළඳ බලපත‍්‍ර ලබා ගෙන මේ වසරේදීම තම ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස ”වර්කස් ලීවාන් ද ලූමියෙර් ෆැක්ටරි” සාදන ලදී. මොවුන් ස්වභාවික සංසිදධින් රූපගත කරන්නට විය.
මෙලෙස ක‍්‍රමිකව වර්ධනය වු චලන සටහන පදනම්ව හා දෘෂ්ටියේ අඛණ්ඩතාවය ද පදනම් කොට ගෙන වර්තමානයේ චිත‍්‍රපටය බොහෝ සෙයින් වර්ධනය වී ජනාදරයට පත් වී ඇත.
Wednesday, June 21, 2017
ලොව දුර්ලභම පුෂ්ප 10.
1. The Corpse Flower (Amorphophallus Titanum)
ලොව විශාලතම මෙන්ම දුර්ලභම පුෂ්පය වන්නේ මෙයයි. එමෙන්ම වැඩියෙන්ම වඳවීමේ තර්ජනයට ලක් වී ඇති පුෂ්පය වන්නේ ද මෙම පුෂ්ප යයි. මෙය ඉන්දුනීසියාවේ පහත් බිමි වැසි වනාන්තර වල වැඬේ.
2. Youtan Poluo (no scientific name)
මෙම පුෂ්පය ඩිං ඩිං චීන ගොවියා විසින් ඔහුගේ වානේ පයිප්ප වල වැවෙන බව මුලින්ම සොයා ගන්නා ලදී. පසුව රෙදි සෝදන යන්ත‍්‍ර වල ද වැවෙන බව සොයා ගන්නා ලදී. මී. මී. 1 පමණ වන මෙම මල මිහිරි සුවදකින් යුක්ත වේ. එමෙන්ම ඉන්දියානු මිත්‍යා කතා හා සම්බන්ධ ෙවි. ශාකවිද්‍යාඥයන්ට අනුව මෙම පුෂ්පය වසර 3000කට වරක් හට ගනී.
3. Yellow and Purple Lady Slippers (Cypripedium
calceolus)
යුරෝපයේ දී සොයා ගත් ඉතා දුර්ලභ ඕකිඞ් වර්ගයකි. මෙය ප‍්‍රචාරණය අපහසු නිසා ඉතා දුර්ලභ වේ.
4. Ghost Orchid (Epipogium aphyllum/Dendrophylax
lindenii)
දුලභ පමණක් නොව සිත් ඇදගන්නා සුලූ පුෂ්පයකි. කියුබාවේ සයිප‍්‍රස් ශාක වල වැඩෙන අතර ජුනි සහ අගෝස්තු මාස අතර මල් හට ගනී. ඒවා අවතාර ලෙස පෙනෙන නිසා මෙම නම ලැබී ඇත. මෙයට වසර 20 කට පෙර වදවූ බව විශ්වාස කල ද මෑතක දී එය නැවත සොයාගත් අතර ප‍්‍රචාරණය අපහසු නිසා එය විරල වේ.
5. Kadupul Flower (Epiphyllum Oxypetalum)
පහසුවෙන් වගා කල හැකි වුවද ඉතා කලාතුරකින් මල් හට ගැනීම මෙහි දී වැදගත් වේ. ශ‍්‍රී ලාංකික බෞධයන්ට මෙය ආධ්‍යාත්මික වටිනාකමකින් යුක්ත පුෂ්පයකි. රාත‍්‍රියේ දී පිපෙන අතර අලූයම වන විට අභිරහස් ලෙස වියලී යයි.
6. Koki’o (Kokai cookei)
මෙය තවත් දුර්ලභ පුෂ්පයකි. මෙහි ශාකය මීටර් 10 - 11 අතර වැඬේ.
7. Chocolate Cosmos (Cosmos atrosanguineus)
මෙක්සිකෝවේ දී සොයාගත් මෙම පුෂ්පය දැනට වසර 100 කට පෙර වදවී ගිය බව ඇතැමුන් ප‍්‍රකාශ කරයි. මෙම පුෂ්පය ගැඹුරු දුඹුරු පැහැයක් ගන්නා අතර විශ්කම්භය සෙ. මී. 3 - 4 පමණ වේ. මෙම මල් වර්ගය ගිම්හානයේ දී වැනිලින් සුවදක් නිකුත් කරයි. ඉතාම දුර්ලභ හා මිහිිරි සුව`ද නිසා මෙය විශේෂ වේ.
8. Parrot’s Beak (Lotus berthelotii)
කැනරි ¥පත් නිජ බිම කරගත් මෙම පුෂ්පය වනාන්තර වලින් වදවී ගොස් ඇති බව විශ්වාස කරයි. නමුත් ඇතැමුන් තවමත් මෙම පුෂ්පය වදවී ගොස් නොමැති බව ප‍්‍රකාශ කරයි.
9. The Jade Vine (Strongylodon macrobotrys)
එහි දර්ශනීය නිල් පාට, කොල හැඩැති මල් නිසා මෙය විශේෂ ෙවි. වෙනත් ඕනෑම මලක දක්නට නොලැබෙන පාට පුෂ්ප මංජරියක් වෙනුවට නිල් පැහැති පුෂ්ප මංජරියක් දක්නට ලැබේ. අද වන විට මෙම පුෂ්පය දක්නට නොහැක. පිලිපීන ස්වභාවික වාසභූමි විනාශ වීම හේතුවෙන් මෙම පුෂ්පය ද වදවී ගොස් ඇත.
10 . Campion (Silene tomentosa)
1992 දී ජිබෝල්ටාහි දී මෙම පුෂ්පය සොයා ගත හැකි විය. 1994 දී ජිබෝල්ටා කඳු නඟින්නන් විසින් සොයාගත් නිදර්ශකයක් මිලේනියම් බීජ බැංකුව තුළ වගා කර අද වන විට ඇල්මෙඩා ජිබෝල්ටා උද්භිත උද්‍යාන වල සහ ලන්ඩනයේ රාජකීය උද්‍යාන වල ද දක්නට ලැබේ.
Subscribe to:
Comments (Atom)
නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...
-
චිත‍්‍රපටයේ බිහිවීමට දෘෂ්ටියේ අඛණ්ඩතාවය ඡයාරූප ශීල්පය ඉතා පුලූල් ලෙස ව්‍යාප්තියෙන් පසු එම නිශ්චල ඡුායාරූපය චලනය කර ගැනීමේ හැක...
-
ගීත විචාරය අව්වට වැස්සට අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුර...
-
පොසොන් පෝය සුවාසු දහසක් නිර්මල වු බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලත් මේ ලක්දිව ධර්මද්වීපයකි. මෙකී ශී‍්‍ර ලංකාවට අද දිනය යනු බ...













